Tag: සංඛත

10 සංයුක්ත තැටියඉන්ද්‍රිය භාවනාවපිලිසමුපා

කුසළ සීලය

“අවිද්‍යාවේ තෘෂ්ණාවේ යම් පහවීමක් ඇත්ද”, ඒකයි “කුසල” කියන්නෙ. එහෙනම් කුසල සීලය කියන්නෙ අවිද්‍යාවයි, තෘෂ්ණාවයි පහවෙන යම්කිසි ශික්ෂණ ක්‍රමයක් තියෙනවද, ඒ ක්‍රමය අනුගමනය කිරීමෙන් කුසල සීලය හම්බෙනවා. එහෙනම් කුසල සීලය හොයාගෙන යන්න ඕනෙ. අන්න කුසල සීලය මොකක්ද කියල බලපුවාම, අවිද්‍යාව පහවෙන, තෘෂ්ණාව පහවෙන ශික්ෂණය මොකක්ද? අන්න “කුසල සීලය”.

03 සං‍යුක්ත තැටියමූලික දේශනාසිවු අරි සස්

කර්මස්ථාන වැඩීමට නිවැරදි දුක්ඛ අරිය සත්‍යය දකින අයුරු

“පංච කාම සම්පත්තිය සැපයි” කියලා දකිනවා මිසක්, ඒක දුකයි කියලා දකින මාර්ගයක් තියෙනවා ආර්‍යයන්ට. හැබෑයි උඩින් මත්තෙන් බැලුවට කාටවත් හිතෙන්නේ නෑ කොහොමද පංච කාම සම්පත් දුක වෙන්නේ? එහෙම දකින්න ශක්තියක් ඉස්සෙල්ලා නෑ. අන්න, දහම් අහලා, යථාර්තය වැටහිලා තිබුණා නම්, අන්න එතෙන්දි දැනගන්නවා ඒක දුක වෙන්නෙ කොහොමද? මෙන්න මේක අපි ඉස්සෙල්ලා දැනගන්න ඕනේ. කොච්චර භාවනා කළත් නිවන් දකින්න බෑ මෙන්න මේ මූලධර්මය දැනගන්නකන්.

02 සංයුක්ත තැටියපිලිසමුපාමූලික දේශනා

සංඛාර හැදෙන හැටි, සංඛාර වල අසාරත්වය තුළින් ධර්මය දැකීම

ගෘහය කියන්නේ සංඛාරයක් නෙමෙයි සංඛතයක්. ගෘහය ගොඩනැගුනේ සංඛාර නිසා. එනම් අනුන්ගේ ශ්‍රමය නිසා. විශාල ශ්‍රමයක් වැය කරලා ඕනේ එකින් එක ගොඩනගන්න. මෙන්න මේ “සං” කියන එකතූන් ක්‍රියාත්මක කරන්න අපි දාඩිය මුගුරු දාගෙනත් මහන්සි වෙනවා, වෙහෙස වෙනවා. මෙන්න මේ වෙහෙස වෙන ක්‍රියාදාමය “ඛාර!”

අනත්ථතිලකුණතිලකුණ දැනගමුමූලික දේශනාවිදර්ශනාව

තථාගත දේශනාවට අනුව ම අනත්ථ විග්‍රහය – පළමු කොටස

අනිච්චානුපස්සනාවත් දුක්ඛානුපස්සනාවත් අනත්ථානුපස්සනාවත් කියන මේ කාරණා තුනට ම අනුපස්සනා කරනවා කියන වචනයත් ඉස්සෙල්ලා තෝරාගෙන ඉන්න ඕනේ. අනුපස්සනා කරනවා කියන්නේ, අනිච්ච, දුක්ඛ, අනත්ථ, අසුබ කියන ටිකෙන් බලනවා. නිච්ච, සුඛ, අත්ථ, සුබ කියන මේ ටිකෙන් බලන්න ගියොත් එහෙම අනුපස්සනාව වෙන්නේ නෑ!