Tag: ආස්වාද මර උගුල

13 සංයුක්ත තැටියමූලික දේශනා

ලෝක විග්‍රහය, සතර සතිපට්ඨානය, සසර ණය

එතකොට “සියළු ලෝක සියළු සත්ත්වයෝ” කියනකොට අපි ගොඩනඟාගෙන තියෙන ඒ සියළුම ලෝක අවිද්‍යාවේ – තෘෂ්ණාවේ නිගමනයෙන් ගොඩනඟාගත්ත ඒවා. “සියළු සත්ත්වයෝ” කිවුවහම ඡන්ද රාගයෙන් ඇලි ඇලී මේකෙ ඉන්නකන් සත්ත්වයා. එහෙනම් ඡන්ද රාගයෙන් ඇලි ඇලී ඉන්න දෘෂ්ඨියත්, ඒ දෘෂ්ඨිය මත ගොඩනඟාගත්තාවූ යමක් ඇත්නම් එයත්, අපිට දුක දෙන්න හේතුවෙනවා. එතකොට ඒකෙන් මිදුනොත් තමයි සත්ත්වත්වයෙන් මිදෙන්නෙ, ලෝකයෙන් මිදෙන්නෙ.

13 සංයුක්ත තැටියඅභිධර්මය

චිත්ත බලයෙන් ශුද්ධාෂ්ඨක නිපදවීම

අවිද්‍යාවෙයි තෘෂ්ණාවෙයි ඔය ගතිලක්‍ෂණ අට මුල්කරගෙන ලෝකයක් නිෂ්පාදනය වීමේ මූලධමය මනසෙ ක්‍රියාත්මක වෙනවා. මේන්න මේක තමයි “ආපෝ තේජෝ වායෝ පඨවි වණ්න ගන්ධ රස ඕජා” කියන ශුද්ධාෂ්ඨකය හටගන්න හේතුව. ඉතින් ඒකෙන් යමක් බලාපොරොත්තු වුනානම් බලාපොරොත්තු වෙච්චි දේ නිෂ්පාදනය කරනතුරු මනසින් ඒවට ගැබ් කරපු ශක්තිය ක්‍රියාත්මක වෙනවා.

13 සංයුක්ත තැටියභාවනාමූලික දේශනා

අනිච්ඡ භාවනාව, අධිගම අන්තර්ධානය, භික්‍ෂුණී පැවිද්ද

දැන් ඔය “අනිත්‍ය භාවනාව” කියන එකයි “අනිච්ඡ භාවනාව” කියන එකයි තෝරගන්න ඕනෙ. ස්ථිර නැති අර්ථයෙන් අපි “අනිත්‍යයි” කියල භාවිතා කරනවා. එතකොට “අනිත්‍ය” කියන වචනෙයි, “අනිච්ඡ” කියන වචනෙයි අදහස් දෙක බලාගන්න ඕනෙ. දැන් මම ඒකයි කිවුවෙ භාෂාව ලියනකොට, භාෂාව අර්ථය කියනකොට පස්සෙ ගත්ත ක්‍රමය අනුව, ආර්ය අර්ථය වැහෙන්න පුලුවන් යම් තැනකදි. ඒක වැහුනද නැද්ද කියල බලාගන්නෙ නුවණින් විමසල මිසක්, අර ගෙනාපු පරම්පරානුගත ක්‍රමයෙ චාරිත්‍රය අනුව නෙමෙයි.

13 සංයුක්ත තැටියගාථා / සූත්‍ර විග්‍රහයන්

තාලපුට සූත්‍රය සහ පැන විසඳුම්

ලෝකයා රාගයට ද්වේෂයට, කැමතියි. ඒ නිසා ලෝක සත්වයා ඒකට පෙළඹෙනවා. ඒකට හේතු කාරක ලෝකෙ නිෂ්පාදනය කරල දුන්නොත්, ඒ හේතුවෙන් ඒ ලෝක සත්වයට රාගය, ද්වේෂය හටගන්නවා නම්, ලෝකයා රාගයට දමන, ද්වේෂයට දමන වැඩපිළිවෙලක් යමෙක් කරනවා නම්, ඒක ලෝකෙට අවැඩක්. කොච්චර සුන්දර විදිහට ලෝකයා පිළිගත්තත් ඒක පවක්. ඒකෙ පව වැඩිවෙන්න හේතුවක් වෙනවා “ඒක පවක් නෙමෙයි පිනක්” කියලා යම්කිසි දෘෂ්ටියක් දැම්මනම්, අන්න ඒ මිත්‍යාදෘෂ්ටිය ඊට වඩා බලවත්. ඒ නිසා ඒ මිත්‍යාදෘෂ්ටිගතයාට නිරය හෝ තිරිසන් යෝනිය යන දෙකෙන් එකක් පණවනවා…

හැබැයි එයා ඒකාන්තයෙන්ම ඒකෙන් නිරයට යනවා, තිරිසන් යෝනියට යනවා කියල කිවුවොත්, එහෙම එකක් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නෙ නෑ. නිරයට යෑමට හේතුවෙන පාපකර්මයක් ඔහු කරනවා.
අපි සිංහ හමක් පොරවගන්නවා වගේ තමයි උතුමන්ගෙ චරිතයක් රඟපාන්න අපි එතන ගියොත්. උතුමන්ගේ චරිතයක් වෙස්වළාගෙන රඟපාලා ඒ වෙනුවෙන් පෙනීසිටියොත්, තමන්ට නොගැලපෙනවා නම් ඒකෙදි දෝෂයක් එනවා.

10 සංයුක්ත තැටියඉන්ද්‍රිය භාවනාවපිලිසමුපා

කුසළ සීලය

“අවිද්‍යාවේ තෘෂ්ණාවේ යම් පහවීමක් ඇත්ද”, ඒකයි “කුසල” කියන්නෙ. එහෙනම් කුසල සීලය කියන්නෙ අවිද්‍යාවයි, තෘෂ්ණාවයි පහවෙන යම්කිසි ශික්ෂණ ක්‍රමයක් තියෙනවද, ඒ ක්‍රමය අනුගමනය කිරීමෙන් කුසල සීලය හම්බෙනවා. එහෙනම් කුසල සීලය හොයාගෙන යන්න ඕනෙ. අන්න කුසල සීලය මොකක්ද කියල බලපුවාම, අවිද්‍යාව පහවෙන, තෘෂ්ණාව පහවෙන ශික්ෂණය මොකක්ද? අන්න “කුසල සීලය”.

03 සං‍යුක්ත තැටියමූලික දේශනාසිවු අරි සස්

නිවැරදිව දුක්ඛ අරිය සත්‍යය දකිමු – 2 කොටස

“දුකට හේතුව” නිසා කොටු වෙනවා, දුකට පිරිලා බැඳගන්න සිද්ධ වෙනවා. එහෙනම් “දුක” දුක හැටියට දකින්න ඕනෙ, “දුකට හේතුව” දුකට හේතුව හැටියට දකින්න ඕනෙ. දුකට හේතුව ප්‍රිය ස්වභාවය, මධුර ස්වභාවය කියලා දැක්කෙ නැත්තම් අපිට සිද්ධ වෙන්නෙ මොකද්ද, අපි “දුක” දැකලත් නෑ, “දුකට හේතුව” දැකලත් නෑ. චතුරාර්ය සත්‍යයෙන් දෙකක් දැකලා නෑ.

වචන කියාගෙන ගිහෑකි, “යායං තණ්හා, පෝණෝභවිකා, නන්දිරාග සහගතා, තත්‍ර තත්‍රාභිනන්දනී, සෙය්‍යතීදං කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා…” කියලා “දුක්ඛ සමුදය ආර්ය සත්‍යය” තේරුවට, තේරුණාද? අන්න නොතේරෙන තැන. තෝරාගන්න නම් ඔය ක්‍රමයට දකින්න ඕනෑ, හරි ආකාරව දුකයි, දුකට හේතුවයි.

03 සං‍යුක්ත තැටියමූලික දේශනාසිවු අරි සස්

කර්මස්ථාන වැඩීමට නිවැරදි දුක්ඛ අරිය සත්‍යය දකින අයුරු

“පංච කාම සම්පත්තිය සැපයි” කියලා දකිනවා මිසක්, ඒක දුකයි කියලා දකින මාර්ගයක් තියෙනවා ආර්‍යයන්ට. හැබෑයි උඩින් මත්තෙන් බැලුවට කාටවත් හිතෙන්නේ නෑ කොහොමද පංච කාම සම්පත් දුක වෙන්නේ? එහෙම දකින්න ශක්තියක් ඉස්සෙල්ලා නෑ. අන්න, දහම් අහලා, යථාර්තය වැටහිලා තිබුණා නම්, අන්න එතෙන්දි දැනගන්නවා ඒක දුක වෙන්නෙ කොහොමද? මෙන්න මේක අපි ඉස්සෙල්ලා දැනගන්න ඕනේ. කොච්චර භාවනා කළත් නිවන් දකින්න බෑ මෙන්න මේ මූලධර්මය දැනගන්නකන්.

දුක්ඛසදහම් සාකච්චා 1සිවු අරි සස්

ඛය ධම්ම, වය ධම්ම, සත්ව මාත්‍රය තුළින් දුක්ඛ අරිය සත්‍යය දැකීම

එක බල්ලෙකුට වෙඩි තිබ්බොත්, අනිත් බල්ලො පළාතෙත් නෑ, දුවලා, මරණ බය නැද්ද? ඉතිං “භයට්ටෙන දුක්ඛා” කියන එක මරණ බය ගත්තොත් එහෙම, බල්ලාටත් චතුරාර්ය සත්‍යය කරන්න පුළුවන්නේ ඔය විදිහට කියනකොට. ඌටත් බය තේරෙනවනෙ. ඒ බය වෙන එකක්. ඒක මේ ලෝක සත්වයන්ට පිහිටපු, මොලයක් ඕන්නැහැ ඒකට මේ ප්‍රඥාවක් ඕනේ නැහැ ඕක තෝර ගන්න. කපුටෙකුට වෙඩි තිබ්බොත් පැත්ත පළාතක නැහැ අනිත් කපුටෝ එකෙක්වත්. උන්ටත් ඒකට බයයිනේ. උන්ටත් තේරෙනවනේ මරණ බය කියන එක.

02 සංයුක්ත තැටියපිලිසමුපාමූලික දේශනා

සංඛාර හැදෙන හැටි, සංඛාර වල අසාරත්වය තුළින් ධර්මය දැකීම

ගෘහය කියන්නේ සංඛාරයක් නෙමෙයි සංඛතයක්. ගෘහය ගොඩනැගුනේ සංඛාර නිසා. එනම් අනුන්ගේ ශ්‍රමය නිසා. විශාල ශ්‍රමයක් වැය කරලා ඕනේ එකින් එක ගොඩනගන්න. මෙන්න මේ “සං” කියන එකතූන් ක්‍රියාත්මක කරන්න අපි දාඩිය මුගුරු දාගෙනත් මහන්සි වෙනවා, වෙහෙස වෙනවා. මෙන්න මේ වෙහෙස වෙන ක්‍රියාදාමය “ඛාර!”

දුක්ඛසදහම් සාකච්චා 1සිවු අරි සස්

දුක් දොම්නස් දැකීම දුක්ඛ ආර්ය සත්‍යය දැකීමද?

එතකොට “දුක” කියන්නේ, ලෝක සම්මත දුක එකක්. ඒ දුක කවුරුත් දකිනවා, බෞද්ධ වෙන්න ඕනේ නෑ. එහෙනම් අපි දකින්න ඕනේ චතුරාර්ය සත්‍යයේ පෙන්වන දුක. දුක්ඛං භයට්ඨේන කියල පෙන්නනවා. එහෙනම් දුක දකිනවා කිව්වහම දුක, දුක්ඛ සත්‍යය වේද? දුක්ඛ සත්‍යය දුක්ඛ වේද?, යමකප්‍රකරණයේ ප්‍රශ්නයක් අහල විසදනවා. “දුක්ඛ දුක්ඛ වේ, දුක්ඛ සත්‍යය නොවේ. දුක්ඛ සත්‍යය, දුක්ඛ සත්‍යය වේ, දුක්ඛ නොවේ”.

02 සංයුක්ත තැටියමූලික දේශනා

මුලාව නිසා සසර හැදෙන හැටි ඉතා සරළව – 1 : බලාපොරොත්තු ඉටු නොවීම

ඇයි ලෝකේ සාරයි කියලා හිතෙන්නේ? “ලෝකේ මොනවා හරි හොඳවා තියෙනවා, අපිට ඉන්න, පවතින්න, සැනසිල්ලේ ඉන්න හරවත් දෙයක් තියෙනවා” කියන මේ නිගමනයට බහිනවා. ඔය නිගමනයට බහින්නේ මොකද, හරයක්, හරවත් දෙයක් තියෙනවා කියලා වැටහෙනවා නම්, අපිට හිතෙනවා නම්, අපි තව “විද්‍යාව” හරියට දැකලා නෑ! අනිච්චයි, දුක්ඛයි, අනත්ථයි කියන මේ ත්‍රිලක්ෂණය වැටහිලා නෑ හරියට.

තිලකුණතිලකුණ දැනගමුමූලික දේශනාවිදර්ශනාව

තථාගත දේශනාවට අනුව ම දුක්ඛ විග්‍රහය – දෙවන කොටස

දුක්ඛානුපස්සනාව කියන්නේ මොකද්ද? එතන පෙන්වපු දුක මොකද්ද? අන්න එතන විග්‍රහ කරනවා සැරියුත් මහ රහතන් වහන්සේ දුක, “අනිච්චං ඛයට්ඨේන, දුක්ඛං භයට්ඨේන” කියලා. “භය අර්ථයෙන් දුක” කියනවා. එතකොට, මොකද්ද ඒ භය අර්ථය කියලා කිවුවේ? යම් කෙනෙක් මේ ලෝක ධර්මතාවයේ ස්වභාවය මේ විදිහට අහනකොට, “අනේ, මේ ප්‍රියයි – මනාපයි – යහපතයි!” කියන කර්ම බීජය ගොඩනඟන මේ ආස්වාද මායාවට ඡන්ද රාගයෙන් බැඳුනොත්, මේ එකොලොස් ගින්නක් ගොඩ නැඟි – නැඟී අනන්ත දුක් විඳිනවා වාගේ, ඔය කාමච්ඡන්දාදී නීවරණත් ගොඩනැඟෙනවා මත් වෙලා ඒ කාමයන් ගෙන්. එතකොට, දස අකුසල් කෙරුණහම අවුරුදු කෝටි – ප්‍රකෝටි ගණන් ගෙවලා ඉවර කරන්න බැරි, සතර අපායේ උපදින්න කර්ම රැස් කරනවා. ඒ කර්ම රැස් කරගත්ත ලෝක සත්ත්වයා නිරයේ උපන්නොත්, අනන්ත ගිණි වලින් දැවෙනවා – පිච්චෙනවා අප්‍රමානව! කොයි කාලයක්, අවුරුදු කෝටි – ප්‍රකෝටි ගණන් දැවෙන්න වෙනවා, බලවත් පාප කර්ම කරගත්තොත්.

උපමාවක් අරන් බැලුවොත්, යම් කිසි මනුස්සයෙක් මාලු අල්ලන්න යනවා, මාලු අල්ලන මනුස්සයෙක්. එයා මොකද කරන්නේ? මාලු අල්ලන්න අවශ්‍යය කරන – බිලී බාන්න යනවා නම්, බිලී පිත්තක්, ඒකේ ගැට ගහන රැහැනක්, ඒකේ අග ගහන බිලී කොක්කක්….

තිලකුණතිලකුණ දැනගමුමූලික දේශනාවිදර්ශනාව

තථාගත දේශනාවට අනුව ම දුක්ඛ විග්‍රහය – පළමු කොටස

“කතමාචානන්ද සබ්බ සංඛාරේසු අනිච්ච සංඥා? ඉදානන්ද භික්ඛු සබ්බ සංඛාරේහි අට්ඨීයති, හරායති, ජිගුජ්ඡති, අයං වුච්චතානන්ද සබ්බ සංඛාරේසු අනිච්ච සංඥා” කියලා මේ ආකාරයෙන් බුදු පියාණන් වහන්සේ අනිච්ච සංඥාව විග්‍රහ කරලා දේශනා කරලා තියෙනවා. ඒ ශ්‍රී මුඛ දේශනාවට විරුද්ධ වෙනවා නම්, ඒක මහා භයානකයි! ඒ ශ්‍රී මුඛ දේශනාව…

තිලකුණතිලකුණ දැනගමුමූලික දේශනාවිදර්ශනාව

තථාගත දේශනාවට අනුව ම අනිච්ච විග්‍රහය – දෙවන කොටස

දැන් පොඩ්ඩක් හිතලා බලන්න මෙහෙම දෙයක්, ලෝකේ රූප ඕනේ තරම් තියෙනවා. හරි ලස්සන රූප තියෙනවා කියලා, ලෝක සත්ත්වයා බලනවා. බලන්නේ කොහෙන් ද? ඇහෙන්! ඇහැ හොඳට පේනවා නම් රූප බැලිය හැකියි. ඇහැ පේන්නේ නැත්තම් එහෙම, රූප පේනවා ද, කොච්චර තිබුණත්? හිතලා බලන්න. කොච්චර ලස්සන රූප තිබුණත්, අන්ධයාට මොකටද? අන්ධයාට ඇස් වලට, කොච්චර ලස්සන රූප ලෝකේ තිබුණත් අන්ධයාට වැඩක් නෑ! අන්ධයාට…