Tag: පෝඨිල හිමි

03 සං‍යුක්ත තැටියමූලික දේශනාසිවු අරි සස්

කර්මස්ථාන වැඩීමට නිවැරදි දුක්ඛ අරිය සත්‍යය දකින අයුරු

“පංච කාම සම්පත්තිය සැපයි” කියලා දකිනවා මිසක්, ඒක දුකයි කියලා දකින මාර්ගයක් තියෙනවා ආර්‍යයන්ට. හැබෑයි උඩින් මත්තෙන් බැලුවට කාටවත් හිතෙන්නේ නෑ කොහොමද පංච කාම සම්පත් දුක වෙන්නේ? එහෙම දකින්න ශක්තියක් ඉස්සෙල්ලා නෑ. අන්න, දහම් අහලා, යථාර්තය වැටහිලා තිබුණා නම්, අන්න එතෙන්දි දැනගන්නවා ඒක දුක වෙන්නෙ කොහොමද? මෙන්න මේක අපි ඉස්සෙල්ලා දැනගන්න ඕනේ. කොච්චර භාවනා කළත් නිවන් දකින්න බෑ මෙන්න මේ මූලධර්මය දැනගන්නකන්.

03 සං‍යුක්ත තැටියසූ විසි මහා ගුණ

අරිය සඟ ගුණ පූර්ණය කිරීමෙන් සෝතාපන්න වීම

“කෙළෙස් මරුන්ට” හසු නොවෙන්ට යා යුතු මාර්ගය ට “ගුණ” කියනවා. ගුණ 24 ක් තියෙනවා, ඒ ගුණ 24 තුළින් යා යුතු මාර්ගය විග්‍රහ කරලා තේරුම් ගත්තා නම්, අන්න එතන තමයි, මරුගෙ ඇස් වහලා, මාරයාට නොපෙනී, පහසුවෙන්, ලේසියෙන්, ඒ ආර්ය මාර්ගය පූර්ණය කරගන්න තිබෙන උතුම් මාර්ගය.

02 සංයුක්ත තැටියසිවු අරි සස්

සිවු අරිසස්, ආස්වාද, ආදීනව, නිස්සරණ තුළින් සප්ත විශුද්ධියට පත්වීම

ලස්සන රූපයක් දැක්කහම බලන්නැතුව ඉන්න බෑ, බලන්න ආසයි. හොඳ මිහිරි සද්දයක් ආපුහම ඒක අහන්ඩ ආසයි. ඒකේ කාමාස්වාද විඳින්න ආසයි. සුවඳක් දැක්කහම නිකං ඉන්ඩ බෑ, අරන් ඉඹලා බලන්න ආසයි. රසයක් දැක්කහම ඉන්ඩ බෑ, පහසක් මතක් වුනහම පහස විඳින්න හිතෙනවා. ඒකේ ආසාවෙන් බැඳිලා. මෙන්න මේ තත්වෙට පත්වෙලා ඉන්නවා නම්, එයාට කියනවා “කරවටක් කාම මඩේ එරිලා ඉන්න පුද්ගලයා”