Tag: ක්ෂය වීම

10 සංයුක්ත තැටියඉන්ද්‍රිය භාවනාවපිලිසමුපා

කුසළ සීලය

“අවිද්‍යාවේ තෘෂ්ණාවේ යම් පහවීමක් ඇත්ද”, ඒකයි “කුසල” කියන්නෙ. එහෙනම් කුසල සීලය කියන්නෙ අවිද්‍යාවයි, තෘෂ්ණාවයි පහවෙන යම්කිසි ශික්ෂණ ක්‍රමයක් තියෙනවද, ඒ ක්‍රමය අනුගමනය කිරීමෙන් කුසල සීලය හම්බෙනවා. එහෙනම් කුසල සීලය හොයාගෙන යන්න ඕනෙ. අන්න කුසල සීලය මොකක්ද කියල බලපුවාම, අවිද්‍යාව පහවෙන, තෘෂ්ණාව පහවෙන ශික්ෂණය මොකක්ද? අන්න “කුසල සීලය”.

දුක්ඛසදහම් සාකච්චා 1සිවු අරි සස්

ඛය ධම්ම, වය ධම්ම, සත්ව මාත්‍රය තුළින් දුක්ඛ අරිය සත්‍යය දැකීම

එක බල්ලෙකුට වෙඩි තිබ්බොත්, අනිත් බල්ලො පළාතෙත් නෑ, දුවලා, මරණ බය නැද්ද? ඉතිං “භයට්ටෙන දුක්ඛා” කියන එක මරණ බය ගත්තොත් එහෙම, බල්ලාටත් චතුරාර්ය සත්‍යය කරන්න පුළුවන්නේ ඔය විදිහට කියනකොට. ඌටත් බය තේරෙනවනෙ. ඒ බය වෙන එකක්. ඒක මේ ලෝක සත්වයන්ට පිහිටපු, මොලයක් ඕන්නැහැ ඒකට මේ ප්‍රඥාවක් ඕනේ නැහැ ඕක තෝර ගන්න. කපුටෙකුට වෙඩි තිබ්බොත් පැත්ත පළාතක නැහැ අනිත් කපුටෝ එකෙක්වත්. උන්ටත් ඒකට බයයිනේ. උන්ටත් තේරෙනවනේ මරණ බය කියන එක.

දුක්ඛසදහම් සාකච්චා 1සිවු අරි සස්

දුක් දොම්නස් දැකීම දුක්ඛ ආර්ය සත්‍යය දැකීමද?

එතකොට “දුක” කියන්නේ, ලෝක සම්මත දුක එකක්. ඒ දුක කවුරුත් දකිනවා, බෞද්ධ වෙන්න ඕනේ නෑ. එහෙනම් අපි දකින්න ඕනේ චතුරාර්ය සත්‍යයේ පෙන්වන දුක. දුක්ඛං භයට්ඨේන කියල පෙන්නනවා. එහෙනම් දුක දකිනවා කිව්වහම දුක, දුක්ඛ සත්‍යය වේද? දුක්ඛ සත්‍යය දුක්ඛ වේද?, යමකප්‍රකරණයේ ප්‍රශ්නයක් අහල විසදනවා. “දුක්ඛ දුක්ඛ වේ, දුක්ඛ සත්‍යය නොවේ. දුක්ඛ සත්‍යය, දුක්ඛ සත්‍යය වේ, දුක්ඛ නොවේ”.