Tag: භව පටිලාභය

අසිරිමත් බුදු සසුනසදහම් සාකච්චා 1

අරිහතුන් වහන්සේ පිරිනිවීම හා අන්තරා පරිනිබ්භායී අවස්ථා

දැන් උප්පත්ති පටිලාභී සංයෝජනත් ඉවරයි. භව පටිලාභී සංයෝජන ඉතුරු යන්න තියෙන භවේ යනවා අවසාන වෙනකල්. තව භවයක් හටගන්නේ උප්පත්ති තිබුනොත්නේ. නව භවයක් ඇති කරන්නේ නෑ. ඒ භවයේ අවසානයට ගියා, නමුත් අන්තිම තිත තව ඉතුරු වුනේ, අවිද්‍යා මාත්‍රය. හැබැයි ඒ අවිද්‍යා මාත්‍රයට සසර පවත්වන්න බෑ. අන්න ඒ නිසා අසංඛාර නෑ. සසංඛාර පරිනිබ්බායී වෙනවා, සංඛාර සහිතව පිරිනිවීම.

සසංඛාර පරිනිබ්බායී කියන්නේ ඒකයි. ඒ කියන්නේ ප්‍රඥාව පුර්ණම වෙලා නෑ. අරිහත් ඵලය ලබලා නෑ. ඒ යන්න විදිහක් නෑනේ ඉන් එහාට භවයේ. කොහොම යන්නද? දැන් මේ ගෙනිච්ච එකත් ඉවරයි. හැබැයි ඉවර කලාට අවිද්‍යාවේ මාත්‍රයක් තියෙනවා. හැබැයි ඒ අවිද්‍යා මාත්‍රය තිබුණත්, ගෙනාපු එක එහාට ගෙනියන්න තව ඇත්තෙත් නෑ, ඉඩ. එතකොට එහෙනම් භවය උප්පත්ති පටිලාභී වුනොත් තමයි පුනර්භවයක් එන්නේ. පුනර්භවයක් එන්න ඉඩක් නෑ, තිබුණු භවයත් ඉවරයි. දැන් අවසාන මොහොත එනකොට අවසාන මොහොතේ අවිද්‍යාව ඉවරවෙලත් නෑ. දැන් මොකද කරන්නේ? එතනින් එහාට එයාට යන්න විදිහක් නෑ, සසංඛාර පරිනිබ්බායී! සංඛාර මාත්‍රය තියෙනවා, අන්තිම චුති චිත්තයට යනකොටත්. හැබැයි පටිසන්ධියක් ගන්න තරම් චිත්තයක් හටගන්නා තරමට බලය නෑ. එහෙනම් චුති චිත්තයෙන් ඉවරයි. එත් ගමන ඉවරයි. අන්න ඒක තමයි සසංඛාර පරිනිබ්බායී.

දුක්ඛසදහම් සාකච්චා 1සිවු අරි සස්

දුක් දොම්නස් දැකීම දුක්ඛ ආර්ය සත්‍යය දැකීමද?

එතකොට “දුක” කියන්නේ, ලෝක සම්මත දුක එකක්. ඒ දුක කවුරුත් දකිනවා, බෞද්ධ වෙන්න ඕනේ නෑ. එහෙනම් අපි දකින්න ඕනේ චතුරාර්ය සත්‍යයේ පෙන්වන දුක. දුක්ඛං භයට්ඨේන කියල පෙන්නනවා. එහෙනම් දුක දකිනවා කිව්වහම දුක, දුක්ඛ සත්‍යය වේද? දුක්ඛ සත්‍යය දුක්ඛ වේද?, යමකප්‍රකරණයේ ප්‍රශ්නයක් අහල විසදනවා. “දුක්ඛ දුක්ඛ වේ, දුක්ඛ සත්‍යය නොවේ. දුක්ඛ සත්‍යය, දුක්ඛ සත්‍යය වේ, දුක්ඛ නොවේ”.