(අනිච්ච විග්‍රහය පළමු කොටස සහ දෙවන කොටස සමඟ සම්බන්ධයි)
දේශනාවට සවන් දෙන්න (අහන ගමන් කියවන්න)
තථාගත දේශනාවට අනුවම අනිච්ච විග්‍රහය - 3 කොටස
උප්පාද – වය වශයෙන් අනිච්ච දකිමු : අන්න සැරියුත් මහ රහතන් වහන්සේ අනිච්ච විග්රහ කරලා දුන්නා, එහෙනම් උන්වහන්සේ ට වැඩිය විග්රහ කරන්න සමතෙක් තව ශ්‍රාවකයෝ අතර නෑ! ඔන්න අනිච්ච මොකද්ද අහපුවාම සංස්කෘත පදය දාලා බේරෙන්න බෑ, “අනිත්‍යයි” කියලා. එහෙනම්, සැරියුත් මහ රහතන් වහන්සේ විග්රහ කරනවා, “ඛේනට්ඨෙන අනිච්චා – උප්පාද වයට්ඨේන අනිච්චා” මෙන්න, වැදගත් ම තැනක්! උප්පාද – වය දකින්න ඕනේ. ඒකට කියනවා “උදයව්‍යය ඥාණය“ කියලා. වැදගත් ම ඥාණයක්! නිවන් දකින්න අවශ්‍යය කරන වැදගත් ම ඥාණයක් තමයි අනිච්ච දකිනකොට උප්පාද – වය දකින්න ඕනේ. ඒ මොකටද? දැන් මූලික අවස්ථාව දැකලා, අනුලෝමක්‍ෂාන්තිය ලැබිලා තියෙන්නේ. අනුලෝම නුවණ ලැබිලා, නැත්නම් මාර්ග අනුගාමිකයා වෙලා, පළවෙනි ආර්යය පුද්ගලයා! සෝවාන් වෙන්න ඉස්සෙල්ලා, අෂ්ඨාර්ය පුද්ගලයින් ගෙන පළවෙනි ආර්යය පුද්ගලත්වය ට ඇවිදිල්ලා, ඔය ටික වැටහුනා නම්! දැන් මොකද්ද කරන්නේ? උප්පාද – වය දකින්න ඕනේ. “ඇති වුනා – නැති වුනා, ඇති වුනා – නැති වුනා” කියලා ඉතාම පටු දේකට දාලා තියෙනවා ඔච්චර වටිනා දහම්, උප්පාද – වය දකින හැටි කියන්න ගිහිල්ලා. උදේ ඉඳන් රෑ වෙනකන් “ඇති වුනා – නැති වුනා, ඇති වුනා – නැති වුනා” කිවුවත් යථාර්තය නම් වැටහෙන්නෙ නෑ! ඇයි? ඒ උත්තරීතර මහ රහතන් වහන්සේ, සැරියුත් මහ රහතන් වහන්සේ දේශනා කරපු ධර්මය, ඒ විදිහට විග්රහ කරපු හැටියට දැනගත්තා නම් ඒකාන්තයෙන් පුළුවන් වෙනවා උප්පාද – වය තෝරා ගන්න.
{1:38} උදයව්‍යය ඥාණයේ වැදගත්කම : එහෙනම්, කොහොමද තෝරා ගන්නේ? උපදින හැටි දකින ඥාණය පහල වෙන්න ඕනේ. උපදිච්චි ඒවාට මොකද වෙන්නේ කියලා දකින්න ඕනේ. ඒ උපදින්නා වූ අනිච්ච තොගය, අනිච්ච ගොඩ, නැත්තම් ඔය කියපු අනිච්ච වූ සියල්ල සදහට ම කෙළවර කරන්නා වූ ඥාණය පහල වෙන්න ඕනේ. වැය කරන ඥාණය. මෙන්න මේකයි කිවුවේ උප්පාද – වය ඥාණය, උදයව්‍යය ඥාණය කියලා. දැන් මේක අත්‍යාවශ්‍යය ම තැන! එකින් එකට විග්රහ කරලා බලන්න ඕනේ. එහෙනම්, මොකද්ද අවිද්‍යාව කිවුවේ? මොකද්ද තෘෂ්ණාව කිවුවේ? මොකද්ද කර්මය කිවුවේ? මොකද්ද ආහාර කිවුවේ? මොකද්ද නිෂ්පාදනය කිවුවේ? කාරණා පහක් ඕනේ මේ ලෝකේ හැදෙන්න! ඔය “සියල්ල” ගොඩනැඟෙන්න අවශ්‍යය කරන කාරණා පහක් තියෙනවා. ලෝකේ උදා කරන කාරණා පහක්. උදා කරනවා කිවුවේ? පෙර භවය උදා කරපු එක වැනසිලා ගියා, නැවතුනේ නෑ! මේ භවයෙත් එකක් උදා කරගත්තා. ඒක තමයි මේ කය. මේකේ නැවැත්වුවේ නැත්නම්, මේකෙන් නවතින්නෙත් නෑ, නැවතත් කයක් උදා කරගන්නවා. කයක් කියලා මොනවාද උදා කරගන්නේ? ඔය කියන්නා වූ පෙලෙන සියල්ල! අනන්ත පෙලි–පෙලී එන සියල්ල මයි උදා කරගන්නේ. දැන් මේ පෙලෙන එක ගැන යථාර්තය දැක්කා ට පස්සේ ඕනෙකමක් ඇති වෙනවා මේකෙන් මිදෙන්න. ඒ කියන්නේ, “අනුලෝමක්‍ෂාන්තියෙන්” නිවන දැක්කා කිවුවේ ඒකයි. “අනේ, මේ ලෝකේ පෙලෙනවා. මේක අත් හැරී ගියා නම්, නො ඇලී ගියා නම්, මිදී ගියා නම්, මේකෙන් නිදහස් වුනා නම්, පෙලෙන්නේ නෑ නේ, පෙලීම ඉවරයි!” අන්න පළවෙනි නිවන් දැකීම! අනුලෝමඥාණයෙන් නිවන් දැක්ක කෙනා, ඒ! දැන් එයාට ඕනෑකම එනවා දෙවෙනි වතාවේ, “ඉතින් කොහොමද පෙලෙන එකෙන් අයින් වෙන්නේ?” පෙලෙන එකෙන් අයින් වෙන්න නම් මේ පෙලෙන සියල්ල උපදින හැටි දකින්න ඕනේ! “දැන් මේ ඉපදිලා නේ තියෙන්නේ. ඉතින් මේක නවතින්නේ නෑ නේ, මේක මලහම යළිත් උපදිනවා නේ. මොකක් හින්දා ද උපදින්නේ? ඒක දකින්නේ නැතුව කොහොමද පෙලෙන එකෙන් නිදහස් වෙන්නේ?” ඔන්න ඔය අදහස තමන්ට ම ඥාණයට වැටහෙන්න පටන් ගන්නවා. අන්න ඒ වෙලාවට අනන්ත ගුණ ඇති, අනාවරණ ඥාණය ඇති සර්වඥතා ඥාණයෙන් ලෝකයට යථාර්තය පෙන්වා දුන්න, උපදින හැටි පෙන්වා දුන්න බුදු පියාණන් වහන්සේ දේශනා කළ දහම අහගන්න ඕනේ. දහම් පිළිසරණ ලබා ගන්න ඕනේ. “අනේ ස්වාමීනි, මේ එකොළොස් ගින්න හට ගන්න සියල්ල උපදින්නේ කොහොමද?” මේ කාරණය මෙසේ තේරුම් ගන්න ඕනේ. එතකොට මේ එකොළොස් ගින්න හටගෙන, ඒ වාගේම හට ගන්නා ආකාරය, එකොළොස් ගින්නක් දෙන සියල්ල නැවත – නැවත ඇයි පහල වෙන්නේ? ඒ පහල වෙන තාක් කල් මේ දුකෙන් මිදෙන්න බෑ, නැත්නම් මේ අනිච්චතාවයෙන් මිදෙන්න බෑ, නැත්තම් පෙලීමෙන් මිදෙන්න බෑ කියලා දකිනවා, පෙලෙන එක මහා දුකක්! මෙන්න මේ “දුක්ඛ” දැක්කා ට පස්සේ දැන් මොකද කරන්නේ? දකින්න ඕනේ ක්‍රමයක් තියෙනවා. මේ මහා දුක දැක්කාට පස්සේ, “මහා භයානකයි නේ!” කියලා දකිනවා මේ දුක. මෙන්න මේ භයානකත්වයෙන් දැකලා, මේ ආදීනව දකිනකොට එයාට ඕනෑ වෙනවා මේ දුක කොහොමද උදා වෙන්නේ කියලා බලාගන්න, නැත්නම් කොහොමද මිදෙන්නේ? දුක උදාවෙන හැටි ඉස්සෙල්ලා හොයා ගන්න ඕනේ. අන්න, අනන්ත ගුණ ඇති බුදු පියාණන් වහන්සේ මේ දුක් දෙන්නා වූ සියල්ල පහල වෙන්න ක්‍රමවේදය කියා දුන්නා. මොකද්ද පෙන්වා දුන්නේ? අන්න ඒ ක්‍රමවේදය දන්න සැරියුත් මහ රහතන් වහන්සේ විග්රහ කරලා දීලා තියෙනවා මේ සියල්ල පහල වෙන ක්‍රමවේදය. විවිධ ක්‍රම වලින් පෙන්වා දෙනවා. ඇස පහල වෙන හැටි, කන නැමැති සියල්ල පහල වෙන හැටි, නාසය මුල් කර සියල්ල පහල වෙන හැටි, දිව මුල් කර සියල්ල පහල වෙන හැටි, කය මුල් කර සියල්ල පහල වෙන හැටි, මන මුල් කරගෙන සියල්ල පහල වෙන හැටි. මේ ආකාරයෙන් සියල්ලෙන් සියල්ල පහල වෙන හැටි විග්රහ කරනවා. අන්න, පහල වෙන හැටි දැනගත්තහාම, ඒකට කියනවා “උදය ඥාණය පහල වුනා” කියලා. උදයව්‍යය ඥාණයෙන් එක ඥාණයක් තමයි උදය ඥාණය. අන්න ඒකත් දැන් ඇති කරගන්න ඕනේ. “ඛේනට්ඨේන අනිච්චා – උප්පාද වයට්ඨේන අනිච්චා” ඔන්න උප්පාද – වය දකින්න ඕනේ. අනිච්ච දැක්කා නම්, හරියට දකිනකොට, ඥාණය පහල වෙනකොට දකින හැටි. මේ නිවන් දකින්න යි මාර්ගය පාදා ගන්නේ.
{6:05} ඇස උදාවෙන්න හේතු : එතකොට, මොකද කරන්නේ? මේ ඇස කොහොමද උපදින්නේ? මේක දකින්න ඕනේ. කොහොමද ඇස් දෙකක් අපිට හම්බ වුනේ? ඉදිරියට හම්බ වෙන්නේ කොහොමද? මේ කාරණය හොඳට තෝරා ගන්න ඕනේ. පෙර භවයේ දී, අපිට තිබුණා පෙර භවයක්. අන්න ඒ පෙර භවයේදී මේ ලස්සන දේවල් බලන්න ගිහිල්ලා, ඔය ලස්සන කියන ප්‍රිය – මධුර ස්වභාවයේ දේවල් දැක්කාට පස්සේ, “අනේ මේ ලස්සන දේවල් කොච්චර ප්‍රිය ද, මධුර ද, මේවා ආස්වාද කොච්චර සුව ද!” මෙන්න මේ විදිහට ඒ පුද්ගලයා මුලාවට පත් වෙලා ආස්වාද මායාවෙන් මත් වෙනවා. ආස්වාද මායාවෙන් මත් වෙලා, බලාපොරොත්තු වෙනවා “අනේ මේ ආස්වාදය විඳගන්න මට ඇහැ කොච්චර වටිනවා ද!” මෙන්න මෙහෙම අදහසක් පෙර භවයේ දී ඇති වුනා, අද ඇස් තියෙන ඔක්කෝටම! ඒ ඇති වීම නිසා මොකද කරන්නේ? “මේ ඇහැ හරි වටිනවා නේ, මොකක් නිසා ද? මන වඩන රූප ආස්වාද විඳින්න ඇහැ කොච්චර වටිනවා ද?” ඇහැට වටිනා කමක් දුන්නා. මෙන්න මේ දුන්න වටිනාකම තමයි ඇහැ හටගත්ත අවිද්‍යාව! දැන් අවිද්‍යාවෙන් ඇහැ හටගත්තා කිවුවා ට හරියන්නේ නෑ, ඇහැ හටගන්න, ඇහැ නැමැති ඉන්ද්රිය හටගන්න හේතු වෙච්ච් අවිද්‍යාව තෝරා ගන්න ඕනේ, මොකද්ද ඒ කියලා. අන්න, ඇහෙන් වටිනා කමක් පෙර භවයේ අපි දීලා තිබුණා “ඇහැ හරි වටිනවා, මොකටද – මන වඩන රූප බලන්න ඇහැ කොච්චර වටිනවා ද? ඒ වටිනා දේ මට ඕනෑ නේ! අත්හැරලා බෑ නේ!” මෙන්න මේ අදහස ගන්නකොට ඕකට කියනවා “ඇහැ හදන අවිද්‍යාව!” ඔන්න ඇහැ හටගන්න හේතු වෙච්චි එක කාරණයක්. ඇහැ උපදින්න, උදා වෙන්න හේතු වෙච්ච එක කාරණයක්, මේ අත්බැවේ. පෙර අත්බැවේ දී අපි ඇතිකරගත්ත දෙයක් තිබුණා, ඔන්න ඔය වටිනාකම! ඔය වටිනා කම උපනිශ්‍රය කරගෙන තමයි මේ ඇහැ හටගන්න එක හේතුවක් වුනේ. අවිද්යවෙන් ඇහැ හටගන්න හේතු වෙච්චි හැටි. එතකොට, අවිද්‍යා සහගත ව වටිනා කමක් දුන්නාට පස්සේ මොකද්ද කළේ? මේ ඇහැ ගැන ඉදිරියටත් බලාපොරොත්තු තිබ්බා. “මේ ඇහැ නැතුව බෑ! දිගටම තියෙන්න ඕනේ” අන්න, ඇහැ පිළිබඳව පවත්වන බලාපොරොත්තුවක් හටගත්තා. ඒක තමයි ඇහැ හටගන්න වෙච්චි තෘෂ්ණාව! අන්න, ඇහැ රූපයක්, රූප ජාතියක්. එහෙනම්, මොකද්ද කියන්නේ? “අවිජ්ජා සමුදයා රූප සමුදයා, තණ්හා සමුදයා රූප සමුදයා” ඔන්න කාරණා දෙකක්. ඇහැ නැමැති රූපය හටගත්තේ ඕකෙන්. ඇහැ හටගන්න තිබිච්චි වටිනාකම තමයි ඇහැ පිළිබඳ අවිද්‍යාව. ඇහැ පිළිබඳ ඇති කරගත්ත බලාපොරොත්තු තමයි, ඇහැ පිළිබඳව හටගන්න තිබිච්ච තෘෂ්ණාව. දැන්, “අවිජ්ජා සමුදයා රූප සමුදයා” කියන එකෙන් ඇහැ නැමැති රූපය හටගන්න හේතු වෙච්චි අවිද්‍යාව විග්රහ කරලා ඔය විදිහට දකින්න ඕනේ. අන්න, ඇහැට වටිනාකමක් දුන්න එක තමයි ඇහැ පිළිබඳ අවිද්‍යාව! ඒ හේතුවෙන් තමයි මේ අත්බැව ට ඇහැක් හටගන්න හේතු වෙච්ච මුල හැදුනේ. ඒ ඇහැ ගැන බලාපොරොත්තු වෙච්ච බලාපොරොත්තුව තමයි ඇහැ පිළිබඳ තෘෂ්ණාව. “තණ්හා සමුදයා රූප සමුදයා” ඒ රූප කිවුවේ ඇහැ නැමැති රූපය. අන්න ඒක හටගන්න හේතු වුනා. එතකොට මොකද වෙන්නේ? මේ අවිද්‍යාවයි, තෘෂ්ණාවයි පෙර භවයේදී හටගත්ත නිසා, අපි ඒකෙන් චිත්ත වේගයක් ඇති කළා මේකේ සටහන පවත්වාගෙන එන්න. අන්න ඒ රූප සටහන, නැත්නම් මනෝ සටහනක් ඇති කරලා ඇහේ ස්වභාවය එදා ම අපි අවිද්‍යාවෙන්, තෘෂ්ණාවෙන් ඉදිරියටත් නිර්මාණය කරන්න පටන් ගත්තා. ඔන්න ඔය කර්මන්යය කිරීම නිසා, නැත්නම් ක්‍රියාත්මක වීම නිසා ඇහැක් යලි හටගන්න, චක්ඛු සටහනක් මනසින් හට ගත්තා. ඔන්න ඕකට කියනවා “කර්ම වේගය“ – ඇහැ හටගත්ත කර්ම වේගය. “කම්ම සමුදයා රූප සමුදයා“, අන්න ඊලඟ සිද්ධාන්තය. එහෙනම්, ඇහැ නැමැති රූපය හටගන්න බලපෑවා ඇහැ ගොඩනඟන කර්මය. ඔන්න ඕකෙන් හටගත්ත එකෙන් තමයි ඇහැට ඔය ටික හටගත්තේ. අපි කර්ම භවය හදලා, උප්පත්ති භවයට ආවේ ඔන්න ඔය ටිකෙන්, ඇහැ ගොඩනඟලා.
{10:38} කන ගැනත් බලමු : දැන් අපි මේක හටගන්න ඉස්සෙල්ලා අනිත් ටිකත් දාලා ආවේ නෑ! ඇහැ විතරක් අරන් පැන්නේ නෑ, තවත් ඒවා තියෙනවා ඔය වගේම අල්ලා ගත්ත ඒවා. අවිද්‍යාව හිඳිච්චි නැති නිසා කනෙන් මිහිරි ශබ්ද අහලා, ඒ මිහිරි ශබ්ද ආස්වාදයට මත් වෙලා – පෙර භවයේ දී, “අනේ, කොච්චර හොඳ ද මේ වගේ සද්ද අහ–අහා ඉන්න තියෙනවා නම්!” මේ අදහස ඇති කරගත්ත නිසා, ඒ ශබ්ද අහන්නේ මේ කන හින්දා නේ, කනට නේ, එහෙනම් කනට ආසාවක් එනවා. කන පිළිබඳ ඇදි කරගත්ත ආසාව, ප්‍රිය – මනාපය, වටිනා කමක් දුන්නා. ඒ කන හරි වටිනවා. මොකටද? මිහිරි සද්ද අහන්න කොච්චර වටිනවා ද? මෙන්න, පෙර භවයේ දී ගත්ත අවිද්‍යාව – කන පිළිබඳ අවිද්‍යාවයි ඔය කියන්නේ. අවිද්‍යාව විග්රහ කරගන්න ඕනේ ඔය විදිහට. “අවිජ්ජා පච්චයා සංඛාරා” කිවුවා ට තේරෙන්නේ නෑ, මහා සාගරය වාගේ! එහෙනම්, තෝරා ගන්න එකින් එක – කන පිළිබඳ අවිද්‍යාව, කන හැදෙන හැටි. කන හැදෙන්න හේතු වෙච්චි අවිද්‍යාවයි ඔය. එතකොට, කන ගැන බලාපොරොත්තුවක් එනවා, ඉදිරියටත්. “මේ කන මතු ත් තියෙන්න ඕනේ. මතු මතුත් ඒ කන පවතින්න ඕනේ, එතකොට මට හොඳ – හොඳ සද්ද අහන්න පුළුවන් මතුවටත්” ඔන්න අදහසක් ආවා. මේකට කියනවා, කන පිළිබඳ තෘෂ්ණාව! එතකොට මොකද වෙන්නේ? කන පිළිබඳව, කන හටගැනීමට අවශ්‍යය අවිද්යවයි, තෘෂ්ණාවයි දෙක එකතු වුනහම කර්ම සටහනක් හැදෙනවා, මොකද්ද හැදෙන්නේ? මතු කන ක සටහන. එහි තිබුණ ආස්වාද වින්ද ගතියක් අරගෙන, ඒ ගතියට අනුකූල ව, ඒ ගතියට ගැලපෙන විදිහට, ඒක අහන්න පුලුවන් විදිහට කන් සටහනක් එනවා, කර්ම ශක්තියෙන්. මෙන්න මේ විදිහට “කම්ම සමුදයා රූප සමුදයා” එතනත් ආවා, කන හැදීමේ රූපය හැදෙන්න කර්මය හැදිච්ච හැටි! දැන්, ඔන්න ඔතෙන්ට ආපුහාම දැන් අපි දෙකක් ලං කරලා ගත්තා, පෙර භවයේ දී එකින් එක ආපු හැටි.
{12:28} නාසය උදා වෙන්න හේතු : ඊට පස්සේ පෙර භවයේ දී හැදුනා නාසයක්. මේ භවයේ නාසය හදන්න හේතු වුනා පෙර භවයේ වෙච්ච දෙයක්. මොකද්ද? “අනේ, මෙහෙම සුවඳ දේවල් ආඝ්‍රහණය කරන්න තියෙනවා නම් කොච්චර හොඳද, ප්‍රිය–මනාප ද!” මෙන්න මේ ආස්වාදයට, කාම ආස්වාදයට මත් වෙලා, ඒ සඳහා නාසය කොච්චර වටිනවා ද කියලා වටිනාකමක් දුන්නා නාසයට. මෙන්න මේ නාසයට දුන්න වටිනාකම නිසා නාසයක් හටගැනීමට හේතු කාරක වන්නා වූ අවිද්‍යාව නිෂ්පාදනය වුනා. අන්න නාසය නැමති රූපය හටගන්න අවිද්‍යාව මුල් වෙච්චි හැටි. “අවිජ්ජා සමුදයා රූප සමුදයා” කියන සිද්ධාන්තය ක්‍රියාත්මක වෙච්චි හැටි. එතකොට මොකද වෙන්නේ? එහෙම නාසයක් මතු–මතුවටත් බලාපොරොත්තු වෙනවා. මතු–මතු ත් ආස්වාද විඳින්න, ගන්ධ ආස්වාද විඳින්න. අන්න ඒ බලාපොරොත්තුව තමයි නාසය හටගන්න හේතු වෙච්ච තෘෂ්ණාව, තණ්හාව. “තණ්හා සමුදයා රූප සමුදයා” කියන සිද්ධාන්තයෙන් නාසය නැමැති රූපය හටගන්න තණ්හාව ඔය විදිහට සමුදය වුනා, පෙර භවයේ. එතකොට මොකද වෙන්නේ? අවිද්‍යා – තෘෂ්ණා දෙකට අනුකූල ව මානසිකත්වය ගොඩනැඟිලා මනසින් කර්ම ශක්තියක් හටගත්තා ඒ නාසයේ සටහන හටගන්න. යම්කිසි ගතියකින්ද අර ගන්ධයට ආඝ්‍රහණය කරන්න යොමු වෙලා හිටියේ, ඒ ගතියට අනුකූල සටහන හැදිලා, නාසයේ සටහනක්, මනෝමය සටහනක් හැදිලා මනෝමය රූපයට සකස් වුනා, භවය සකස් වුනා. සකස් වෙනකොට භවයට ඔන්න ඔය කියන සටහනත් එක්කයි සම්බන්ධ වෙන්නේ. එතකොට මොකද වෙන්නේ?
{13:54} දිව උදා වීම : තවත්, ඒකේ විතරක් කාරණයක් නෙමෙයි, තවත් එකක් ඇසුරු කළා. ඒ තමයි රසය! “අනේ, හොඳ රස විඳින්න තියෙනවා නම් කොච්චර හොඳද! මෙහෙම රස ගන්න මේ දිව තියෙනවා නම් කොච්චර වටිනවාද! රසාස්වාදය විඳින්න දිව හරි වටිනවා නේ!” කියලා ජිව්හා ඉන්ද්රිය පිළිබඳව ආසාවක් හටගත්තා. ඊට හරි වටිනාකමක් දුන්නා. ඒ දුන්න වටිනාකම තමයි, දිව හටගත්ත අවිද්‍යාව. එතකොට මොකද වෙන්නේ? ඒ නිසා යලි–යලිත් ආස්වාද විඳින, රසාස්වාද විඳින බලාපොරොත්තුව ඉදිරියට තිබ්බහාම, ඒ හේතුකොට ගෙන දිව හටගන්න තෘෂ්ණාව පහල වුනා. දිව හටගන්නා අවිද්‍යාවෙන්, දිව හටගන්නා තෘෂ්ණාවෙන් දිව නැමැති ජාතිය යි හටගන්නේ. ඒක හටගැනීමට අවශ්‍යය කරන්නා වූ කර්ම බලවේගය ක්‍රියාත්මක වුනහම, දිව හටගැනීමට හේතු වෙච්ච් කර්මය ක්‍රියාත්මක වුනා. දැන් “අවිජ්ජා සමුදයා රූප සමුදයා, තණ්හා සමුදයා රූප සමුදයා, කම්ම සමුදයා රූප සමුදයා” කියන සිද්ධාන්ත තුනක් දිව හටගැනීමටත් හේතු වෙලා, කර්ම භවයට සකස් වුනා, පෙර භවයේදී.
කයේ උදා වීමත් ඔය ආකාර මයි : ඊලඟට මොකද කරන්නේ? තවත් එකක් සිද්ධ වුනා. කයෙන් ආස්වාද විඳලා, සුව පහස විඳලා, ඒ සුව පහසට හිත බැඳිලා, “අනේ, මෙහෙම සුපසාදයක්, සුඛාස්වාදයක් විඳින්න ඇත්නම් කොච්චර හොඳද! මේ කය කොච්චර වටිනවා ද ඒකට!” කියලා කය පිළිබඳ මහා වටිනාකමක් දුන්නා, සුව විඳීමට අදහස් තියලා. ඒ සුවය තමයි ඇම! ඒ නිසා තමයි කය හදා ගන්න ආසාව වුනේ, කය පවත්වන්න ආසාව වුනේ. කයට වටිනාකමක් දීම තමයි කය පිළිබඳ අවිද්‍යාව, කය හදන අවිද්‍යාව. එතකොට මොකද්ද වෙන්නේ? අන්න ඒ කය හදන අවිද්‍යාවත් එක්කලා කය ඉදිරියටත් පවත්වන බලාපොරොත්තුව එනකොට, මෙන්න මේ බලාපොරොත්තුවට කිවුවා “කය හදන තෘෂ්ණාව” අවිද්‍යාවයි, තෘෂ්ණාවයි කය හදන්න හදනකොට ම මොකද වෙන්නේ? කයේ ක්‍රියාවලියට අනුකූල ගතිය හැදුනහාම, ඒ ගතියට අනුකූල වන්නාවූ ශක්තියක් ක්‍රියාත්මක වෙනවා, කර්ම ශක්තිය වශයෙන්. හැදිලා, ඊට අනුකූල වන්නා වූ කර්ම ක්‍රියාකාරීත්වයත් සිද්ද කරලා, ගති රුවක් හදනවා. මෙන්න මේකට කියනවා “කම්ම සමුදයා රූප සමුදයා” කියන එකේ කය හදන කර්මය ඕකයි. අවිද්‍යා – තෘෂ්ණා දෙකෙන් ගොඩනැඟුනා. කය හදන එකට හටගත්ත, කය පිළිබඳ වටිනාකමක් දීමයි, කය පිළිබඳ බලාපොරොත්තුවයි කියන අවිද්‍යා–තෘෂ්ණා දෙකෙන් කය සකස් කරන්නා වූ, නිර්මාණය කරන්නා වූ මනෝ නිර්මාණයක් හටගන්න, කායික නිර්මාණය හටගන්න කර්ම වේගය හටගත්තා. “කම්ම පච්චයා රූප සමුදයා” කියන එකයි එතන සිද්ද වුනේ – “කම්ම සමුදයා රූප සමුදයා”
{16:17} මනේ උදා වීමට හේතු වෙනස් ද? : එතකොට, ඊලඟට හිතනවා “මේ ඇස, කන, දිව, නාසය, ශරීරය කියන මේවායින් ගන්න මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්ඵර්ශ කියන ඒවායේ ප්‍රිය වඩන, මන වඩන දේවල් පිළිබඳව මනසින් හිත හිතා මයි මේ භුක්තිය ලැබුවේ. මනසින් ඒවා ගැන යළි – යළි හිතනවා. යළි – යළි ආස්වාද විඳිනවා. “අනේ, මෙහෙම ආස්වාද විඳින්න හිතන්න පුළුවන් කම කොච්චර හොඳ එකක් ද! ඒ ආස්වාද ලබන මනස කොච්චර වැදගත් ද!” කියලා, මනසට තැනක් දෙනවා, වටිනාකමක් දෙනවා. මෙන්න මේක තමයි මනස පිළිබඳ අවිද්‍යාව! ඒ වාගෙම මනස ඉදිරියට පවත්වාගෙන යන බලාපොරොත්තුවක් එනවා, ඒක තමයි මනස පිළිබඳ තෘෂ්ණාව! මෙන්න මේ දෙක එනකොට, මනෝ නිර්මාණය යළි සකස් කිරීමට, මනේන්ද්‍රිය සකස් කිරීමට හේතු කාරක වන්නා වූ කර්ම ශක්තිය නිෂ්පාදනය වෙනවා. අන්න ඒක තමයි ඒකට හේතු වෙන්නා වූ කර්මය.
{17:05} තවත් හේතු එකතු වෙලා පූර්ණ කයක් ඇති වීම : මෙන්න මේ කියන, අවිද්‍යා, තෘෂ්ණා, කර්ම කියන මෙන්න මේ කාරණා මුල් වෙලා ඇස, කන, දිව, නාසය, ශරීරය, මන කියන එක හට ගැනීමේ මූල පදාර්ථය හටගත්තා, භවය වශයෙන්. මෙන්න මේ භවය හැදුනහාම මොකද වෙන්නේ? මේ භවය කෙළවර කරගත්තේ නැති නිසා ඔය අවිද්‍යාවේ නිගමනය, තෘෂ්ණාවේ නිගමනය නිසා, පුනර්භවයට ඔය ටික හේතු වුනා! අන්න ඒ පුනර්භවය, පුනර්ජාතියක් හැදෙන්න හේතු වෙලා, මොකඩ වෙන්නේ? ඔය ටිකෙන් හටගත්ත සූක්ෂම ඔය කර්මජ කය, කර්මජ වේගය, කර්ම බලවේගය, ඔක්කන්ති වෙලා, බඩකට ඇවිදිල්ලා “ආහාර සමුදයා රූප සමුදයා“ කියන සිද්ධාන්තය කරන්න පටන් ගත්තා. මොකද්ද ආහාර සමුදය? කබලිංකාර ආහාරය, නැත්නම් මේ ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, පඨවි ධාතු කියන ධාතු හතරෙන් අර හැදුව සැකැස්ම ට අනුව සටහනට අනුකූල ව, ඇහැ තියෙන තැන ඇහැ, අර රූප සටහන ගති රූපයට අනුකූලව කන තියෙන තැන කන, නාසය තියෙන තැන නාසය, දිව තියෙන තැන දිව, කය තියෙන තැන කය, ඒ ඒ ඉන්ද්‍රියන්ට සකස් වෙන ව්දිහට හැදිලා මස් – ලේ කයකින් නිර්මාණය කරන්න පටන් ගත්තා අර ආකෘතිය! නැත්නම්, මේ පෙර භවයේ තිබුණා වාගේ මස් – ලේ කයක් හදන්න, ඝනීභවන කයක් හදන්න ආකෘතිය හැදුවා. දැන් මොකද්ද මේ හදන්නේ? ඇස් ජාති, කන් ජාති, නාසයේ කියන ජාතිය, දිව නැමැති ජාතිය, කය නැමැති ජාතිය සකස් කරන්න, මන නැමැති ජාතිය සකස් කරන්න, මනේන්ද්‍රිය සකස් කරන්න ඔය ටික ක්‍රියාත්මක වෙනවා. ක්‍රියාත්මක වෙනකොට මොකද වෙන්නේ? “ආහාර සමුදයා රූප සමුදයා” – අන්න ආහාරය සමුදය වුනා. ආහාරය නිසා ඔය පහ ම හටගත්තා! මනේන්ද්‍රිය හටගැනීමට විඤ්ඤාණය ට ආහාර වුනා, මොනවාද? “සංඛාර ප්‍රත්‍යයෙන් විඤ්ඤාණ වෙනවා!” එතකොට, “නාම–රූප සමුදයා විඤ්ඤාණ සමුදයා” නාම–රූප හේතුකොට ගෙන, අර බැහැගත්ත නාම–රූප මානසිකත්වය නිසා අර කර්මජ කයත් එක්කලා සකස් වෙච්ච මානසික නාම–රූප රටාව ඊට අනුකූල වන්නා වූ වස්තු රූපයක් සකස් කරලා මේ කයත් එක්ක බැඳීලා, හසුරවන්න හේතු වෙන විදිහට මනස සකස් වුනා මේ කය ඇසුරු කරගෙන. මෙන්න මේ විදිහට සකස් වුනහම මොකද්ද සිද්ද වුනේ? කාරණා පහකින් සමුදය වෙන්න පටන් ගත්තා.
{19:08} හේතු පහක් දකින උදය ඥාණය : දැන් හැදිච්චි එකට මොකද වෙන්නේ? දැන් අවිද්‍යාව මුල් කරගෙන, තෘෂ්ණාව මුල් කරගෙන, ඒ වාගේම කර්මය මුල් කරගෙන, ඒ වාගේම ආහාර මුල් කරගෙන හතරකින් හටගත්තා ට පස්සේ ඒ ආහාරය මුල් කරගත්ත, අර පටන් ගත්ත, ලාවට හටගත්ත කායික නිර්මාණය මෝරන්න පටන් ගත්තා. ඕකට කියනවා “නිබ්බත්ති” හෙවත් නිෂ්පාදනය! නිෂ්පාදනය පූර්ණ වෙලා ආපුහාම ඝනීභවන කය හටගන්නකන් පූර්ණ වුනා. අන්න එතකොට කියනවා “නිබ්බන්ති සමුදයා රූප සමුදයා“ අර රූපය නිෂ්පාදනය වෙලා පූර්ණය වෙන්න ඒ කාරණයත් ඉෂ්ඨ වුනා. මෙන්න මේ එතකොට කාරණා පහකින් තමයි, ඇස, කන, දිව, නාසය, ශරීරය කියලා ඉන්ද්රිය පහක් මනසත් එක්කලා මේ භවය හටගත්තේ. මෙන්න ආරම්භය, ඔන්න හටගත්ත හැටි! දැන් දකිනවා, උදය ඥාණය පහල වෙනවා ඔය ටික දකිනකොට! මොකද්ද? මේ රූපය උදා වුනේ මෙහෙමයි, නාමය උදා වුනේ මෙහෙමයි. මෙන්න නාම–රූප පරිච්ඡේදයක්. උදා වෙච්චි හැටි දකිනවා, ගතියට අනුකූලව තෘෂ්ණාවෙන්, අවිද්‍යාවෙන් යුක්තව මේ එක එක ඉන්ද්රිය හටගත්තේ ඔන්න ඔය විදිහටයි. මෙන්න මේක දැක්කහාම කියනවා, රූපයක්, නැත්තම් මොකද්ද උදා වුනේ? අර කියන්නා වූ “පෙලෙන දේ” උදා වුනේ! “මහා පෙලීම් පොදියක්, අනිච්ච පොදියක් උදා වුනා ආයි සැරයක්. ඒ තමයි මේ තියෙන අනිච්ච පොදිය. මේක ඒකාන්තයෙන් දුක් ගොඩ! දැන් මොකද කරන්නේ? මෙතන ඉඳලා මතුවටත් ඔය ටික ම කළොත් එහෙම අර පංච කාමය නැමැති ඇම ට ගෝචර වෙලා, ඒ කියන්නේ වස්තූන්ට බැඳිලා, ඇම ගිලලා, පටන් ගත්තොත් මොකද වෙන්නේ? ආයි සැරයක් මතු භවය වලක්වන්න බෑ, මේ අනිච්ච ගොඩ ආයි සැරයක් හටගන්නවා!” මෙන්න අනිච්ච දකින ඥාණය! මේකට කියනවා, මේ ඥාණයට “උදය ඥාණය“
{20:48} අවිද්‍යාව හේතුවක් නම්, හේතුව නිරෝධ කරන්නේ කොහොමද? : දැන් මොකද කරන්නේ? දැන් මේක වැය කරගන්න තියෙන ක්‍රමයක් තියෙනවා නම්, අන්න ඒකයි අත්‍යාවශ්‍යය ම දේ! මෙන්න මේක තමයි උපරිම නිවන් දකින්න අවශ්‍යය වෙන ස්ථාන මොහොත! ඒ කියන්නේ ඵලය ලබන්න හේතු වෙන මොහොතයි දැන් කියන්නේ. මොකද වෙන්නේ? දැන් දකින්න ඕනේ, නිරෝධ කරගන්න ඕනේ මොකද්ද? එහෙනම්, කවුරුවත් මේ රූපය හැදුවෙ නෑ! අපේ මුලාව නිසා, අපේ අවිද්‍යාව නිසා, අපේ තෘෂ්ණාව නිසා, ගොඩනඟපු තෘෂ්ණාව නිසාම මේ මම කියන එකෙක් ආයිත් සැරයක් හැදෙන්න හේතු වුනා. මෙන්න හේතු වෙච්චි හැටි. එහෙනම් මොකද්ද කරන්න තියෙන්නේ? “හේතුං පටිච්ච සම්භූතං – තේතු භංගා නිරුජ්ජති!” හේතු – ප්‍රත්‍යයෙනුයි මේ පහල වෙන්නේ. ඒ හේතුව භංග කළා නම් ඉවරයි! අන්න “භංග ඥාණය“ දකින්න ඕනේ. එහෙනම්, උදයව්‍යය ඥාණයේ භංග ඥාණය! භංග ඥාණයත් පහල වෙන්න ඕනේ දැන් ඔය ඔතෙනදී. මොකද්ද? භංග කරන්නෙ කොහොමද? මේ හටගන්න එක සදහට ම නතර කරන ක්‍රමය දකින්න නම් මොකද්ද කරන්න ඕනේ? අවිද්‍යාව කවුරුවත් හදලා දුන්නා නෙමෙයි, වටිනාකම දුන්නේ තමන් ම මුලාවට වෙලා. එහෙනම්, දැන් මුලාව මුලාව හැටියට දැක්කා නම්, නැවත වටිනාකමක් දෙන්න බලාපොරොත්තු වෙන්නේ නෑ! යම් විදිහකින් දැකපු තරමට මේ වටිනාකම අඩු වෙනවා. වටිනාකම අඩු වෙච්චි තරමට මොකද කරන්නේ? අවිද්‍යා නිරෝධ වෙනවා – අවිද්‍යාව උදා වෙන්නේ නැතුව යනවා, නිරෝධ වෙනවා. එහෙනම් මොකද වෙන්නේ? “අවිජ්ජා නිරෝධා රූප නිරෝධා“ ඔන්න, ඇහැ පිළිබඳ වටිනාකම අත්හැරියා නම්, කන පිළිබඳ වටිනාකම අත්හැරියා නම්, නාසය පිළිබඳ පවත්වන වටිනාකම අත්හැරියා නම්, දිව පිළිබඳව පවත්වන්න තියෙන වටිනාකම අත්හැරියා නම්, දීපු වටිනාකම අතහැරියා නම්, කයට දීලා තිබිච්චි වටිනාකම අත්හැරියා නම්, මනසට දීලා තිබිච්චි වටිනාකම අතහැරියා නම්, යම් තරමට අත්හැරියා ද, ඒ තරමට අවිද්‍යාව නිරෝධ වෙනවා. එහෙනම් මොකද වෙන්නේ, “අවිද්‍යා නිරෝධා රූප නිරෝධා” මෙන්න සිද්ධ වෙන දෙයක්! ඇස පිළිබඳ අවිද්‍යාව නිරෝධ කළොත්, කන පිළිබඳ අවිද්‍යාව නිරෝධ කළොත්, ඇස – කන මේ ආදී වශයෙන් ඉන්ද්රිය හයට ම තියෙන අවිද්යව නිරෝධ කළොත්, ඉන්ද්රිය හය හටගන්නට තිබෙන්නා වූ අවිද්‍යාව නිරෝධ වෙනවා. මෙන්න ඉන්ද්රිය හය නවත්වන ක්‍රමය!
{22:58} තණ්හාවත් නිරෝධ වෙනකොට පටිච්ච සමුප්පන්නව ම නිරෝධය පූර්ණ වෙනවා : එතකොට මොකද්ද කරන්නේ ඊලඟට? ඉන්ද්රිය හය මතුවට බලාපොරොත්තු වෙනවා නම්, ඒක තමයි ඉන්ද්රිය හයෙහි පිහිටි තෘෂ්ණාව. අන්න ඒකත් නිරෝධ කරලා දැම්මා නම්, ඒකත් අපිම කරපු මොට්ට කමක්, මෝඩ කමක්. මේ පෙලෙන ඒවා පිළිබඳ බලාපොරොත්තු වෙච්චි එක ඉදිරියට පවත්වන්න, පෙලෙන ඒවායේ පෙලෙන ස්වභාවය යළි–යළි දකින්න–දකින්න “මතුවට නම් මට එපා, මට නම් ඕනේ නෑ! මට ඕවා පවත්වන්න බලාපොරොත්තුවක් ඇත්තේ ම නෑ මයි!” කියලා ඔය අදහස එන්න පටන් ගන්නවා. ආවාට, ඕකට කියනවා “තෘෂ්ණාව නිරෝධ වෙනවා“. ඔන්න තෘෂ්ණාව නිරෝධ වුනොත් මොකද වෙන්නේ? “තණ්හා නිරෝධා රූප නිරෝධා” ඔය රූපය නිරෝධ වෙන්න හේතු වෙනවා – තණ්හා නිරෝධෝ. එතකොට මොකද වෙන්නේ? අවිද්‍යා නිරෝධ නම්, තෘෂ්ණා නිරෝධ නම්, නැවත වාරයක් කර්ම බලවේගය ක්‍රියාත්මක වෙන්නේ නෑ මේවා නිර්මාණය කරන්න. මනෝ නිර්මාණ හටගන්නේ නෑ මේ කය පිළිබඳව, ඉන්ද්‍රියන් ගොඩනඟන්න. එතකොට, කර්මය කෙරෙන්නා වූ ගතිය නැති වෙලා යනකොට මොකද වෙන්නේ? භවයෙන් නිරෝධ වෙන්න පටන් ගන්නවා. මෙලොව භව නිරෝධ වෙන්න පටන් ගන්නවා, කර්ම භව නිරෝධ වෙනකොට, කර්ම ශක්තිය නැවතත් කයක් හදන සටහන හදන්නේ නැතුව යනවා. ඔන්න ඕක තමයි සිද්ධ වෙන්නේ කර්ම නිරෝධ කරනකොට. එහෙනම් මොකද වෙන්නේ? මෙතනින් මළා ට පස්සේ භවය නිරෝධ නම්, භව නිරෝධය නිවනයි! ආයි සැරයක් මතුවට යන්න එකක් ඉතුරු කරන්නේ නෑ! එහෙනම්, උප්පත්තියන්ට හේතු වෙන්න, බඩකට ඔක්කන්ති වෙන්න හේතු වෙන්නා වූ ශක්තිය නැති වෙලා යනවා. එහෙනම්, ආහාර නිරෝධ වෙනවා කියන්නේ, ආහාරය ගියොත් තමයි හැදෙන්නේ. එහෙනම් ආහාරයට සම්බන්ධ වෙන්න කර්මයෙන් හටගත්ත කර්මජ කයක් නැතුව යනවා. එහෙනම් මොකද වෙන්නේ? ආහාරය නැති නිසා මස්–ලේ කයක් නැවත නිෂ්පාදනය කරන්නේත් නෑ, ඝනීභවන කයක් – සිවුම් වේවා, ඝන වේවා, නැවත නිෂ්පාදනය කරන්නේ නැත්නම්, ආයිත් මතුවට ඇසක් – කනක් – නාසයක් – දිවක් – ශරීරයක් නිෂ්පාදනය කරන්නේ නැතුව යනවා. නාම–රූප නිරෝධ වෙලා යනවා, මනස ගැන බලාපොරොත්තු නැති වෙනකොට නාම–රූප නිරෝධ නම්, විඤ්ඤාණ නිරෝධ වෙනකොට පටිසන්ධි විඤ්ඤාණයට හේතු නැතුව යනවා. එහෙනම්, නැවත වරක් ඇසක් – කනක් – නාසයක් – දිවක් – ශරීරයක් – මනක් නිෂ්පාදනය කරන්න හේතු නැතුව ගිහාම, එහෙනම් නැති වුනේ මොකද්ද? පෙලෙන හය නැති වුනා, පෙලෙන ලෝකය නැති වුනා!
{24:58} ඉන්ද්රිය නැත්නම් පෙලීමකුත් නැහැ : ඔය හය නැති වුනොත්, අනික්වා පිළිබඳ නැති වෙන එක ඒකාන්තයි! මොකක් නිසාද? ඇහැ නැත්නම් රූප හටගන්න විදිහක් නෑ, සම්බන්ධ වෙන්න විදිහක් නෑ. එහෙනම්, චක්ඛු විඤ්ඤාණ හටගන්න විදිහක් නෑ, ඔය විදිහ එක්ක බලනකොට මොකද වෙන්නේ? ඇස – කන – දිව – නාසය – ශරීරය – මන යම් තැනක හට නොගත්තා නම්, රූප – ශබ්ද – ගන්ධ – රස – ස්ඵර්ශ – ධම්ම ගෝචර වෙන්න තැනක් නැතුව යනවා. චක්ඛු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ඝාන විඤ්ඤාණ, ජිව්හා විඤ්ඤාණ, කාය විඤ්ඤාණ, මනෝ විඤ්ඤාණ පහල වෙන්න තැනක් නැතුව යනවා. චක්ඛු සම්ඵස්ස, සෝත සම්ඵස්ස, ඝාන සම්ඵස්ස, ජිව්හා සම්ඵස්ස, කාය සම්ඵස්ස, මනෝ සම්ඵස්ස පිහිටන්න තැනක් නැතුව යනවා. චක්ඛු සම්ඵස්සජා වේදනා, සෝත සම්ඵස්සජා වේදනා, ඝාන සම්ඵස්සජා වේදනා, ජිව්හා සම්ඵස්සජා වේදනා, කාය සම්ඵස්සජා වේදනා, මනෝ සම්ඵස්සජා වේදනා කියන මේ වේදනාවෝ නිරෝධ වෙනවා, පහල වෙන්න තැනක් නැතුව යනවා. එහෙනම් මොකද වෙන්නේ? සත්ත්වයා කෙළවරයි! මෙන්න අරිහත්වයෙන් කෙළවර කරන තැන. සම්පූර්ණ වුනොත් එතෙන්ට යනවා. එක–එක මට්ටමට, පුරුදු වෙච්ච තරමට, ඒ ඒ ඵලය පූර්ණ වෙච්ච තරමට ඔන්න ඔය ආකාරයෙන් නිරෝධය ස්ඵර්ශ කරලා, යථාර්ථය දැනගෙන, යථාර්ථයෙන් ම සියළු දුකෙන් නිදහස් වෙන්න හැකියාව ලැබෙනවා, අනිච්ච හරියට තෝරාගෙන, ඔය කියන උදයව්‍යය ඥාණයෙන් තෝරා ගත්තහම. ඔන්න ඕකෙන් දැනගන්නවා “මේක තමයි මේ දුක්ඛස්කන්ධය, නැත්නම් මේ කියන්නා වූ අනිච්ච ගොඩ, අනිච්ච ලෝකය, සියල්ල අනිච්චයි කියපු ටික අත්හැරලා දාන්නේ මෙන්න මෙහෙමයි, නැවත හට නොගන්න හදන්නේ මෙහෙමයි!” කියලා. ඕක තමයි වැය ඥාණය!
{26:21} අනිච්ච දැක්කා නම් නිවන් දැකිය හැකියි : ඔය උදය ඥාණයයි, වැය ඥාණයයි ආපුහම, උදයව්‍යය ඥාණයට කියනවා “අනිච්ච පූර්ණය කරගත්තා!” ඔන්න ඔය ටික දැනගත්තා නම්, අනිච්ච දැකලා නිවන් දකින්නේ ඔහොමයි. දැන් තේරුම් ගන්න ඕනේ ඔය ආකාරයෙන් අනිච්ච දැකලා නිවන් දකින හැටි. තවත් අවස්ථාවක දී දුක්ඛ දැකලා නිවන් දකින හැටිත්, අනත්ථ දැකලා නිවන් දකින හැටිත් නැවත අවස්ථාවකදී විග්රහ කරලා දෙනවා. ඒ ඔක්කෝම එකට ගත්තොත් පැටලෙන්න පුළුවන්. ඒ නිසා, අද ඔය කිවුව ටික හොඳට තෝරා ගන්න. අනිත්‍යයි – අනිත්‍යයි කිය කියා, කෙටි වචනයකට රැවටිලා ඉන්නේ නැතුව, ඔය විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ආකාරයෙන්, “කතමාචානන්ද සබ්බ සංඛාරේසු අනිච්ච සංඥා, ඉධානන්ද භික්ඛු සබ්බ සංඛාරේහි අට්ඨීයති, හරායති, ජිගුජ්ඡති – අයං වුච්චතානන්ද සබ්බ සංඛාරේසු අනිච්ච සංඥා” කිවුව බුද්ධ දේශනාව අනුව හිතා ගන්න, මේ පෙලෙන දේවල් ලැජ්ජා විය යුතුයි – හරායති! ජිගුජ්ඡති – මල, මුත්‍රා සේ පිළිකුල් කළ යුතුයි, මේවා පිලිගන්න නම් එපා! මෙන්න මේක තේරුම් ගත්ත දාට, අනිච්ච වැටහුණහම, ඔය කියන දහම වැටහෙයි. එදාට ඕක තේරුම් ගන්න. ඒ නිසා නිතරම අනිච්ච බලන්න, ආදීනව බලන්න. ඔය විදිහට තේරුම් ගන්න, තේරුම් අරගෙන අනිච්ච සිහි කරන්නේ ඔහොමයි. ඉතින්, “රූපං අනිච්චං, වේදනා අනිච්චා, සංඥා අනිච්චා, සංඛාර අනිච්චා, විඤ්ඤාණං අනිච්චංතී” කියලා උදේ ඉඳන් රෑ වෙනකන් කිවුවත් තේරෙන්නේ නෑ, ඔය ක්‍රමයට විග්රහ කරලා හිතන්න පුරුදු වෙන්න. මෙන්න මෙහෙම තේරුම් ගත්තහාම අද–අද ම නිවන් දකින්න පුළුවන්, මේ දහම මේ වෙලාවේ වැටහුණා නම්, මේ වෙලාවෙත් ඔය කියන සෝතාපන්න ඵලය ලබන්න ඔය පිංවතුන්ට හේතු වාසනා තියෙනවා! ඒ නිසා හොඳින් තේරුම් අරගෙන, යළි–යළි මේ දහම අහන්න, අහලා තේරුම් ගන්න. විකෘති අදහස් ගන්නේ නැතුව, බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආකාරයෙන් අර්ථය අරගෙන, අනිච්ච තෝරාගෙන, ඊට අනුකූලව යථාර්තය දැකලා, උතුම් නිවන් සාක්ෂාත් කරගන්න සෑම සියළු දෙනාට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයයි, නිවන් සාක්ෂාත් කරගන්න සියළු සංසාර දුක් දුරු කරන්න හේතු – වාසනා වේවා! කියා ආශිර්වාද කරනවා. සෑම සියළු දෙනාට යහපතක් වේවා!
~ අතිපූජ්‍ය වහරක අභයරතනාලංකාර හිමිපාණන් වහන්සේ ~
උපුටා ගැනීම : https://waharaka.com/listen/Thilakuna-Denagamu-03
මීලඟට දුක්ඛ විග්‍රහය – පළමු කොටස