මුලාව නිසා සසර හැදෙන හැටි ඉතා සරළව – 1 : බලාපොරොත්තු ඉටු නොවීම

මුලාව නිසා සසර හැදෙන හැටි
02 සංයුක්ත තැටියමූලික දේශනා

දේශනාවට සවන් දෙන්න (අහන ගමන් කියවන්න)

මුලාව නිසා සසර හැදෙන හැටි ඉතා සරළව 1 : බලාපොරොත්තු ඉටු නොවීම

 

 

{00:00} : හැඳින්වීම 

ප්‍රශ්නය: රාග දෝස මෝහ නිවන වසන අයුරු විස්තර කරන්න :

     අද අපිට යොමුවෙලා තියෙන ප්‍රශ්න කීපයක් තියෙනවා. රාග, ද්වේෂ, මෝහ විස්තර කරන්න, නිවන වසන අයුරු. පළවෙනි ප්‍රශ්නය. රාග, ද්වේෂ, මෝහ විස්තර කරන්න.

 

රාග, ද්වේෂ, මෝහ තමයි පංච නීවරණ, දස අකුසල් කියන්නෙත්… :

    රාග, ද්වේෂ මෝහ වශයෙන් අපි ගන්නකොට, අපි මෙන්න මේටික දැනගන්න ඕනේ. රාගය, ද්වේෂය, මෝහය කියන වචනයෙන්ම අපි පෙන්වපු දෙයක් තියෙනවා, මේවාට කියනවා පාප මූල. යම්කිසි ආකාරයක පාප මූලයක් ඇතිවෙනවා නම්, රාග, ද්වේෂ, මෝහ කියන ටිකම තමයි පාප මුල්! දස අකුසලයට මූලය කිවුවත් ඒකයි. දස අකුසල් ම රාග, ද්වේෂ, මෝහ නිසා හටගන්නවා. එතකොට, දස අකුසල් කියන එක තව විදිහකින් කියනවා නම් පංච නීවරණ කියනවා. පංච නීවරණ යම් තැනක ඇත්ද රාග, ද්වේෂ, මෝහ එතන. පංච නීවරණ, රාග, ද්වේෂ, මෝහ කිවුවත්, ඔය දෙකෙන්ම සිද්ධ වෙන්නේ එකම. එතකොට දස අකුසලයත් එතන. යම් තැනක රාග, ද්වේෂ, මෝහ නැද්ද පංච නීවරණත් නෑ, දස අකුසලුත් නෑ.

 

රාග, ද්වේෂ, මෝහයන්ට මුල තමයි අවිද්‍යාව, මොකද්ද අවිද්‍යාව කියන්නේ? :

    එහෙනම් අපිට අවශ්‍යයකම තියෙන්නේ මෙන්න මේ කාරණා ටික නිවන වසන ආකාරය හොයාගන්න, කියන එකයි මේ කියන්නේ. ඉතින් රාග, ද්වේෂ, මෝහ හටගැනීමට හේතුවක් තියෙනවා නම්, ඒකට මුල අවිද්‍යාව! ඇත්ත පේන්නේ නැතිකම. ඉතින් ඇත්ත මොකද්ද, නැත්ත මොකද්ද කියන කාරණය තමයි අපි විග්‍රහ කරලා දැනගන්න ඕනේ. රාගයයි, ද්වේෂයයි, මෝහයයි හටගැනීමට මූලික හේතුව තියෙන්නේ ලෝකය සාරවත්කියන්නාවූ නිගමනයට බහිනවා.සංකියන එකතුව සාරයි කියන නිගමනය!

 

    ඇයි ලෝකේ සාරයි කියලා හිතෙන්නේ? “ලෝකේ මොනවා හරි හොඳවා තියෙනවා, අපිට ඉන්න, පවතින්න, සැනසිල්ලේ ඉන්න හරවත් දෙයක් තියෙනවාකියන මේ නිගමනයට බහිනවා. ඔය නිගමනයට බහින්නේ මොකද, හරයක්, හරවත් දෙයක් තියෙනවා කියලා වැටහෙනවා නම්, අපිට හිතෙනවා නම්, අපි තව විද්‍යාවහරියට දැකලා නෑ! අනිච්චයි, දුක්ඛයි, අනත්ථයි කියන මේ ත්‍රිලක්ෂණය වැටහිලා නෑ හරියට. අනිච්චයි, දුක්ඛයි, අනත්ථයි කියන මේ ත්‍රිලක්ෂණය වැටහුණා නම්, රාගයෙන් අපිට අල්ලාගන්න, ද්වේෂයෙන් දැවි දැවී, ගැටි ගැටී ඒවා තරඟ කරන්න, මුලාවට පත්වෙලා මේ ලෝකෙම හොඳද නරකද කියලා තේරුම් ගන්න බැරුව මේ ලෝකෙම ඇඟිලි ගහගා ඉන්න තියෙන බලාපොරොත්තුව හිතෙන් අහක් කරන්න මුල යෙදිලා නෑ!

 

    මුල යෙදෙන්න නම් ඒවායේ, ලෝකයේ මේ රාගය හටගන්නේ, ද්වේෂය හටගන්නේ, මෝහය හටගන්නේ මොනවා මුල් කරගෙනද? කුමක් තියෙන නිසාද රාගය හටගන්නේ? කුමක් ඇසුරු කරන නිසාද රාගය හටගන්නේ? කුමන ආකාරයෙන් ඇසුරු කරන නිසාද? මේක දකින්න ඕනේ.

 

පංචස්කන්ධය සාරයි කියලා ගත් මුලාව හරියට පරීක්ෂා කර බලන්න :

    රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ කියන මේ කාරණා 5න් පෙන්වූ කොටසක් තියෙනවා. මුලු ලෝකෙම අහුවෙලා ඕකට. දුර වේවා, ලඟ වේවා, පෙනෙන වේවා, නොපෙනෙන වේවා, සියුම් වේවා, ඝන වේවා, හීන වේවා, ප්‍රණීත වේවා, අතීත වේවා, අනාගත වේවා, වර්තමාන වේවා රූපයැයි යමක් යම් තැනක වීද, යම් තැනක වෙයිද, මතු යම් තැනක වන්නේද, මෙන්න මේ කියන්නාවූ සියල්ලම එකතු කරලා ගත්තහම මේකට කියනවා, ඒ සියල්ලම රූපස්කන්ධය ට වැටෙනවා.

 

    එතකොට මෙන්න මේ වගේම දුර වේවා, ලඟ වේවා, පෙනෙන වේවා, නොපෙනෙන වේවා, සියුම් වේවා, ඝන වේවා, හීන වේවා, ප්‍රණීත වේවා, අතීත වේවා, අනාගත වේවා, වර්තමාන වේවා එබඳුම වේදනාවයි, සංඥාවයි, සංඛාරයයි, විඤ්ඤාණයයි යන යමක් යම් තැනක වේද, යම් තැනක වීද, මතු යම් තැනක වෙයිද, දැන් යම් තැනක වෙනවාද, මෙන්න මේ කියන්නාවූ ඒවාට, මං මේ පංචස්කන්ධය කියලා කිවුව කොටස. ඕකට, අන්න ඒ කොටස වටිනවා යි කියලා හිතෙනවා නම් කොතැන හරි, අපිට ඉන්න සුදුසුයි කියලා හිතෙනවා නම්, තැන්පත් වුනොත් අපිට හරයක් ඇතිවෙනවායි කියලා අපිට නිගමනයක් තියෙනවා නම්, මෙන්න මේ නිගමනය හරිද කියලා ධර්මානුකූලව දකින්න ඕනේ. අපි කරලා තියෙන නිගමනය හරිද? හේතු තියෙනවාද එහෙම නිගමනයට බැහැලා ඉන්න? මෙන්න මේටික අපි ඉස්සෙල්ලා විමර්ශනය කරලා, හොයලා බලන්න ඕනේ.

 

මුලාව ගැන හරියට දැනගන්න අපිට තනියම බැහැ! :

    අපිට හිතෙනවා නම් කොතනින් හරි මේකක් හොඳයි කියලා, අපි ඒකේ ඇත්ත දැකලා නෑ! ඇති ආකාරය දැකලා නෑ! ඒ නිසාම අපිට හිතෙනවා ඒවා හොඳයි කියලා, ඒවා සාරයි කියලා. ඔන්න ඕවා සාරයි කියලා අපිට යම් තරමක් දරුවෝ හිතෙනවා නම්, සාරයි කියලා හිතෙන්නේ ඒකේ ඇත්ත දැක්කේ නැති නිසා. ඒකේ ඇති ආකාරය දැක්කේ නැති නිසා. අන්න, ඇත්ත ඇති ආකාරයෙන් දැකගැනීමට තමයි, ඉස්සෙල්ලාම මේක තනියෙන් කරන්න බෑ! මේක තනියෙන් අපිට විමර්ශනය කරන්න මේක මනසට ගෝචර වෙන්නේ නෑ! ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මූල ධර්ම දේශනාව තේරුම් ගන්න ඕනේ. අපිට සාරයි කියලා හිතෙනවා නම්, මේ රූපස්කන්ධය, වේදනා ස්කන්ධය, සංඥා ස්කන්ධ, සංඛාර ස්කන්ධ, විඤ්ඤාණ ස්කන්ධ කියන ටික තමයි අපි ඔය විදිහට ඕකට අහුවෙන හරිය කිවුවේ.

 

මුලාවෙන් මිදෙන්න පළමුවෙනි පරීක්ෂණය මොකක්ද? :

    දුර වේවා, ලඟ වේවා, පෙනෙන වේවා, නොපෙනෙන වේවා, සියුම් වේවා, ඝන වේවා, හීන වේවා, ප්‍රණීත වේවා, අතීත වේවා, අනාගත වේවා, වර්තමාන වේවා රූපස්කන්ධයයි, වේදනා ස්කන්ධයයි, සංඥා ස්කන්ධයයි, සංඛාර ස්කන්ධයයි, විඤ්ඤාණ ස්කන්ධයයි කියන මෙන්න මේ පංචස්කන්ධයට අයිති දෙයක් යම් තැනක වී නම්, ඒ කියන්නේ අතීතයේ වුනා නම්, නැත්තම් යම් තැනක වෙනවා නම්, මතු යම් තැනක වෙයි නම්, ඒවා හරවත් ද? ඒවායේ ගන්න වැදගත් කමක් තියෙනවාද? නැද්ද? ඔන්න ඔය පළවෙනි පර්යේෂණය කරන්න ඕනේ! ඔන්න ඔය පළවෙනි පරියේෂණය කරලා, තීරණය ආවේ නැත්නම් ඒ තාක් කල් අපිට එයින් එහා බුදු බණක් ගැන කතා කරන්න දෙයක් නෑ! බුදු දහම ගැන කතා කරන්න තියෙන්නේ, ඔය ටික තේරුම් අරගෙන තීරණයට බැහැපු කෙනාටයි, ඊලඟට කරන්න ඕනේ එක තියෙන්නේ. ඉතින් ඔය ටික තේරුම් ගත්තේ නැත්නම් ඒ තාක්කල් අපිට රාගය අහක් කරන්නත් බෑ, ද්වේෂ අහක් කරන්නත් බෑ, මෝහ අහක් කරන්නත් බෑ! මොන විදිහේ ප්‍රතිපත්ති මාලාවල් කරන්න ගියාට, ඒ හරියන්නෙත් නෑ! එහෙනම්, මූලධර්මය තේරුම් අරගෙනම ඉන්න ඕනේ.

 

    එහෙනම්, “ලෝකයකියන එක තේරුම් අරන් ඉන්න ඕනේ. ලෝකේ යථාර්තය මොකද්ද? ලෝකේ ස්වභාවය මොකද්ද? ලෝකයට පිහිටි ස්වභාවික ලක්ෂණය මොකද්ද? දැන් මෙන්න මේක තමයි අපි තෝරාගෙන ඉන්න ඕනේ. ඕක තෝරා ගත්තේ නැත්නම් අපිට මොන විදිහෙන් වත් බෑ රාග, ද්වේෂ, මෝහ දුරු කිරීමේ වැඩපිළිවෙලට බහින්න. මොන ජාතියේ භාවනා කළත්, මොන විදිහේ පූජා කළත්, මොන ජාතියක් වෙනින් කරන්න ගියත්, අපිට බුදු දහම අහුවෙලා නෑ! බුදු දහම පස්සෙන් තව පන්නනවා විතරයි! පන්නනවා පන්නනවා, අහු වෙන්නේ නෑ! එහෙනම් අහු වුන දවසට ඔය දේ ට පිළිතුරක් එනවා. ඕකේ යථාර්තය දකිනවා. ඔන්න ඔය යථාර්තය දැක්ක දවසට තමයි අපිට බුදු දහමට බැහැගැනීමේ පළවෙනි අවස්ථාව ලැබෙන්නේ.

 

ශ්‍රද්ධාව බීජයයි, පටන් ගත යුත්තේ එතැනින්… :

    දැන් අපි මෙහෙම හිතමුකෝ, අපි දැන් ඕක නිකන් කිවුවාට තේරෙන්නේ නෑ! අපි එකක් පළමුව විශ්වාසයෙන් අදහනවා. මොකද, අපි නොදන්න පැත්තක්. අපිට දිවැසකුත් නැත්නම්, එහෙම බලන්න පුලුවන් ශක්තියකුත් නැත්නම්, අතීතයේ අපි හිටියාද, නැද්ද, කොහේද හිටියේ, කොහොමද හිටියේ කියලා වත් අපි දැක්කේ නැත්නම්, සසර ගමනක් අපිට අතීතයෙහි ඉඳන් එන සසර ගමනක් තිබුණාද කියලා වත් අපි දැක්කේ නැත්නම්, අපිට මේකේ එකක් වත් දැනගන්න පුලුවන් කමක් නෑ! දැන් අපි මේ සසර ගමනක ගමන් කරනවාද කියලා දැක්කේ නැත්නම්, මතු සසර ගමනක ගමන් කරන්න අපිට හේතු තියෙනවද කියලා දැක්කේ නැත්නම්, අපිට පුලුවන් කමක් ලැබෙන්නේ නැහැ ඉන් එහාට නිගමනයකට බහින්න.

 

    එහෙනම්, පළමුවම අපි එකක් විශ්වාස කරනවා. මේ සංසාර ගමන කියන එක! අපි ආපු සසර ගමනක් තියෙනවා. ඒ සසර ගමන කියන එක ඇත්ත වශයෙන්ම තිබුණාද නැද්ද කියලා දැනගන්නේ පස්සේ කාලෙක. පළමු ම කාරණය තමයි, බුදුපියාණන් වහන්සේ මූලික කරගෙන දේශනා කරපු දහම විශ්වාස කරලා නිසා ශ්‍රද්ධාවේ පිහිටනවාකියන එක. “ශ්‍රද්ධා බීජංකිවුවේ අන්න ඒකයි. ශ්‍රද්ධා බීජය නැත්නම් අපිට එයින් එහාට මේ මාර්ගය වඩාගන්න බෑ! එහෙනම්, මේ අනන්තයේ පටන්ගෙන ආපු සසර ගමනක් අපිට හැදිලා තිබුණාද කියන එක බුදුපියාණන් වහන්සේ දේශනා කරපු දහම තුළින් ඉස්සෙල්ලාම දැනගන්න ඕනේ.

 

     අනවතග්ගෝ අයං භික්ඛවේ සංසාරෝ, පුබ්බා කෝටි නපඤ්ඤායති! <<ත්‍රිපිටක සූචිය අවශ්‍යයි>> බුදුරජාණන් වහන්සේ සසර ගමනේ ස්වභාවය පෙන්නුවා. අනවරාග්‍ර මේ සංසාරයේ පූර්ව කෙළවර පණවන්නේ නෑ! පණවන්නේ නෑ කියන්නේ, “න පඤ්ඤායතිකිවුවේ මේ පෙනෙන්නේ නෑ කියලාත් අදහස් ගන්නවා, පණවන්නේ නෑ කියලාත් අදහස ගන්නවා. බුදුරජාණන් වහන්සේට පේන්නේ නැතුවා එහෙම නෙමෙයි, උන්වහන්සේට නොපෙනෙන දෙයක් තියෙනවා කිවුවොත් අපි එතනම මුලාවට පත්වෙනවා. උන්වහන්සේ පෙනෙන දහම් වලින්, අර ඇට්ටේරියා වනයේ කොළ ටිකක් අතින් අල්ලලා ඇහුවා මම දේශනා කරපු දහම් මෙන්න මේ අතේ තියෙන කොළ ටික විතර ඇති, මං දැනගෙන, දේශනා නොකරපු දහම් මේ ඇට්ටේරියා වනයේ තියෙන අනික් කොළ ටික විතර ඇති! මොකද දේශනා නොකරන්න හේතුව? විමුක්තිය සඳහා ඒකේ හරයක් ගන්න දෙයක් නැති නිසා, මිදීමට හරයක් නැති නිසා! ඒ නිසායි ඒක විග්‍රහ කරන්නේ නැත්තේ. නමුත් එක දෙයක් තියෙනවා. මේ එන සසර ගමන අනවරාග්‍ර, ඈත කාලෙක ඉඳන් එනවා. ඔය ටික විතරක් තියාගන්නකෝ, මුල නෙමෙයි හොයන්න ඕනේ!”

 

කොච්චර කාලෙක පටන් රාග, ද්වේෂ, මෝහ නිසා මුලා වෙමින් එනවාද, අපි? :

    ඒ ආපු කාල සීමාව තුළ මේ සෑම සත්වයෙක්ගේ ම ගමන බැලුවොත්, අනාදිමත් සංසාරයේ මේ රාගයන් පස්සේ ගිහිල්ලා, කාම ලෝකයේ කාමයෝ හොඳයිකියන නිගමනයට බැහැලා, ඒ හේතුවෙන් මේ කාම කය, එකක් නැහෙනකොට තව එකක් ගොඩනඟනවා, ඒක නැහෙනකොට තව එකක් ගොඩනඟනවා, මෙහෙම ආපු ගමනක් තියෙනවා. මෙන්න මේ ආපු ගමනේ, අනාදිමත් සංසාරයේ පටන්ගෙන ආපු ගමනේදී, ඒ වගේ එකින් එක කය හැදිලා, ඒ කයෙන් කය හැදිලා, වැහැරිලා, මැරිලා ගිහිල්ලා, ඇටකටු මේ පොළවට දිරලා තියෙනවා. මේවාගේ දිරපු ඇටකටු ගොඩවල් එකතු කරලා බැලුවොත් එහෙම, මේ මහා භද්‍ර කල්පයේ තිබෙන්නාවූ ගොඩ බැලුවොත් මේ වේපුල්ල පර්වතයකියන මහා පර්වතයක් පෙන්වලා, “මේ කල්පයේ මුල ඉඳලා මේ වෙනකොට එක්කෙනෙක් මැරිච්ච ඇටකටු මේ පර්වතයට වැඩිය වැඩියි!” මහා විසාල පරුවතයක් පෙන්වලා කියනවා, “ඔයිට වඩා ඇටකටු මේ පොළවට දිරලා තියෙනවා!” අනන්ත අප්‍රමාණ සංසාරයේ බැලුවොත් මේ මහ පොළවේ පස් කන්දට වඩා වැඩි මිසක් අඩු නෑ කොහොමවත්, සීමා කරන්න බෑ!

 

අපේ මූලික බලාපොරොත්තුව තාම ඉෂ්ට වුනේ නෑ නේද? :

    එක්තරා වෙයක් පෙන්නුවා, මෙච්චර කල් මමකියපු මේ කය, මම කරගන්න හද හදා දැඟලුවාට, “මගේකිය කියා දැඟලුවාට, “මමකරගෙන්න, “මගේකරගන්න බැරුව ඒ ධර්මතාවයෝ පස්සේ වැහැරිලා, මැරිලා, ඇටකටු පොළවට දිරලා ගියා. හැබැයි, මැරෙන්න බලාගෙන පිරිසටත්උපන්නේ නෑ කොහේවත් මිනිස්සු, ජීවත් වෙන්නමයි බලන්නේ! කොහොම හරි රැකෙන්නමයි බලන්නේ! කොච්චර ජීවත් වෙන්න උත්සාහ කළත්, කොච්චර රැකෙන්න උත්සාහ කළත්, ඒකට උරුම ධර්මතාවය වැහැරිලා, මැරිලා යන එක! ඇටකටු ටික දිරලා යන එක. එහෙනම්, කොච්චර මෙච්චර කාලයක් ඇටකටු දිරුවා නම්, අපේ බලාපොරොත්තුවඉෂ්ට වෙලා නෑ නේ! කියන තීරණයට බහින්නයි ඔය ටික දීලා තියෙන්නේ.

 

     “මමකියලා ජීවත් වෙන්න හැදුවාට, “මගේකියලා ජීවත් වෙන්න හැදුවාට, ඔය හැම අත්බැවක් ගානෙම බලාගෙන යනකොට මේ ඇටකටු මහ පොළවට දිරලා ගිය, බැලුවා නම් මේ පොළවේ පස් කන්දට වැඩිය ඇටකටු දිරලා තියෙනවා, නමුත් ඔය හැම එකක්ම, එකක්වත් දිරවාගන්න හැදුවේ නෑ! මැරෙන්න බලාපොරොත්තු වුනේ නෑ! තියාගෙන ඉන්න බලාපොරොත්තු වුනා, නමුත් බැරිවුනා!මමකියන ඒවා, “මගේකියන ඒවා නැතිවුනාට, ඒ එක එක අවස්ථාවෙදී මවු මැරුණාට හඬපු කඳුලු බැලුවොත්, පියා මැරුණාට හඬපු කඳුලු, භාර්යාව මැරිලා හඬපු කඳුලු, ස්වාමියා මැරිලා හඬපු කඳුලු, දුව මැරිලා අඬපු කඳුලු, පුතා මැරිලා අඬපු කඳුලු, මේ එකින් එක වෙන වෙනම බැලුවොත් මේ සියලුම සාගර ජලය පරදවනවා! එච්චර අඬලා තියෙනවා. නමුත්, අඬ අඬා බැලුවේ මොකද්ද? තමන්ගේ වැඩේ ඉෂ්ට කරගන්න. “අනේ මට මෙහෙම වෙන්න එපා! ඇයි මට මෙහෙම වුනේ?” හැබැයි, අපි ඒ කොච්චර ඇඬුවත්, ඒ අඬාපුවායේ ප්‍රතිඵලයකින් අපිට අපේ ප්‍රතිඵලය ඇඬුවාට ජය අරන් දීලා නෑ! කොච්චර දුක් වුනත් අපිට ජය හම්බවෙලා නෑ! කඳුලු ටික බලපුහාම ජය ගන්න බලාපොරොත්තුවෙන් සෝකයට පිළිසරණක් හොයාගෙන, “මට කවුද පිහිටවෙන්න ඉන්නේ? ඇයි මට මෙහෙම වුනේ!” කිය කියා අඬපු කඳුලු බැලුවොත් මහ මුහුදු වල ඔක්කෝම ජලයට වැඩිය වැඩියි! එහෙනම්, අද බලපුහාම අපේ බලාපොරොත්තු මෙච්චර කාලෙකට එකක් වත් ඉෂ්ට වෙලා තිබිලා නෑ, අපි ඇඬුවාට!

 

ලෝක ධර්මතාවය කවදාවත් අපේ මූලික බලාපොරොත්තුව ඉෂ්ට කරන්නේ නෑ! :

    අපි කොච්චර දුක් වුනත් අපේ දුකට පිළිසරණක් වශයෙන් ආ හා, දුක් වෙන්න එපා! මෙන්න, උඹ බලාපොරොත්තු වෙන එක මං ආපහු ගන්නේ නෑකියලා, ලෝක ධර්මතාවය එහෙම අපිට ආපහු දීලා නෑ! “පුතා මැරිලා අඬනවා නේද, අඬන්න එපා, මෙන්න පුතා! ස්වාමිපුරුෂයා මැරිලා නේද මේ අඬන්නේ? අඬන්න එපා, මෙන්න ස්වාමිපුරුෂයා! භාර්යාව මැරිලාද මේ අඬ අඬා කෑ ගහන්නේ? මෙන්න භාර්යාව! මෙන්න දුව! මෙන්න පුතා! මෙන්න දේපොල!” ඔහොම දීපු එක දවසක් වත් නෑ කොච්චර ඇඬුවත්! කොච්චර දුක් වුනත්, අපි කොච්චර තරඟ කළත්, මොනම තරඟයකින් වත් ඔච්චර තරඟ කරන්න එපා, මෙන්න!” කියලා දීපු ධර්මතාවයක් නෑ!

 

    එහෙනම්, ධර්මතාවය අපිට සමාව දෙන්නේ නෑ! අපි මොන ජාතියෙන් දුක් වුනත්, මොන ජාතියේ තරඟ කළත්, මොන ජාතියෙන් සැඩ ඵරුෂ වෙලා හිටියත්, ඇඬුවත්, දෙඩුවත්, හිනහ වුනත්, “මට ඕනේකිවුවත්, “මට එපාකිවුවත්, අපේ අංශු මාත්‍රයක් වත් අපේ බලාපොරොත්තුව මේ ලෝක ධර්මතාවය අහලා නෑ! අන්න ඒක තමයි පෙන්නුවේ, ඔච්චර අඬලා තියෙනවා, කෝ වැඩක් වෙලා තියෙනවාද? ඔච්චර දුක් වෙලා තියෙනවා, කෝ වැඩක් වෙලා තියෙනවාද? ජීවත් වෙන්න ඔච්චර උත්සාහ කරලා තියෙනවා, පුලුවන් වෙලා තියෙනවාද?

 

කරනවා නම් පරීක්ෂණය! මේ බලාපොරොත්තු තියන් ඉඳලා හරියයිද? :

    මෙන්න, බුදු ඇසින් දැකලා පෙන්නුවා ලෝකේ හැටි ඕකයි!” මෙච්චර කල් කරලා බැරිවෙච්චි එකේ, මේ ඒකෙන් බලපුහාම ඒකේ අංශු මාත්‍රයක් අල්ලාගත්ත මේ මොහොතට මෙච්චර කල් බැරිවෙච්චි එක තවත් කරන්න හදනවා! අඬලා දොඩලා බලනවා, සෝක සංවේගයට පත්වෙලා බලනවා, “මට ඕන එක කොහොමහරි කරගන්න ඕනේදැන් කවුද කරලා දුන්නේ? එහෙනම්, මෙච්චර කල් බැරිවෙච්චි එක මේ පොඩ්ඩට කරලා දෙයිද? දැන් ඔය ජාතියේම එකක් මතු කාලයේදී බලාපොරොත්තු වුනොත් එහෙම කරලා දෙන්න ධර්මතාවයක් අපිට හම්බවෙයිද? එහෙම එකක් මේ ලෝකේ මෙච්චර කල් අපිට ලැබිලාත් නෑ, දැන් ලැබෙන්නත් නෑ, මතු හම්බවෙන්න විදිහකුත් නෑ! එහෙනම්, ඒකද මේ තවත් අපි බලාපොරොත්තු වෙන්නේ? මේ බලාපොරොත්තු තියන්නේ ඒකටද තවත්? මෙන්න මේක අවංකව හිතලා බලන්න ඕනේ. එතකොට මේ බලාපොරොත්තු අපි තියාගෙන ඉන්නේ හරියන දේකටද? සාර්ථක බලාපොරොත්තුවක්ද මේ තියෙන්නේ? ඔන්න ඕක ඉස්සෙල්ලා විමර්ශනය කරන්න ඕනේ.

 

    එහෙනම්, අපේ ඔය බලාපොරොත්තු මොන විදිහකින් වත් සාර්ථක වෙන බලාපොරොත්තු නෙමෙයි නම්, මෙච්චර කල් අපේ බලාපොරොත්තු සාර්ථක ප්‍රතිඵලයක් ගෙනල්ලා දීලා නැත්නම්, හොඳටම පේනවා නම්, අංශු මාත්‍රයක් වත් දීලා නැති බව පේනවා නම්, දැනුත් දෙන්නේ නැති බව පේනවා නම්, ඒ ජාතියේ ඒවා මතු කොච්චර කල් හටගත්තත් අපේ බලාපොරොත්තු ඉෂ්ට කරන්නාවූ ධර්මතාවයක් ලෝකේ නෑ! මේ ලෝකේකියන්නේ එහෙම එකක් නෙමෙයි!

 

ලෝකේ හැදිලා තියෙන්නෙම බලාපොරොත්තු ඉටු නොවෙන්නමයි! :

    එහෙනම්, මොනවාද ලෝකේට අයිති? අතීත වූ, අනාගත වූ, වර්තමාන වූ, හීන වූ, ප්‍රණීත වූ, දුර වූ, ලඟ වූ, පේන, නොපෙනෙන, සියුම්, ඝන රූප යැයි යමක් යම් තැනක වීද, දැන් යම් තැනක වෙයිද, මතු යම් තැනක වන්නේද, අපේ බලාපොරොත්තු ඉෂ්ට නොකරන්නාවූ මහා රූපස්කන්ධය ඔන්න ඕකයි! අපේ බලාපොරොත්තු ඉෂ්ට නොකරන්නාවු වේදනා ස්කන්ධයත් ඒආකාරයි. අපේ බලාපොරොත්තු ඉෂ්ට නොකරන සංඥා ස්කන්ධය, සංඛාර ස්කන්ධය, විඤ්ඤාණ ස්කන්ධය කියන මුලු ලෝකෙම තියෙන්නේ ඔය ටික නම්, ඔය ස්වභාවය ඕක නම්, එබඳු ටික තුළින් අපි මොනවාද බලාපොරොත්තු වෙන්නේ? බලාපොරොත්තු වුනොත් හරියයි ද? හරියන ක්‍රමයක් මෙච්චර කල් ලැබූ කෙනෙක් ඉන්නවාද? ඉන්න පුලුවන්ද? මෙන්න මේක විමර්ශනය කරන්න ඕනේ.

 

    ඔය ටික විමර්ශනය කරනකොට අපිට තීරණයක් එනවා. මෙච්චර කාලෙකට එකම බලාපොරොත්තුවක්වත් ඉෂ්ට කරපු කෙනෙකුත් නෑ, කරලා ඉන්න පුලුවන් අවස්ථාවක් ලැබිලාත් නෑ! එහෙනම්, අපිට මේ කාලය තුළ මේ අනන්ත අප්‍රමාණ සසර ගමනේදී අපි මොන තරම් නම් උපක්‍රම යොදලා ඇත්ද? රූප අපිට ඕනේ හැටියට රැකගන්න, වින්දනයක් වේදනාවක් ආවා නම් අපිට ඕනේ විදිහට රැකගන්න, ඒවාගෙම සංඥාවක් ආවා නම් අපිට ඕනේ විදිහට පවත්වන්න, යම් සංඛාරයක් අපිට ඕනේ විදිහට රැස්කරලා, අපිට ඕනේ විදිහට හැඩගස්වාගන්න, යම් විඤ්ඤාණයක් අපිට ඕනේ විදිහට පවත්වාගන්න. තව විදිහකින් කියනවා නම් සත්ව, පුද්ගල, ද්‍රව්‍ය, වස්තු කියන මේ මුලු ලෝකේ මොනවා හෝ වේවා, ඒ තුළ තියෙන්නේ හැම දේකින් අපිට ඕනෑ හැටියට පවත්වාගන්න අපි යොදපු නැති උපක්‍රමයක් තියෙන්න ඇත්ද මෙච්චර ලෝකේ අනන්ත අප්‍රමාණයේ පටන්ගෙන ආපු ගමනේ?

 

    ඉතුරු වෙච්චි කිසීම උපක්‍රමයක් නෑ! එක එක අත්බැවක් පාසාම ඔය ටික රැකගන්න කොච්චර උපක්‍රම යොදලා ඇත්ද? ඔය ටික රැකගැනීමට උපක්‍රම කරන්නාවූ පර්යේෂණ මණ්ඩල කොච්චර උත්සාහ කරලා ඇත්ද? විද්‍යාඥයෝ, වෛද්‍යවරු, ඔය ඉන්න එක එක කියන නම් වලින් හඳුන්වන අය, දාර්ශනිකයෝ, කොච්චර උත්සාහ කරලා ඇත්ද? නමුත් ඔක්කෝම පුහු උත්සාහයක යෙදිලා තියෙන්නේ! දැන් යෙදෙනවා නම්, පුහු උත්සාහයක යෙදෙනවා! මතු යෙදුනොත්, හිස් පුහු උත්සාහයක මතු යෙදෙයි! හැබැයි, ප්‍රතිඵලයක් හම්බ වෙන්නේ නෑ!

 

හරි නොයන දේම ආපහු කරනවා, අපි අනාථ වෙලානේ! :

    මෙන්න මේටික තේරුම් ගත්තාට පස්සේ අපිට තේරෙනවා, එහෙනම් මේ ලෝකේ අනාථයකනේද අපි මේ සැරිසරන්නේ? අනාථයක නාථයක් හොයනවා නේද? කැමති සේ පැවැත්මක් නැති බව හොඳට පේන ලෝකෙක, ඉච්ච සේ නැති, කැමති සේ නැති ලෝකෙක අපි ඇලිලා ගැලිලා ඔය පර්යේෂණය කරන්න ගිහිල්ලා, ඒක නොකෙරෙන දෙයක් නම් අපිට සිද්ධ වෙන්නේ ඒ පරියේෂණයට ගිහිල්ලා අපේ බලාපොරොත්තුව නිසාම අපිට දුක් විඳින්න. සිද්ධ නොවෙන දෙයක් බලාපොරොත්තු වුනොත්, ඒ සිද්ධ නොවෙන දේකින් අපේ බලාපොරොත්තුව ඉෂ්ට වෙන්න පුලුවන් ක්‍රමයක් ඇත්ද? තියෙනවාද කොහොම වත්?

 

    එහෙනම්, බලාපොරොත්තුවක් බලාපොරොත්තුවක් ගානේ අපිට දුක් වෙන්න වෙලා තියෙනවා. බලාපොරොත්තුව ඉෂ්ට වෙන්නේ නෑ! බලාපොරොත්තු තැබුවොත් මොකද වෙන්නේ? “අනේ මගේ බලාපොරොත්තුව කැඩිලා ගියා, මං මෙහෙමයි බලාපොරොත්තු වුනේ, ඒක නැතිවුනා!” කියන්නාවූ දුක ඒකාන්තයෙන් එනවා. එහෙනම්, ලෝකෙද ලෝක සත්වයාට දුක දෙන්නේ, ලෝකේ කියන බලාපොරොත්තුව එන එකද? අන්න අපි කල්පණා කරලා බලන්න ඕනේ. අපිට ලෝකේ දුක දෙනවාද, ඒ නිස්සාර ලෝකය බලාපොරොත්තු වීම නිසා දුක එනවාද? මෙන්න හොයලා බලන්න ඕනේ එක! නිස්සාර ලෝකේ සිද්ධ වෙන්නේ නැති දෙයක් බලාපොරොත්තු වෙනවා නම්, ඒ බලාපොරොත්තුව නිසාම අපිට දුක එනවාද, එහෙම නැත්නම් බලාපොරොත්තු නොවෙන ලෝකේ අපිට දුක දෙනවාද?

 

    පළවෙනි තැන තියෙන්නේ ඔතන! දුකට මුල් වෙන්නේ බලාපොරොත්තු සේ නොපවතින ලෝකේ, ඒ බව දන්නේ නැතුව තව තවත් කොහොම හරි බලාපොරොත්තු වෙනවා කොහොම හරි ප්‍රතිකර්මයක් ගන්න ඕනේ, මේකට ක්‍රමයක් හොයාගෙන, මට ඕනෑ හැටියට පවත්වන්න ඕනේකියලා. මෙන්න මේ නිසාම ලෝක සත්වයා බලාපොරොත්තු ඉෂ්ට නොවෙන්නාවූ ලෝකයක බලාපොරොත්තු ඉෂ්ට කරගැනීමට යම්තාක් උත්සාහ දරනවාද, හිත පිහිටුවනවාද, මෙන්න මේ නිසාම ලෝක සත්වයාට තියෙන එක නැති වුනහම, “ඒක බැයිනම් වෙන එකක් හදාගෙන බලාපොරොත්තු වෙන්න ඕනේ!” අන්න ඒ නිසා මොකද වෙන්නේ? පෙර භවයේදී ඒ තිබිච්ච කයෙන්, ඒ තිබිච්ච ඇහෙන්, කණෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන්, මනෙන් ජීවත් වෙන්න බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ, විඳින්න බලාපොරොත්තු වුනා, රැස්කරන්න බලාපොරොත්තු වුනා. ජීවත් වෙන්න බලාපොරොත්තු වුනා, ජීවත් වෙන්න බැරුව ගියා! ඕනෑ හැටියට විඳ විඳා ඉන්න බලාපොරොත්තු වුනා, ඒක බැරුව ගියා! ඕනෑ හැටියට රැස්කරගෙන ඉන්න බලාපොරොත්තු වුනා, ඒක බැරුව ගියා! මොකද වුනේ? ඇත්ත බලාගත්තේ නෑ, මතුවට පැතුමක් තියාගත්තා. මේකේ බැයිනම් මතු එකේදී කරනවා!”

 

මේ ඉන්ද්‍රිය ටික හැදෙන්නේ බලාපොරොත්තුව මුල් කරගෙනයි :

    එහෙනම්, පෙර භවයේදී ඇහෙන්, කණෙන්, දිවෙන්, නාසයෙන්, ශරීරයෙන්, මනෙන් ලෝකය දැනගන්න, විඳින්න, රැස්කරන්න, කරපු බලාපොරොත්තු අසාර්ථක වෙලා පණ ගිය හින්දා, “බෑ බෑ, ඊලඟ සැරේ වත් ආයි එකක් හොයාගන්න ඕනේ!” කියන බලාපොරොත්තුව තිබ්බ නිසා මොකද වෙන්නේ? ආයි සැරයක් මේ සැරෙත් එකක් ලැබෙනවා. ආයි මතු ඇහැක්, කණක්, දිවක්, නාසයක්, ශරීරයක්, මනක් ලැබිච්ච නිසා දැන් මේ කයකුයි හිතකුයි තියෙනවා, විද්‍යාමාන වෙනවා. දැන් මේකේ ඉඳලත් මොකද කරන්නේ? බලාපොරොත්තු ඉෂ්ට කරගන්න, දැනගන්න, විඳින්න, රැස්කරන්න ආයි බලාපොරොත්තු වෙනවා. දැන් මේකෙත් බෑ! බලාපොරොත්තු ඉෂ්ට වෙන්නේ නෑ! ඇත්ත දැනගන්න කැමති නැහැ, “එහෙම බෑ, ඊලඟ එකේදි වත් බලාපොරොත්තුවක් හදාගන්නවාකියලා මතු අත්බැවකට හේතු තියාගෙන ඉන්නවා. එහෙනම්, මතු බලාපොරොත්තු අත්හැරලා නෑ! පැතුම අත්හැරලා නෑ! අන්න, මතු පතනවා.

 

    ඒ නිසා, පැතුමේ බලාපොරොත්තුවත් තියාගෙන, තවත් ඉන්නවා මේකේ! මොකද මේකෙන් වෙන්නේ? මේකෙත් බලාපොරොත්තුව ඉෂ්ට නොවී මැරෙනවා මිසක්කා, වෙන එකක් වෙන්නේ නෑ! දැනගන්න බලාපොරොත්තුවෙන් හිටියා, දැනගෙන ඉවර කරන්නත් බෑ, දැනගත්ත දෙයක් ඇත්තෙත් නෑ! විඳින්න බලාපොරොත්තු වෙලා විඳීම පස්සේ ගියා, සීමාවක් වුනෙත් නෑ, විඳීම අහුවුනෙත් නෑ, ඒකත් ගෙවිලා ගියා! එහෙනම් විඳින්නත් ආයි මතුවට වත් එකක් අල්ලාගෙන විඳින්න ඕනෑකියලා බලාපොරොත්තු වෙනවා. රැස් කරන බලාපොරොත්තුවෙන් රැස් කරන්න හැදුවා හැදුවා, එකක් වත් අත්හැරිලා ගියා, අල්ලාගන්න බැරිවුනා, රැස් කිරීම සම්බන්ධ කරගෙන සම්පූර්ණ කරන්නත් බැරිවුනා, එකක්වත් අයිති වුනේ නෑ, එහෙනම් මතුවට රැස්කරගන්න ඕනෑකියලා අදහසක් ගත්තා.

 

    එහෙනම්, මතුවට දැනගන්නයි, විඳින්නයි, රැස් කරන්නයි මතුත් ආයි සැරයක් ඇහැක් ඕනෑ, කණක් ඕනෑ, නාසයක් ඕනෑ, දිවක් ඕනෑ, කයක් ඕනෑ, මනක් ඕනෑ, රූප ඕනෑ, සද්ද ඕනෑ, ගන්ධ ඕනෑ, රස ඕනෑ, ඵොට්ටබ්බ ඕනෑ, ධර්ම ඕනෑ කියලා, ඔය ඇස, කන දිව, නාසය, ශරීරය, මන, රූප, ශබ්ද, ගන්ධ, රස, ස්ඵර්ශ, ධර්ම කියන මේවා පිළිබඳව තිබෙන්නාවූ බලාපොරොත්තු අත්හරින්නේ නැතුව, ඒවා ආයස්ථානහෙවත් එකතු කරගන්නා ස්ථාන හැටියට තව තවත් පවත්වන්න ඕනෑකියන බලාපොරොත්තුවෙන් සළායතනයක් බලාපොරොත්තු වුනා. ඇස, කන, දිව, නාසය, ශරීරය කියන මේ ටික බලාපොරොත්තු වුනා. බලාපොරොත්තුව අත්හැරපු නැති නිසා මොකද වෙන්නේ? ආයි ශක්තියක් ගොඩනැගුනා. ගොඩනැඟෙන ශක්තිය මතු බලාපොරොත්තුවට ඇහැක්, කනක්, දිවක්, නාසයක්, ශරීරයක් මනක් ඇතිකරන්නයි ක්‍රියාත්මක වෙන්නේ.

 

මුලා දෘෂ්ඨිය තමයි අසාර බලාපොරොත්තු ඇතිවෙන්න හේතුව :

    එහෙනම්, සසර ගමනේ සාරයිකියන දෘෂ්ඨිය නිසා බලාපොරොත්තු වෙනවා, ඒ දෘෂ්ඨිය තියෙන තාක් කල් බලාපොරොත්තු අත්හරින්නේ නෑ! බලාපොරොත්තු අත්නොහරින නිසා හැම මොහොතක් පාසාම ඔහු ශක්තියක් මතු කරනවා. මේ මතුකරගත්ත ශක්තිය මතුකරලා ඉවරයි දැන්. ඕක කවදා හරි අපි ගෙවලා දාන පැත්තට වැඩ නොකළොත් එහෙම, මතු කරපු ශක්තිය ක්‍රියාත්මක වෙනවා. අපි දැනගෙන හිටියත් එකයි, නැතත් එකයි. අපිට නින්ද ගිහින් ඉන්දැද්දී මළත්, ඇහැරිලා ඉන්දැද්දී මළත්, අවසිහියෙන් ඉඳගෙන මළත්, ඇතිකරපු බලාපොරොත්තුව?

 

     (ශ්‍රාවක මහතෙක්): ස්වාමීන් වහන්ස, දැන් අපිට ඇස, කන, දිව, නාසය, ශරීරය, මන නිසා නම් තණ්හාව ඇතිවෙන්නේ, එතකොට ඕක නැතුව තණ්හාව ඇතිවෙන්නේ නැද්ද? දැන් අපි උදාහරණයක් ගත්තොත්, පණුවෙක් ගත්තොත්, ගැඩවිලෙක්, දැන් ගැඩවිලාට ඇස් නෑ.

 

ඉන්ද්‍රිය ටික පේන්න තිබිය යුතුමද සළායතන වෙන්න? :

    (ස්වාමීන් වහන්සේ): දැන් අපිට, අන්න ඒක තමයි අපි දකින්න ඕනේ සම්මත ඇහැ මොකද්ද, ලෝක සත්වයාට දැනෙන දේ මොකද්ද? දැන් සම්මත වශයෙන් අපිට පේන ඇහැ කියලා අපි අරගත්තේ මොකද්ද, මේ මස් ගුලියට. “ඇහැනැමැති මස් ගුලියකට ඇහැ කියලා හිතාගත්තා. දැන් මෙන්න මෙතන අපි හොඳට වටහාගන්න ඕනේ තැනක්. දැන් ඇස, කන කියලා තියෙනකොට අපි හිතන් ඉන්නේ මේ ඉන්ද්‍රිය වශයෙන් පේන්න තියෙන, ඒ ඒ පුද්ගලයාට පේන්න තියෙන කන කියලා. දැන් අපි හිතමුකෝ මෙහෙම දෙයක්. දැන් පේන්න නැති පළියට ඇහැක් නෑ කිවුවොත් පෙරේතයාට, යකාට, නැත්නම් අර නොපෙනෙන අමනුස්සයාට, ඌට ඇහැකුත් නෑ, කනකුත් නෑ, නාසයකුත් නෑ, දිවකුත් නෑ, කයකුත් නෑ, මනකුත් නෑ, අපිට පේන්න එපැයි තියෙනවා නම්! කියලා නිගමනයට බහිනවා. එකක් වත් පේන්න තිබුණැයි අන්වීක්ෂයකින් වත්!

 

    දැන් ඇමීබාවාඅරන් අන්වීක්ෂයක්, එකට ලක්ෂ වාරයක් හරි ලොකු කරන අන්වීක්ෂයක් හදපු දාට ඌට ඇහැක් තියෙනවා පෙනෙයි, කනක් තියෙනවා, නාසයක් තියෙනවා, දිවක් තියෙනවා, කයක් තියෙනවා පෙනෙයි. අන්වීක්ෂය දියුණු නැති නිසා අපි කියනවා එක සෛලයයි තියෙන්නේ ඇමීබාවාට! ඌ ඔක්කෝම කරන්නේ එක සෛලයකින්. ඌට ඇහැකුත් වෙනම නෑ, කනකුත් වෙනම නෑ…” කියලා අපේ සම්මතය තුළින් අපි ඔය නිගමනයට බහිනවා. නමුත්, අද ඒ පරීක්ෂණයේ තාක්ෂණය දියුණු කරලා, ජාන තාක්ෂණයට වෙනකන් දියුණු කළාට පස්සේ, දැන් කියනවා එක සෛලය ඇතුලේ තියෙන ජාන තුළ මේක තියෙනවා! ඌටත් ආලෝකයක් දුන්නාම උන් අඳුර කරා යනවා, ආලෝකයට කැමති නෑඑහෙනම්, ආලෝකයයි අඳුරයි දෙකේ ඌට වෙනසක් දැනගත්තේ නැත්නම් ඌ කොහොමද ආලෝකය අත්හැරලා අඳුරට යන්නේ? ඔය අපි දැක්කේ නෑ ක්‍රමය. උගේ ඇහේ හැටි දැක්කේ නෑ!

 

සර්වඥ ගෝචර කරුණු පස්සේ පන්නලා මොකටද, පෙනෙන දේ සළකමු:

    මේ ආත්මභාව කියන එක අති සියුම් දෙයක්. ආත්මභාවයන්ගේ සියුම්තාවය කොච්චරද කියනවා නම්, ලෝක සත්වයාට දකින්න පුලුවන් වෙන්නේ, සර්වඥ ගෝචරයි සමහර ආත්මභාව! සමහර ආත්මභාව මහා දිවැස් ඇති ශ්‍රාවකයන්ගේ දිවැසට ගෝචරත් නෑ! එබඳු සියුම් ආත්මභාව තියෙනවා සත්වයින්ට. දැන් අර ගිජ්ජකූට පර්වතය පාමුළ සැරිසරන්නාවූ භික්ෂු, භික්ෂුණී, සාමණේර, සාමණේරී, ශික්ෂාමානා ආදී වශයෙන් මහා පිරිසක් අඬ අඬා, ගිණි ගත්ත සිවුරු අරගෙන, ගිණි ගත්ත පාත්‍ර අරගෙන, ගිණි දැල් ජාලාවන්ගෙන් දැවි දැවී, මහා වේදනාවෙන් කෑ කෝ ගහමින්, සැරිසරණ කොටසක් දැක්කා මුගලන් හාමුදුරුවෝ. දැකලා උන්වහන්සේට හිනාවක් පහල වුනා, “මෙබඳු දුක්ඛිත තත්වයකින් නේද මිදුනේකියලා. මේ අවස්ථාවේදි අනික් භික්ෂූන් වහන්සේලා අහනවා, “ඇයි ස්වාමීනි ඔබ කුමක් දැකලාද හිනා පහල කළේ?” “ඇවැත්නි, මොනවා දැකලාද හිනා වුනේ?” “මට පේනවා මෙන්න මෙහෙම ප්‍රේත රැළක්තවත් දිවැස් තියෙන ඕනෑ තරම් භික්ෂූන් වහන්සේලා හිටියා. උන්වහන්සේලාත් බලනවා, උන්වහන්සේලාට පේන්නේ නෑ. “එහෙනම් අපිටත් පේන්න එපැයි!” “මේක අහන්නකෝ බුදුරජාණන් වහන්සේගෙන්බුදුරජාණන් වහන්සේගෙන් ඔය කාරණය අහන්න කිවුවා. මහණෙනි, ඔය ප්‍රේත රැළ මම දැක්කේ එදා බෝ මැඩ, බුදුවෙන වෙලාවේ. චුතූපපාත ඥාණයෙන් ලොව බලන වෙලාවේදි ඔය ප්‍රේත රැළ මම දැක්කා” “ස්වාමීනි, මෙච්චර කල් කිවුවේ නැත්තේ?” “සාක්ෂියක් නැති නිසා, දැන් ඔබලා අතරෙන් ම ඔය සාක්ෂියක් තියෙනවා නේ, මුගලන් ගේ සාක්ෂිය! ඒ නිසායි මං ඕක කියන්නේ, ඕක මම දැකලා ඉවරයි, හුඟාක් කල්. කිවුවාට තේරුම් ගන්න ඕගොල්ලන්ට විදිහක් නෑ, මේක අඩු තරමේ සාක්ෂියක් වත් නැතුව. ඒ නිසා සාක්ෂියක් ආව හින්දා තමයි මං ඔය ටික කිවුවේ.”

 

    ආත්මභාව අති සියුම්! එක එක ආකාරයි. මෙන්න මෙබඳු ස්වභාවයක් ඇති ආත්මභාවයන්ගේ මේ ඇස, කන, දිව, නාසය, ශරීරයේ ස්වභාවය ලෝක සත්වයාට මේ මස් ලේ ඇහැකින්, නැත්නම් මේ තියෙන මිනිස් පංචේන්ද්‍රිය ගෝචර ඉන්ද්‍රියකින් දකින මට්ටමෙන් එහාට අප්‍රමාණයක් තියෙනවා අපිට දකින්න බැරි ආත්මභාව. ඒවායේ සියුම් තාවය අන්න ඒවගේ.

 

    දැන් ඉඳිකටු තුඩක් තරම් ප්‍රමාණයක දහ දාහක් දේවතාවෝ ඇවිදිල්ලා, එක ලඟට වෙලා, එකට එක ගැටෙන්නේ නැතුව බණ ඇහුවා කියලා තියෙනවා අපේ දහමේ පොත්වල තියෙනවා, මංගල ධර්ම දේශනාව, ධම්මචක්කප්පවත්තන සූත්‍රය දේශනා කරන වෙලාවේ. දැන් ඇමීබාවෝ කී දෙනෙකුට ඉන්න පුලුවන්ද ඔතන? ඉඳිකටු තුඩකට තරම් ප්‍රමාණයකට දේවතාවෝ දහ දාහක් සූක්ෂම ශරීර මවාගෙන හිටියයි කියලා පෙන්වනවා. එහෙනම් බලපුහාම ඇමීබාවාට වඩා කොච්චර පුංචි ශරීරද? කන්දී අහගෙන හිටියා, ධර්මාවබෝධයත් ලැබුවා.

 

    එහෙනම්, ආත්මභාවයන්ගේ සියුම්තාවය අපිට තේරුම් ගන්න බෑ, මේ ලෝක සත්ව විෂය අචින්ත්‍යයි!” කිවුවේ ඕකයි. ලෝක සත්වයාට පේන්නේ නෑ මෙතන. මෙතන අති සියුම් තැනක්. මෙන්න මේ නිසා තමයි මේ සත්වයාට අපිට පේන ඇහැ නෙමෙයි මේ කියන්නේ. එයිට, ප්‍රසාද රූප වලට අයිතියි. චක්ඛු ප්‍රසාද රූප වෙනවා.

 

     (ශ්‍රාවක මහතෙක්): හාමුදුරුවනේ, නයි වගෙ සත්තුන්ට කන් නෑ කියලා අපි කියනවා නේද? (ස්වාමීන් වහන්සේ): ඔව්, දැන් කන් නෑ කියලා අපි, අපි කියනවා. (ශ්‍රාවක මහතෙක්): කම්පණ තරංග කියලා කියන්නේ කන් දෙක වගේ නේද? (ස්වාමීන් වහන්සේ): ඒකත් ඒකට අයිතියි. දැන් අපි කන කියලා හිතාගන්නකොට, අපි මේ ලෝක සම්මතයෙන් ගත්ත කන විතරයි කන කියලා අපි හිතාගන්නේ. දැන් යම්කිසි සත්වයින්ට නානාප්‍රකාරයෙන් පිහිටනවා. ඒක පිහිටන්නේ අපිට මේ පේන, අපි දැක්ක සම්මතය පරිදි, අපි දැක්කේ මේ ඇහැට පේන, මස් ඇහැට පේන සම්මතයෙන් බැහැපු නිගමන විතරයි අපිට තියෙන්නේ. (ශ්‍රාවක මහතෙක්): මනුස්සයෙක් ඉන්නවා හාමුදුරුවනේ, මේ එයාට කන ඇහෙන්නෙත් නෑ, ඇස්දෙක පේන්නෙත් නෑ, කතාකරන්නත් බෑ කියලා ඒ මනුස්සයා…. (හඬ පැහැදිලි නැත) … ඒ කියන්නේ එයාටත් යම්කිසි වින්දනයක් එනවානේ! (ස්වාමීන් වහන්සේ): ඒක තමයි. දැන් එයා, ඒ කියන්නේ එයා කනෙන් ගන්න වින්දනය හිතෙන් ගන්නවා, තව පැත්තකින්. කන් ඇහෙන්නේ නෑ, යම් කාලෙක කන් ඇහුනා. දැන් එයා කන් ඇහීමෙන් ගත්ත වින්දනය නිසා එයා බලාපොරොත්තු වෙනවා අනේ, මං ඉස්සර වගේ අහන්න ඇත්නම්!” ඒ අදහස අයින් වෙලා නෑ.මට ඉස්සර වාගෙ බලන්න ඇත්නම්!” දැන් පේන්නේ නෑ. “අනේ, ඉස්සර වාගේ කතාකරන්න ඇත්නම්!” ඒ මහා අසහනයකින් ඉන්නේ, බලාපොරොත්තුවකින්.

 

අන්ධ වුනත් පෙනීමේ බලාපොරොත්තු තියෙනවා පෙනෙන අයට වගේම:

    බලාපොරොත්තුව, ඇස් පේන්නේ නැති වුනාට පස්සේ ඇස් පේන එක්කෙනාට වැඩිය බලාපොරොත්තුව තව අධික වෙලා ඉන්නේ, ඇස් පේන්නේ නැති එක්කෙනා. හැම වෙලේම හෝදිසියකින් ඉන්නේ. මේ හෝදිසි කිරීම කියන්නේ ලෝකය පිළිබඳ බලාපොරොත්තුව. මේ බලාපොරොත්තුවක් ඇති වෙන්න ඕනේ, මේ බලාපොරොත්තුව ස්ඵර්ශ කරන්න ඒ ඒ ආකාරයෙන් ඒකට අවශ්‍යය කරන උපකරණය සකස් වෙනවා නානාප්‍රකාරයෙන්.

 

ස්ඵර්ශය පිණිසයි ඉන්ද්‍රියන් පහල වෙන්නේ:

    දැන් මේ ලෝකයේ, ලෝකයේ මොනවාද අපි ඇසුරු කරන්නේ? අපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව, පඨවි ධාතුව, ආකාස ධාතුව, විඤ්ඤාණ ධාතුව කියන මෙන්න මේ ධාතු 6ක් තමයි මේ අපි රූප, ලෝකයා, සත්වයා වශයෙන් මේ රූප වශයෙන් මේ ලෝකේ ඇසුරු කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඔය ධාතු 6 ස්ඵර්ශ කරලා ආස්වාදයක් ගන්න බලාපොරොත්තු වෙනවා. මෙන්න මේ ධාතු 6ක් ස්ඵර්ශ කරලා ආස්වාදයක් ගන්න තියෙන බලාපොරොත්තුව නිසා, ඔය ධාතු 6ම එකම ඉන්ද්‍රියකින් ස්ඵර්ශ කරන්න ක්‍රමයක් නෑ! ඔය ධාතු 6 ස්ඵර්ශ වෙන්නේ 6 ආකාරයෙන්. මෙන්න මේ නිසයි සත්වයෙකුට ඉන්ද්‍රිය 6ක් පිහිටන්න හේතුව. ඇස, කන, නාසය, දිව, කය, මන කියලා. ඔය 6ක් පිහිටන්න හේතුව, ඔය ධාතු හයේ ස්ඵර්ශය 6 ආකාරයකින් ලබන්න ඕනේ. එකකින් ලබන්න බෑ! 6 ආකාර නිසා, 6 ආකාර ඉන්ද්‍රියක් ඕනේ. අන්න ඒකට අනුකූලව හැදුනු ඉන්ද්‍රිය 6 තමයි අපි කිවුවේ ඇස, කන, දිව, නාසය, ශරීරය, මන කියලා.

 

    එතකොට, මෙන්න මේ කියන්නාවූ ධාතු 6ක ස්ඵර්ශය ලබාගන්න බලාපොරොත්තු වෙනවා නම් අපි කියනවා, ලෝක ස්ඵර්ශයකියන්නේ ඕකට. ඉතින් මේ ස්ඵර්ශය ලබාගැනීමේදී යම් යම් පුද්ගලයින්ට සමහර අවස්ථා වල යම්කිසි කෙනෙකුට කරපු අවැඩ, අසාධාරණ නිසා, විපාක වශයෙන් දුක් විඳ විඳ ඉන්න, ඒක ලබන්න බැරිවෙන්න, ඔහු බලාපොරොත්තු වුනත් ඒක පිහිටන්නේ නැතුව යනවා. පිහිටන්නේ නැතුව යනවා කියන්නේ ඒ පිහිටීමේ ස්වභාවය නැතිවුනා නෙමෙයි, ඒ පිහිටීමට ඔහුට පහරක් වැදුනා. හිරවුනා ඒ පිහිටීම. ඒ නිසා ඔහු දුක් විඳින්න වෙනවා, ඒ දේ අඩුපාඩුව නිසා. නමුත්, අනන්ත අප්‍රමාණ ආපු සසර ගමනේදී අන්න ඒ වෙච්චි අඩුපාඩුව නිසා ඔහු දුක් විඳිනවා මිසක්, අඩුවක් තියෙනවා නම්, ඔහුට ඒක එපා වෙලා නෑ! ඔහු බලාපොරොත්තුව තියන් ඉන්නවා ස්ඵර්ශ කරන්න. ඔහු ඒ පාපකර්මය ගෙවලා ඉවර වෙච්චි දවසක තමයි ආයි සැරයක් ඔහුට විවෘත වෙන්නේ ඔහුගේ ඉන්ද්‍රිය. එතකොට තමයි ආයි සැරයක් විද්‍යාමාන වෙලා ඒක ඔහුට ආයි සැරයක් අන්ධයා, ජාත්‍යාන්ධයාට ඊලඟ භවයක ඇහැක් ලැබෙන්නේ ඒකයි.

 

පෙනීමේ බලාපොරොත්තු නැති කෙනාත් අන්ධයාත් අතර ලොකු වෙනසක් තියෙනවා :

    ඔවු, දඬුවමක් ඔය ලැබිලා තියෙන්නේ. ආසාව අත්හැරිලා අත්හැරී යාම නෙමෙයි ඒ තියෙන්නේ! ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි, ආසාවන් වල නිස්සාරත්වය දැකලා අත්හැරී ගියාට පස්සේ ඒ දේ හා තියෙන සම්බන්ධය දුරුවෙලා, ඒක නැතිවීම. ඒක අසහනයක් නෑ, මොකද ? එපා වෙච්චි දෙයක් නැතිවුනා නම් මොකද්ද තියෙන ප්‍රශ්නේ? ඕනෑ වෙච්චි දෙයක් නැතිවුනොත් නේද අමාරුව තියෙන්නේ? බලන්න ඕනේ, ඕනෑ කම තියෙද්දී නෑ! මට බලන්න ඕනේ නෑ, එයාටත් නෑ! එයාට මොකද තියෙන ප්‍රශ්නේ? එපා දේ නැත්නම් එයාට කිසි ප්‍රශ්නයක් නෑ.

 

    එහෙනම්, මේ ලෝකේ අහන්න ඕනේ, බලන්න ඕනේ, ගඳ සුවඳ දැනගන්න ඕනේ, රස විඳින්න රස දැනගන්න ඕනේ, ස්ඵර්ශ දැනගන්න ඕනේ, මනසට අර වුන ධර්මතාවය දැනගන්න ඕනේ, වටහාගන්න ඕනේ. ඔය කියන දැනගැනීමේ බලාපොරොත්තුවෙන්පිරිලා තමයි මේ ලෝක සත්වයා සැරිසරන්නේ. දැනගන්න නම් ස්ඵර්ශ කරන්න ඕනේ. ස්ඵර්ශ කරන්න නම් අවශ්‍යය ඉන්ද්‍රියක් තියෙන්න ඕනේ. ඒ නිසා ඉන්ද්‍රිය බලාපොරොත්තු වෙනවා. පළවෙනි බලාපොරොත්තුව, දැනගන්න බලාපොරොත්තුව. මොකටද දැනගන්නේ? ඒකේ සැප හෝ, දුක හෝ ඔය අතුරින් ප්‍රියයි මනාපයි කියන යමක් ඇත්නම් ඒක වින්දනය කරන්න. ඒකට ඇලුම් කරනවා. විඳීමේ බලාපොරොත්තුව. විඳීම, සැප විඳීමේ බලාපොරොත්තුවෙන් ඒක අල්ලා ගත්තහම ඒකට උරුම අනික් පැත්තත් එනවා. ඒක වළක්වන්න බෑ! සැප විඳින්න බලාපොරොත්තුවෙන් වින්දනයක් අල්ලපුහාම, ඒ වටා ඇති දුක් විඳීමට ඔහු නිකන්ම ගෝචරයි. අන්න, ආස්වාදයත් එක්ක ආදීනවය එන හැටි! ආදීනව දහසක් එනවා එක ආස්වාදයට. ආස්වා ද එකක් බලාපොරොත්තු වෙනකොට ගන්න වෙන්නේ ආදීනව ගොඩත් එක්ක.

 

සැප ස්ඵර්ශ එක්ක අනිවාර්යයෙන්ම දුක් කඳ එනවා මයි! :

    දැන් අපි හිතමුකෝ අපි ගන්නවා මල් පෝච්චියක්, මල් වාස් එකක්. ඇතුල රළුයි, පිටින් ඔපමට්ටම් කරලා. රළු ඇතුල මට එපා, පිට ඔපමට්ටම විතරක් මට ඕනේකියලා ගන්න පුලුවන්ද? එහෙම ගන්න බෑ! මල් වාස් එකම ගන්න ඕනේ ගන්නකොට. බලපුහාම ඇතුලේ තිබුනාම රළු ගතියක්, අර පිට ඔපේ ගන්න ගිහිල්ලා ඇතුලේ රලු ගතියත් එක්ක ගන්න වෙනවා. ඒක අත්හැරලා අරක විතරක් ගන්න බෑ!

 

    දැන් යම්කිසි පුද්ගලයෙක්, අපි හිතමුකෝ යම්කිසි කෙනෙක් විවාහයක් කරගන්නවා. හොයලා හොයලා බලලා ඇහැට කණට පේන එක්කෙනෙක්, පිරිමියෙක් නම් පිරිමියෙක් ඕනේ, ස්ත්‍රියක් නම් එහෙම නම්, පිරිමියා ස්ත්‍රියක් බලාපොරොත්තු වෙනවා, ඒ වගේ කෙනෙක්. දැන් ඔහොම කරලා එයා ගන්න බලාපොරොත්තු වෙනවා. දැන් මේ ගන්නකොට ලස්සන එකක් හොයනවා, ලස්සන එකෙක් හොයනවා. දැන් හොයලා හොයලා ඉවරවෙලා, කොහොම හරි ඉතින් එයාට හිතට අල්ලන ලස්සන කෙනෙක් හිටියොත්, “එයාම ඕනේකියනවා. ජීවිතය දෙවෙනි කරගෙන හරි කෑගහලා ගන්න හදනවා.

 

    දැන් ඒ ප්‍රිය ස්වභාවය, මධුර ස්වභාවය තිබුණේ අර කෙස්, ලොම්, නිය, දත්, සම් කියන මේ පිටත පෙනිච්ච පහේ තිබිච්ච ඔපමට්ටමක් ඇරෙන්න, අර ප්‍රිය ස්වභාවය තව එකක්ද? අරකෙන් අහක් වෙච්චි එකක්ද? කෙස් වලම තිබුනේ වෙනසක්. ලොම් වලම තිබුණේ වෙනසක්. නියපොතු වලම තිබිච්ච වෙනසක්, දත් වලම තිබිච්ච වෙනසක්, හංකඩේ තිබිච්ච වෙනසක්. ඔය ටිකෙන් ම ඔපමට්ටම් කරලා පෙන්නපු ඇතුලේ මොන කුණු ගොඩක් තිබුණත් අර ටිකම ඔපමට්ටම් කරපු එක දැකලා තමයි අපිට ප්‍රිය ස්වභාවය, මධුර ස්වභාවය ඇතිවුනේ.

 

    එහෙනම් මේ ලෝකේ යමක, යම් රූපයක ප්‍රිය ස්වභාවයක්, මධුර ස්වභාවයක් තිබුණා නම්, විද්‍යාමාන වෙනවා නම්, ඔය කුණු ගොඩේම ඔපමට්ටම ඇරෙන්න තව එකක්ද ඒක? දැන් මේකෙන්ම අපිට පේනවා එක දෙයක්. ඔපමට්ටම නිසා අපි අරන් ආවේ අර කුණු ගොඩම නේද? දෙතිස් කුණප කොට්ඨාසයම නේද මේ උස්සගෙන ආවේ! ලස්සන එකෙක්ගෙන් දෙතිස් කුණප කොට්ඨාසයෙන් අහක් කරලා මෙන්න ලස්සන ටිකකියලා වෙන් කරන්න එකක් එහෙම තියෙනවාද? මෙන්න කෙස් ටික, මෙන්න ලොම් ටික, මෙන්න නියපොතු ටික, මෙන්න දත් ටික, මෙන්න ලස්සන! කියලා ඔහොම කියලා වෙන් කරන්න එකක් තියෙනවාද? බලපුහාම එකක් වත් නෑ! එහෙනම්, සම්පූර්ණයෙන්ම තිබිලා තියෙන්නේ ආදීනවයක් නේද මේ! ඒකෙම කරපු මායාව නේද ආස්වාදයට අපිව මත් කළේ? ඔතන බැඳුනේ.

 

සැප බලාපොරොත්තුවෙන් ලෝකයට බැඳෙන මායාව මෙන්න! :

    මෙන්න, ලෝක සත්වයා මේ ලෝකෙට බැඳුන හැටි. අපි අර ඔක්කෝම කුණු ගොඩට කැමති නෑ, ඔපමට්ටමට කැමතියි. හැබැයි ඔපමට්ටම තිබුණේ අර කුණු ගොඩේමයි. ඒ නිසා, කුණු ගොඩ ඔපමට්ටම නිසා කුණුගොඩට කැමතියි. (ශ්‍රාවක මහතෙක් යමක් අසයි) ඒකත් එහෙමයි, හැඩ කරන්නෙත් ඒ ටිකමනේ! හැඩ කළේ වෙන මොකද්ද? කෙස් ටික මයි රවුම් කරකවලා, කැරලි ගහලා, දකුණට කැරකිලා, අර පැත්තට කැරකිලා, පොඳු ගැහිලා තිබුණේ අර කෙස් ටිකමයි. හැඩ වුනෙත් ඒකම නේද? අර ලොම් ටිකම නේද එක එක විදිහට පාට අඩුවෙලා, පාට වැඩිවෙලා, එක එක විදිහට මෘදු වෙලා පිහිටියේ? අර නියපොත්තම නේද එක එක අතට හැඩවෙලා, රතුවෙලා, එක එක විදිහට උල් වෙලා, හදාගත්තේ ඔක්කෝම, හරි මටසිලුටුයි කිවුවේ ඔක්කෝම ඒ නියපොත්තම නේද? අර දත් ටිකම නේද පෙළට හිටියා, ඔක්කෝම හොඳයි, මුතුඇට වාගේ, ඔක්කෝම කිවුවේ අර දත් ටිකම නේද? ඒ හංකඩේම නේද අර පිම්බිලා හිටියේ , ඇකිලිලා හිටියේ, ඔක්කෝම වෙලා එක එක විදිහට හිටියේ? ඔය ටිකමනේ!

 

    දැන් අපි හිතමුකෝ, ඇතුලේ හුළං පුරවපු හුළං බෝනික්කෙක් හිටියා, දැන් බෝනික්කාට හුළං ගහනවා. හුළං ගහලා ගත්තාට පස්සේ ලස්සනට පිරිලා ඉන්නවා. හැඩතලය තියෙනවා බෝනික්කාගේ. බෝනික්කා හරි ලස්සනයි. හුළං ඇරියාට පස්සේ? දැන් බලනකොට රබර් කෑල්ලක්. එතන පිරිච්ච ලක්ෂණ නෑ. එහෙනම්, ඇතුලේ හුළං තිබිලාත් ලස්සන ආවා නේද පිටින්, හැඩේට? එහෙනම් පිට තියෙන ඔපයම නේද මේ! මොනවා හරි ඇතුලේ පුරවලා, පුරවලා යම් හැඩතලයකට, ඒ පිරිච්ච ආකාරයට, පිම්බිච්ච ආකාරයට තමයි අපි හැඩතලය කිවුවේ. එහෙනම්, හැඩතලයටත් ලස්සනයි කියලා අපි රැවටුනා. ඒ හැඩතලය කලෙත් ඔය ටිකම නේද?

 

    ඉතින් මෙන්න මේ වගේ, මේ ලෝකේ ප්‍රියයි, මනාපයි, යහපතයි කියලා අපි අරගන්නකොට, හැම වෙලේම මෙන්න මේ මායාවක් ලෝකයා රවට්ටනවා. මෙන්න මේකම තමයි, අවිද්‍යාව නිසා අපිට මේකෙන් බේරෙන්න බැරි! අපි මේකමයි මේ ලෝකේ හොයන්නේ. ඉතින් ඔය එකකද ඒක අපි බැලුවේ? කයේ විතරයි. කයේ විතරක් නෙමෙයි ඕක තියෙන්නේ. දැන් ඇහැක් තියෙනවා හැඩ වැඩයි. ඇහැට ගන්න රූපයටත් අපි හැඩ වැඩ එකක් ලෝකෙන් ගන්නවා. ලෝකේ තිබුණේ මොනවාද? ආපෝ ධාතුවයි, තේජෝ ධාතුවයි, වායෝ ධාතුවයි, පඨවි ධාතුවයි කියන ධාතු හතරෙන් නිකන් ඉතාම සියුම් රූප කළාපයන් ගෙන් සකස් වෙලා සකස් වෙලා ඇවිදිල්ලා, වාපස්ගිණිසුළං කියන මේ හතරෙන් ලෝකය විද්‍යාමාන වෙච්ච ඒවායින් ගොඩ ගැහිච්ච ඒවා ඔය හැමතැනම තියෙන්නේ. ඒවා තුළ තමයි ද්‍රව්‍ය වස්තු වල ලක්ෂණ දකින්නේ.

 

    එහෙනම්, ඔය හතර මහා ධාතුවේ ලස්සනක් නෑ! ඔය ධාතු වලින් අහක් කරපු ලස්සනකුත් ලෝකේ තියෙනවාද? ඔය ධාතු හතරම තමයි එක එක විදිහට සංකලණය වෙලා, පිම්බිලා, හැකිලිලා, එක එක විදිහට හැඩතල අරගෙන, වර්ණවත් වෙලා, ඔය ලස්සන දේවල්, කැත දේවල්, ඔක්කෝම හැදෙන්නේ. එහෙනම් ඔය ලස්සන දෙයක් ගත්තත් අරන් තියෙන්නේ මොකද්ද? ආපෝ, තේජෝ, වායෝ, පඨව්, වර්ණ, ගන්ධ, රස, ඕජා කියන ඔය සූක්ෂමය පටන් ගත්තාවූ තැන පටන්ගෙන, ශුද්ධාෂ්ඨකය කිවුවේ, ඕවා අපිට ඇහැට පේන්නේ නෑ. ඕවා සර්වඥ ගෝචරයි. ඒ කියන්නේ මහා දිවැස් ඇති ලොවුතුරා බුදුරජාණන් වහන්සේට පමණයි ඒවා දකින්න පුලුවන්. එයිටත් වඩා මෙහා මානසිකතවයට ඒවා පේන්නේ නෑ! ඕවා තුළින් ඇවිදිල්ලා, ඕවා ඉතින් මහා භූත බවට පත්වෙලා, මහා භූතයන්ට පත්වෙලා ඇවිදිල්ලා අනිත් සැරේ ධාතු බවට පත්වෙලා, ඒවායින් නිර්මාණය වෙච්චි ඒවා තමයි අපි මේ ලස්සනයිකියලා, ද්‍රව්‍ය වස්තුයි කියලා, අපිට හිත බැඳෙන්නේ. එහෙනම් එතකොට ඕවායේ ඔක්කොගේම අන්තිමට මුලට බලාගෙන යනකොට මායා දර්ශන, මායා ස්වභාව ඇරෙන්න තවත් දෙයක් අපිට මේ විඤ්ඤාණ මතුකරන්නේ නෑ!

 

මායාකාර විඤ්ඤාණය විශ්වාස කරන එකම මුලාවක්! :

    විඤ්ඤාණයක් ඇතිවෙන්නේ මොකද්ද? බලාපොරොත්තුවක් මුල් කරගෙන. මොනවාද බලාපොරොත්තු වෙන්නේ? එක්කෝ ඇහැට පේන දෙයක්, එක්කෝ කනට ඇහෙන දෙයක්, එක්කෝ දිවට දැනෙන දෙයක්, එක්කෝ නාසයට දැනෙන දෙයක්, එක්කෝ කයට දැනෙන දෙයක්, එක්කෝ මනට දැනෙන දෙයක් අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් බලාපොරොත්තු වෙන්නේ ඔය ජාතියේ ඒවා නම්, අන්න ඒ බලාපොරොත්තු වුනේ මොකද, ඒවා වටිනවයි කියන අපි බැහැපු නිගමනය හින්දා. දැන් මෙන්න මේ කියන නිගමනයට බැස්සේ මොකක් නිසාද? ඒ මායාව, “මායාවක්බව තේරුම් ගන්න බැරි නිසා! ඒ නිසා විඤ්ඤාණය මායාකාරයෙකුට උපමා කරලා පෙන්වනවා. මායාවට රැවටෙනවා, විජ්ජාවක්.

 

මායාව නිසා මිත්‍යා දෘෂ්ඨියට වැටිලා මුලා බලාපොරොත්තු හැදෙනවා :

    අන්න, විඤ්ඤාණයෙන් හැම වෙලේම කරන්නේ මොකද්ද, නැති දෙයක් ඇති ආකාරයෙන් ඔප්නං කරලා පෙන්වනවා. ඒක ඇති දෙයක්කියන දෘෂ්ඨිය ආත්ම දෘෂ්ඨිය! ඔන්න ඔය දෘෂ්ඨියට අහුවෙලා මොකද කරන්නේ? ඒක බලාපොරොත්තු වෙනවා, ඒක පවතින දෙයක් හැටියට නිගමනය කරනවා. ඉතින් ඊට පස්සේ මොකද කරන්නේ, ආත්ම දෘෂ්ඨිය නිසා අපේ බලාපොරොත්තුවක් තියෙනවා, “ඒක සාර ධර්මයක්! අනේ, ඒක කැඩෙන්න නම් එපා! බිඳෙන්න එපා! විනාස වෙන්න එපා! ඒක හොඳට පවතින්න ඕනේ, මට ඕන විදිහට තියෙන්න ඕනේ, ඉතින් ඕකට දුකක් කරදරයක් එන්න එපා! ඒ ආස්වාදය යන්න එපා!” ඔන්න බලාපොරොත්තු වෙන ඒවා.

 

    ඉතින් මේ අපි කොච්චර බලාපොරොත්තු වුනත් මේ ධර්මතාවය අපි කියන එක අහන එකක් නෙමෙයි. “මේ ලස්සන යන්න එපා!” කිවුවට ඒක නවතින්නේ නෑ. ඒක හැදිලා තියෙන්නෙත් ඒ මායාව මයි. ඒ ඒ හේතු ඵල වශයෙන් ඒකත් ගෙවිලා යනවා, ඒක උරුමය. “මේකට මේ දුක එන්න එපා!” කිවුවට හරියන්නේ නෑ, ඒක උරුම දේ. ඒක ඒක වැළඳගන්නවා. එහෙනම්, “දුක එන්න එපා, ඒකට කැමති නෑකිවුවට එනවා. “ඒ ප්‍රිය මධුර ස්වභාවය යන්න එපාකිවුවට හරියන්නේ නෑ, ඒක ගෙවිලා යනවා. එහෙනම් කැමති දේ ගෙවිලා යනවා, අකමැති දේ එකතු වෙනවා. මේ ලෝකේ සියලුම දේවල් වලට ඕක උරුමයි. මෙන්න මේකට කියනවා, ලෝකය ඉච්ච සේ නෑ අනිච්චයි!” මේක ධර්මතාවයක්. ඒක එහෙමමද කියලා පරීක්ෂණ කරන්න ඕනේ, දිගින් දිගටම.

 

ලෝකයේ ඇත්ත ස්වභාවය අනිච්චතාවයයි, කැමැත්ත ඉටු නොවීමයි, දුකමයි :

    එතකොට ඉච්ච සේ නැත්නම්, බලාපොරොත්තුව ඉච්චත්වය හෙවත් අපේ බලාපොරොත්තුව ඒක අපිට ඕනේ හැටියට පවත්වන්න නම්, ඒක එහෙම නොවෙනකොට ඒකාන්තයෙන් දුක එනවා. යදනිච්චං තං දුක්ඛං <<ත්‍රිපිටක සූචිය අවශ්‍යයි>> ඒක ඉච්ච සේ නැද්ද, ඒ හේතුවෙන් දුකමයි. ඉතින් ඕක ආයි කාටවත් වෙනස් කරන්න බෑ, ඒක සුඛ කරන්න බෑ! කැමති සේ නැත්නම් සුඛයි කියන්න බෑ! ආගමක් මේකට අවශ්‍යය නෑ! ආගම පිලිගන්න කෙනෙක් හෝ නොපිලිගන්න කෙනෙක් හෝ කවුරු හෝ, තමන් කැමති යමක් ලැබෙන්නේ නැත්නම් දුකනේ! ඒක ධර්මතාවය. දැන් මේක වෙනස් කරන්න බෑ! මේක ආගම් නායකයෙකුට වත්, ආගම් ශාස්තෲ වරයෙකුට වත්, මොන දාර්ශනිකයෙකුට වත් මේ ධර්මතාවය වෙනස් කරන්න බෑ! වෙනස් කරපු කෙනෙක් මෙච්චර කල් නෑ! කරන්න හේතුත් නෑ.

 

    මෙන්න මේක ධර්මානුකූලව දකිනකොට එහෙනම් බුදු දහම කියලා කියන්නේ මොකද්ද? බුද්ධි ගෝචර වෙන මෙන්න මේ ධර්මයටයි! දැන් මේක වරද්දාගෙන ඉවරවෙලා, මේ බුදුන් කියන පුද්ගලයෙකුට වෙන් කරගෙන, පුද්ගලයෙක් සම්බන්ධ වන්නාවූ ධර්ම පාක්ෂිකත්වයක් වෙන්කරගත්තාට පස්සේ, “බුද්ධාගමේ කට්ටිය කියන ඒවා අපි පිළිගන්නේ නෑකියලා ඔය වගේ කතා වලට බහින්න පුලුවන්. බුද්ධි ගෝචර ධර්මයට කියනවා බුද්ධ ධර්මය! ඉතින් බුද්ධි ගෝචර ධර්මය යම්කිසි බුද්ධිවන්තයෙක් විසින්ම විග්‍රහ කළා. ඔබලාතත් බුද්ධියක් තියෙනවා. ඔය බුද්ධි මාධ්‍යය තුළින් ගෝචර කරගන්න. ගෝචර කරලා මේක ඇත්තද බොරුද දකින්න. ඕක දැකගන්න දැනට ලෝක සම්මතයේ මොන ආගමිකයෙක් වුනත් කමක් නෑ! හිතලා බලන්න. බලනකොට පෙනෙයි, මේක බුද්ධි ගෝචර නම්. ඒකට වෙන එකක් කියන්න බෑ! යමක් කැමති සේ නැත්නම්, ඒක සැපයි කියන්න කිසිම බුද්ධි ගෝචර ධර්මයකට බෑ! එහෙනම්, අපි ක්‍රිස්තියානි කිවුවත්, අපි මුස්ලිම් කිවුවත්, අපි මොන විදිහේ ආගමක් අදහන අය කිවුවත්, අපි භෞතිකවාදී කිවුවත්, මොනවා කිවුවත්, යමක් කැමති සේ නැත්නම් ඒක දුකද සැපද? තීරණය මොකද්ද? ආගම් කතාව මෙතන එකක් වත් අවශ්‍ය නෑ! අන්න, බුද්ධිමත්, බුද්ධි ගෝචර තීරණයක් දෙන්න වෙනවා. යමක් කැමති සේ නැත්නම් කවදාවත් ඒකෙන් සැප එන්න විදිහක් නෑ!” ඒකේ දුක එනවා මයි!

 

    අන්න, යදනිච්චං තං දුක්ඛං කියන්නේ බුදුපියාණන් වහන්සේ ගේ කටින් පිටකරපු වචනයි කියලා ගත්තාට හරියන්නේ නෑ! බුද්ධි ගෝචර ධර්මයක්. ඒක විද්‍යාවක්. ඒක එහෙම නෙමෙයි කියලා පෙන්වන්න සමතෙක් කිසි තැනක, පුලුවන් බලයක්, පුලුවන් ක්‍රමයක් නෑ! අන්න ඒකයි කිවුවේ, “යදනිච්චං තං දුක්ඛං!” එතකොට යමක් කැමති සේ නැද්ද, ඒ නිසාම දුක එන බව හොඳට පැහැදිලිව පේනවාද, එබඳු වැඩපිළිවෙලක් තිබුණොත්, අපිට නිගමනය කරන්න පුලුවන්ද, ඒක මමත්වයෙන් ගන්න සුදුසුයි! ඒක මම කියලා ගන්න සුදුසු දෙයක්, මගේ කියලා අල්ලන්න සුදුසු දෙයක්, ඒක ආත්මීය වශයෙන්, නැත්නම් හරයක් තියෙනවා කියලා ගන්න සුදුසු දෙයක්කියලා නිගමනය කරන්න පුලුවන්ද? යථාර්තය බැලුවොත් නිගමනය කරන්න බෑ! එතකොට ඒකේ, ඒක තමයි අන්න ඇත්ත දැනගත්තා. මට, මට කරන්න බැරි / පුලුවන් වෙනම දෙයක්. ආසාව අත්හැරගන්න බැරි එක / පුලුවන් එක වෙන කතාවක්. ඇත්ත මොකද්ද? ලෝකේ ඇත්ත දකින්න ඕනේ! මෙන්න ඉස්සෙල්ලාම බැහිය යුතු නිගමනය! මට ලෝකේ අත්හැරගන්න බැරිද පුලුවන්ද කියන එක දෙවෙනි කතාව. මට අත්හැරගන්න බැරි වුනත්, පුලුවන් වුනත්, ඇත්ත ඕකයි. ඔන්න ඔතෙන්ට බහින්න ඕනේ, දැන් හුඟ දෙනෙක් හරි බයකින් ඉන්නවා.

 

“අනිච්ච” කියන්නේ “ස්ථිර නෑ!’ කියන එකට සීමා වෙන්නේ නෑ,  බොහොම ගැඹුරු දහමක්:

    දැන් අනිච්චකියන වචනය ගත්තහම අපි ඕක තේරුම් අරගන්න ඕනේ. “ඉච්ච සේ නෑ!” අනිච්චයි කියන්නේ ඒකයි. ඔය ඉච්ච සේ නෑ කියන එක තේරුම් ගත්තහම අපි දකින්න ඕනේ ස්ථිර නෑකියන එක වෙන අර්ථයක්. “අද්වංකියලාත් ඕකට කියනවා. “අද්වං ජීවිතං ද්වං මරණං” – ජීවිතය ස්ථිර නෑ, මරණය ස්ථිරයි. එතකොට අනිච්චකියන්නේ එක අර්ථයක්, “අද්වකියන්නේ තව අර්ථයක්. ඔය වගේම ජීවිතං අනියතං මරණං නියතංඅනියත කියලා වචනයකුත් තියෙනවා, නියත නෑ කියන එක. එතකොට ඉච්ච කියන එක දකින්න ඕනේ, ඉච්ච කියන එකේ අනික් එක තමයි අනිච්ච. එතකොට ඉච්චයි කියන වචනයක් තියෙනවා, එතකොට ඉච්ච කියන එක කතාකරන්නේ නිච්ච / අනිච්චකියලා කතාකරනවා. අනිච්ච නැත්නම් නිච්ච කියනවා. ඒක හරියට අර ගඳ / සුවඳකියලා අද හදාගත්ත පදය වාගේ එකක්. දැන් සුගන්ධකියන එකට ගඳට පෙන්වන්නේ, ඒකේ විරුද්ධ වචනය ගඳ“, නමුත් නියම වචනය දුගඳ!” ගඳ කියන්නේ පොදු වචනය. මොන ගඳද? එක්කෝ දුගඳ හෝ, එක්කෝ සුගද හෝ. අන්න ඒ වගේ තමයි, “ඉච්චකියන එකට ගන්නවා නිච්චහෝ අනිච්චහෝ කියන වචන දෙකක්. අනිච්ච නැත්නම් නිච්චයිකියනවා, ඉච්චයි කියලා ගන්නේ නෑ! අර ගඳයි සුවඳයි ගත්තා වගේ එකක් වෙනවා එතකොට. “ගඳකියන්නේ පොදු වචනයක්. ඒක හොඳ ගඳ නම් සුගඳ“, නරක ගඳ නම් දුගඳ“, ගඳ කියන්නේ පොදු වචනය. ඒ වගේ ඉච්චකියන වචනය පොදු වචනයක්. “අනිච්චසහ නිච්චකියන්නේ ඒකේ දෙපැත්ත.

 

    ඕක වරද්දාගත්තොත් එහෙම තේරුම් ගන්න බැරුව යනවා. ඔතන තමයි මේ ධර්මය තුළ අද හිරවෙලා තියෙන තැන ඔය! ඕක දැක්කේ නැත්නම් අපිට ගැලවෙන්න බෑ! ඉච්ච සේ නෑ කියන එක කැමති සේ නෑ කියන එක දකින තාක් කල් අපි කැමැත්තට අනුව පවත්වන්න අපි දඟලනවා. කොච්චර ස්ථිර නෑ කිවුවත්, “ස්ථිර නැති වුනාට කමක් නෑ කැමති සේ තියෙනවා නම්!” අත්හැරෙන්නේ නෑ නේද? (ශ්‍රාවක මහතෙක් ප්‍රශ්නයක් අසයි.. පැහැදිලි නැත) ඔවු, දැන් මිනිහා විසින් කැමති සේ නැති දේවල්, මිනිහා විසින් ගොඩනඟාගෙන තියෙනවා. කැමති දේවල් හදාගෙන තියෙන්නේ මිනිහා, ගොඩක්. දැන් සතාට කැමති සේ පවත්වන්න, දැන් ලස්සන ගෙයක් කැමතියි මිනිහා, සතා ගෙයක් කැමති වෙන්නේ නෑ. එතකොට සතාට, දැන් අපිට අපි දකිනවා කැමති සේ පවතින්නේ නැති දේවල් වලින් ඇයි ඒ සතාට එහෙම වුනේ? ඇයි මේ ලෝකයේ තියෙන්නේ කැමති දේවල් ද? මොනවාටද කැමති?

 

(දේශනාවේ ඉතිරි කොටස බලාපොරොත්තු වන්න…)

 

~ අතිපූජ්‍ය වහරක අභයරතනාලංකාර මාහිමිපාණන් වහන්සේ ~

 

දේශනාව උපුටා ගන්නා ලද්දේ : https://www.waharaka.com/listen/CD001-08