රතන සූත්‍රයේ බල මහිමය සමාධිමය පටිභාන කවියෙන්…

රතන සූත්‍රයේ බල මහිමය
14 සංයුක්ත තැටියගාථා / සූත්‍ර විග්‍රහයන්පටිභාන කවි

පටිභාන කවි යනු දහම් සමාධියකින් යමක් අරමුණු කළ විට ඒ සම්බන්ධ තොරතුරු සහිතව මනෝමයෙන් ගෙතී එමින්, ශ්‍රාවක පිරිසගේ රාගාදී කෙළෙස් සිඳලීම පිණිස උපකාරී වන, භාවනා කමටහනක් බඳු, ගණ, තිථි, අක්ෂර නිවැරදිව ගැලපී එන කවි පදයි.

 

පටිභාන කවි උත්සාහයෙන් ගොතා කියන්නාවූ හිටිවන කවි වලින් වෙනස් වන්නේ එබැවිනි.

 

පටිභාන කාව්‍යමය හැකියාව සසර පාරමී බලයෙන් විවිධ මහ රහතුන් වහන්සේලාටද තිබී ඇති බව ත්‍රිපිටකයේ සමහර දේශනා වලදී උන්වහන්සේලා තථාගතයන් වහන්සේගේ ගුණ කවි දහස් ගණනින් ගායනා කරමින් වර්ණනා කර ඇති අවස්ථාවන් අධ්‍යයනය කරන විට පෙනේ.

 

දේශනාවට සවන් දෙන්න (අහන ගමන් කියවන්න)

රතන සූත්‍රයේ බල මහිමය සමාධිමය පටිභාන කාව්‍යය තුළින්...

 

  1. බුදු ගුණ ඇති උතුම් බුදු රජිඳුනේ ගරු කරන්නේ
    අනන්තවු ඔබ තුමන් සතු මග නුවණ සත වෙත බෙදන්නේ
    අනන්තවු නැණ මහඟු බල සමිඳුනේ අනුහස කියන්නේ
    අනන්තවු සෙත පතාමයි සමිඳුනේ සමවත නඟන්නේ
  2. බලා ඔබ රුව ගුණය සිහි කර සමිඳුනේ සත සැම ලෙසින්
    හලාහල විස වන් මෙවන් සංසාරයේ දුක දුරු කරන්
    පලා යන ලෙස සියලු දස බිම්බරක් මර සෙන් සැම ලෙසින්
    බලා සිට ගුණ දෙසුවෙ දම් කඳ මුනිඳු වඳිනෙමි ගරු සිතින්
  3. පැතුම් සත වෙත තබා මුනි රජිඳුනේ පෙරුමන් පුරන්නේ
    එදා දීපංකර නමින් බුදු රජිඳුනගේ පා වෙතින්නේ
    පතා තුම් මුණි ගුණය ලෝ සත වෙතට කරුණා සිතින්නේ
    ඉතා දුර මඟ සොයා ගත් සමිඳුනේ ගරු ලෙස වඳින්නේ
  4. සියලු යහපත සතට ගෙනදුන් සමිඳුනේ ලොව සැම ලෙසින්
    සියලු දුක් දුරුකරදෙවා නැණ නුවණ පාදන බුදු ඇසින්
    සියලු යහමග පතමි මුනි රජිඳුනේ ඔබ දුන් මග වෙතින්
    සියලු සෙත අද ලොව දිනේවා සමිඳුනේ ඔබෙ අනුහසින්
  5. යහපත පතා මුනි රජිඳුන් එම දානේ
    සදහම් ගුණය දෙවමින් යහපත මානේ
    යම් දා විසාලා යන පුර එම තානේ
    රෝ බිය දුරු කරපු හැටි සිහිවනු ඕනේ
  6. දෙවු බඹ පිරිස් සහ සැම ලොව තුළ ඉන්නා
    සැම මහ පිරිස ඒවා ගුණ දකිමින්නා
    පවතින දුක් ද දුරුකර සෙත ගෙන දෙන්නා
    මහ මුණි රජානන් අනුහස පවසන්නා
  7. බැලුවොත් තුන් ලොවේ තව කොහොමද රත්නෙන්
    සම රත්නයක් නැතිවෙයි ගුණ බල දක්නෙන්
    එම මුණි රජිඳුන්ගෙ ගුණ කඳ හද වික්මෙන්
    අද මා කියමි ලොවටම සැනසුම දැක්මෙන්
  8. බලමින් සියලු අය වෙත සෙත සැළසෙන්න
    මහ මුණි රජාණන් සතු ලොව දැක උන්න
    සැනසුම සොයා මුණි රජිඳුගෙ ලඟ ඉන්න
    මහ සඟ පිරිස් වඳිනෙමි ගරු බැතියෙන්න
  9. සත් ගුණ පතා මුණි රජිඳුන් දෙසු දහමෙන්
    මෙත් ගුණ පතා දුන් කරුණා ගුණ සාමෙන්
    අපමණ ගුණැති මහ මුණි රජ්ඳුගෙ නාමෙන්
    ගරු හිත තබමි සමිඳුනි සත සැනසීමෙන්
  10. පෙර දා උතුම් ගුණ යහපත ලොවට දෙනා
    සක්වල පැරදුනත් ඔබෙ ගුණ කඳෙහි වනා
    ගුණ නැත දෙදරන්නෙ සමිඳුනි සියලු දිනා
    මඟ පාදවා දෙයි සැමටම සියලු පිනා
  11. පතමින් මුනිඳුනේ ඔබෙ යහ ගුණ ගොන්නේ
    ඇති මහ රත්න බල මහිමය දෙසමින්නේ
    සම්බුදු අසිරි දී තුන් ලොව සළසන්නේ
    යහපත මිනිසුන්ට දෙන මග මෙලෙසින්නේ
  12. සෙත් ගෙන දෙවන මුනි රජිඳුනි ඔබගෙ ගුණෙන්
    මෙත් පල ලැබෙනු ඇත යහපත සකසවමින්
    සිත් ගෙන සියලු සත වෙත යහගුණැති නිවන්
    මෙත් ගුණ රත්න බලයෙන් දෙමි මෙබඳු ලෙසින්
  13. පෙර කලක මෙලෙසින
    විසාලා යන නමකින
    නුවරක් විය නිතින
    සියලු සැප සම්පතිනි සැමතැන
  14. බල ගෙන සැම ලෙසින්
    අහර පානද සැම තැන්
    එකම ලෙස මඟුලින්
    සැදුනු තැන් ලෙස තිබුණි පෙර වන්
  15. සැම තැන බලන්නේ
    කණු කොරු යයි ලෙසින්නේ
    කිසි තැන නොවන්නේ
    එදෙස සුර පුරයක් ම වන්නේ
  16. සැම තැන් බලා බැලුවත් වත සියලු තැනේ
    සැම තැන තොරන් සහ සැම යහ විලසකිනේ
    මාහැඟි මිහිඟු බෙර නද සහ සියලු තැනේ
    සංගීතයකි ඔප්නැංවෙන සියලු දිනේ
  17. බැලුවත් සියලු තැන ආහර හිඟ වන්නේ
    නැත කිසි තැනක හිතු පැතු විලසිම වන්නේ
    සැමදා ඇඳුම් තුළ කිළිටිය කියවන්නේ
    නැත කිසි කෙනෙකු තුළ යහමඟ එහි වන්නේ
  18. යන එන සියලු තැන මන්දිර මිස එන්න
    නැත අම්බලම් වැනි දේ එහි පවතින්න
    හැමදා රුසිරු හැඩ වැඩ කරගෙන උන්න
    එම මහ නුවර වෙයි මහ ලොකු ලෙසකින්න
  19. එම තැන විසාලා යන නම ගෙන එන්නේ
    සැමතින් විසාලයි ගුණ බල සමගින්නේ
    එනමුදු සසර ගති ලොවටද පල දෙන්නේ
    හැඩ වැඩ වුනු දෙය නෙ යම් දා වැනසෙන්නේ
  20. ලස්සන වුනොත් යම් දා යම් කිසිම තැන
    එලෙසට කිසිත් නොම පවතින විලසකින
    නැතිවෙන සොබාදහමෙහි තතු රැගෙන එන
    විලසින් දෙයක් සිදු විය එම නුවර ගැන
  21. ලෝ දම් ගුණය සැමදා නැත ගෙන එන්නේ
    එහි දුක් කරදරද සැම විට මෙලෙසින්නේ
    හොඳ සහ නරක එක එක ලෙස මතුවෙන්නේ
    මෙම උන සොබාදහමකි මෙහි සිදුවන්නේ
  22. වටකර හැඩට වැඩ කර ජලයෙන් ගලනා
    ගංගා සියලු ඇල දොල විල් එහි තිබුනා
    ලස්සන සුවඳ මල් ගොමු එහි සැම ලෙසිනා
    සුපිපෙන සුවඳ යයි දස අතකින් හමනා
  23. මෙලෙසින් කලක් යන විට මෙහි සිදුවන්නේ
    මහ නියඟයකි එහි දැන් දින දින එන්නේ
    බැලු තැන විසාලා මහනුවරය වන්නේ
    දැන් කොහොමදැයි එහි තතු මෙහි සිදුවන්නේ
  24. දින දින බොන්ට වත් ජල කඳ ඇති වෙන්න
    පෙර වැසි වසීවිය යයි අය සිතමින්න
    සතුටින් ගැවසුනත් එම ගති කොහි වන්න
    සිතු ලෙස නොසිදුවන බව ලොව කියමින්න
  25. යම්දා නොසිතු විලසට මෙය සිදුවනවා
    දින දින ඉඩෝරය සැම තැන වැඩි වෙනවා
    ගංගා සියලු ඇල දොල විල් සිඳි යනවා
    සැම තැන සියලු දුක් කරදර නැග එනවා
  26. බොන්නට දියක් කොහිදැයි අපහට වන්නේ
    යන්නට තැනක් නැහැ නෙවැ කොහි වන්නේ
    වටපිට ගෙවල් වල අය දැන් නිදියන්නේ
    ලින් ලඟ පැදුරු දාගෙන රැකලනේ උන්නේ
  27. බොන්නට තිබෙන දිය බිඳ අපෙ දිවි රකිනා
    දෙන්නට බැහැනෙ කාටත් කොහොමද කියනා
    ඉන්නට තැනක් දුන්නත් දිය බිඳු මෙතැනා
    දෙන්නට නොහැකි බව දනු පවසයි එදිනා
  28. බැලුවත් සියලු වටපිට කුම සිදුවන්නේ
    බොන්නට මිසක් නැහැ නෙවැ එහි දිය වන්නේ
    ගින්නට දැමු පිදුරු කොහොමද ඇවිලෙන්නේ
    එන්නට පෙරදි සැම ගිනි හද තුල වන්නේ
  29. බීගෙන යන්ට වත් ජල කඳුලක් දෙන්න
    අය්යෝ අපිට බැහැ නෙවැ මෙය ඉවසන්න
    කියමින් පිපාසිත දරු කැල එහි උන්න
    ලතවෙයි ජලය නැති හිඟමන් කියමින්න
  30. වටපිට දුවන තැන නැහැ ජල හමුවන්නේ
    මහ නියඟයෙනි මුලු රට අද වැනසෙන්නේ
    මෙලෙසින් විනාසය දින දින සිදුවන්නේ
    හැඩ වැඩ නගරෙ දැන් මල පිටියක් වැන්නේ
  31. සතෙකුට බොන්ට නැහැ දිය කඳුලක් දෙන්න
    මිනිසෙකු නමුත් තම ජීවිත රැකගන්න
    ඇඳුමක් කිලුටු වුවමුත් සෝදා ගන්න
    විලසක් නොමැති වෙයි දුක් කඳ එළෙසින්න
  32. සැම තැන නියඟ වැඩි වනවිට සිදුවන්නේ
    සැම තැන මළ කඳන් සතුනගෙ හමුවන්නේ
    දුගඳකි සියලු නගරයෙ සැම විහිදෙන්නේ
    මෙම තැන මහා තතු මෙහෙමයි සිදුවන්නේ
  33. වට පිට සිටින තැන ලෙඩ රෝ නැග එන්න
    දුහුවිලි සුලඟ ඇද එයි එක මොහොතින්න
    දුගඳට හමන දේ මුසු කර එළෙසින්න
    ඇදෙනා සුළඟ ලෙඩ රෝ ගෙන එයි ඔන්න
  34. යන්නට එන්නටද තව වටා කිසිම තැන
    නැත හෙවනකට ගස් වැල් වත් ඉතුරු වුන
    සැම තැන කාන්තාරය මෙන් කිසිම තැන
    නැත හෙවනකට ඉන්නට වත් කිසිම දින
  35. මෙම දා නැගුනු නියඟය තව වැඩි වෙනවා
    එම වට සියලු නගරද එම ලෙස වෙනවා
    කිසි තැන දිය පොදක් නැති ලොව ලෙස වෙනවා
    මහ ගංගා විලස කඳුලැලි මතු වෙනවා
  36. බලමින් මෙබඳු තැන දුක් ගිණි ගෙනදෙනවා
    මෙලෙසින් ලෙඩ රෝග සැම තැන මතුවෙනවා
    කන්නට අහර ඉන්නට තැන් නැති වෙනවා
    සැම තැන මහා දුක් සාගර ඇති වෙනවා
  37. සාගර කඳුළු උල්පත් ලෙස එහි එන්නේ
    දුක් සාගරය මිස නැහැ දිය පවතින්නේ
    මහ දුක් දෙවන විලසකි නගරයෙ වෙන්නේ
    අද මහ අපායකි මතු පිට පොළවෙන්නේ
  38. හැඩ වැඩ හොඳට ලස්සන කර තිබුණ තැන
    නොසිතූ අයුරු කිසිවෙකු මෙම විලසකින
    සැම දේ වැනසෙමින් යන විට දකින තැන
    මුනි රජ මතකයට එයි එම දහම ගෙන
  39. බැලු තැන් සියලු මෙම විලසට සිදු වෙනවා
    මෙම තැන සියලු ලොව තැතිගැනුමට දෙනවා
    යක් භූ පිසස් යන නම් එහි ලියවෙනවා
    බලි බිලි තොවිල් පොළවල් හැම තැන වෙනවා
  40. වටපිට සියලු තැන එක ලෙස ගිණි ගන්නා
    පොලවක් විලස ඉරි තලමින් වැනසෙන්නා
    එම තැන බලා කවුරුත් නැත එහි යන්නා
    අද මහ සොහොන් පිටියකි එහි පවතින්නා
  41. බලමින් සියලු තැන තතු මෙම ලෙස එන්න
    සිදු වුන විටදි මෙම කල එහි දකිමින්න
    සමහර විටක එම තැන් සතු ගෙනදුන්න
    නොයෙකුත් විලස පූජා තබනවා ඔන්න
  42. ගස් ගල් වටා රොක් වෙයි සමහරු ඉන්නේ
    බලි බිලි දෙවමි දෙවියනි මෙහි වැසි දෙන්නේ
    අනුකම්පාව අප වෙත මතු කරමින්නේ
    මෙලෙසින් කියයි යාගය යම් තැනකින්නේ
  43. තවෙකෙක් තව තැනෙක ගිණි ගෙන පුදදෙන්න
    නොතෙබුනු දෙයක් ගැනුමට මෙන් එලෙසින්න
    ගිණි ගත් පොළව තව ගිණි කළ විලසින්න
    දවලා මරයි සතුනුදු බිලි විලසින්න
  44. තැන තැන මෙබඳු දේ සැම විට සිදු වෙනවා
    එනමුත් කිසිම තැන යහපත කියවනවා
    බැලුවත් නොමැත දුක් ගිණි එහි පවතිනවා
    දින දින විසාලා විනාසය වෙත යනවා
  45. බලා මෙම තැන සියලු සත වෙත කුළුණු මෙත් ගුණ ඇති සිතින්
    එදා පුරෝහිත බමුණො අතරෙහි උතුම් බුදු රජ ගුණ වතින්
    සදා සෙත දෙන බමුණු කුල ඇත මහඟු ලෙස එම බල සිතින්
    පලා දුක් හල විළස එම අය නැගෙයි දැන් එහි මෙම ලෙසින්
  46. යකුනට කියා බලි බිලි අරගෙන එන්න
    තැබුවත් මුලා ගති පෙර නුඹලට ඔන්න
    කිවුවත් එපා යැයි ඔය දුක් ගෙනදෙන්න
    ඇසුවේ නෑනෙ ඇති ලොකුකමකට ඔන්න
  47. නුඹලට කොහෙද තව ලොකුකම් පවතින්නේ
    මේ මහා ඉඩෝරය මෙම තැන ගුටි දෙන්නේ
    වැරදිලි විලස ගත් පාපය මෙලෙසින්නේ
    විඳලා ඇත්ද දැන්වත් මෙහි පවසන්නේ
  48. මෙලෙසින් කියා සදහම් ගුණ ගඟුල ගෙන
    සිටිනා එවන් බමුණන් ඇත සුවය දෙන
    එම හඬ අසා රජ එම තැන සියලු වන
    පිළියම් නොමැති විලසින් දැක කිසිම වන
  49. කෙළෙසක නමුත් කම් නැත මෙම තැන ඉන්න
    මෙම මහ ඉඩෝරය දුරු කර සෙත දෙන්න
    හැකි නම් කෙනෙක් ඇද්දැයි ලොව තව ඉන්න
    දෙවියන් හටත් බැරි මිනිසෙක් කොහි වන්න
  50. මෙලෙසින් කියා යන විට එම ගුණ දන්නා
    යහගුණ ඇති එම බමුණෙක් එළෙසින්නා
    මුනි රජ ගුණය පසසයි මෙම විලසින්නා
    මහරජ තුමනි ඔබ අද මෙය දැනගන්න
  51. සාපය නැගෙන විට ලෝකය වැනසෙනවා
    කෝපය කරන තැන හද ගිනි ඇතිවෙනවා
    සාපය මෙබඳු මිනිසම ලෝකෙට දෙනවා
    පාපය හරින තැන යහපත සිදු වෙනවා
  52. යහපත කියාගෙන මුනි රජිඳුනගෙ ගුණේ
    මෙලෙසට දෙවයි ගරු කර එම විලසකිනේ
    ගරු බුදුරජාණන් ලොව අද මවිත වෙනේ
    ඇති තතු පෙන්වාවි අද ගනු රජිඳු සැනේ
  53. මහරජ තුමනි අද අපි මෙය පවසන්ණේ
    ඇති තතු දහම තුල ලැගුමන් කරමින්නේ
    යහපත් ගුණය හදවත් තුළ දරමින්නේ
    කරුණා සිතක් ඇති මුනිඳුන් දැකගන්නේ
  54. ගොස් සැම තැනේ යහපත් මග අරගන්න
    මෙම මහ විනාසය ගැන තතු දැකගන්න
    යහපත් මගක් යොදවා අද මෙලෙසින්න
    තුම් බුදු රජාණන් හමුවන්නට යන්න
  55. මෙලෙසින් කියා ගරු සිත ගෙන එවන තැනේ
    ලිච්ඡවි කියන රජ දරුවන් එකතු වුනේ
    මේ ටික කරමු යැයි අදහස සිතට ගෙනේ
    කණමැදිරියන් ලඟ එලියකි පහල වුනේ
  56. යං මහ ගුණය දැක මුනිදුගෙ පෙන්වන්න
    සත් ගුන නගාගෙන ලෝකෙට තතු දෙන්න
    මෙත් සිත හඬා දෙන ලෙස එම ගුන දන්න
    සත් ගුණ බමුණෝ පවසයි මෙම ලෙස මෙන්න
  57. මුණි රජ හඳක් පායන විට එහි යන්නේ
    එම හඳ පහත බැස මුලු ලොව දැක ඉන්නේ
    ඉර පායනා ව්ට එම තැන එම තැන් එහි යන්නේ
    එම හිරු මඩල බිම යන ලෙස නෙවැ වෙන්නේ
  58. ගරු සිත් රැගෙන මුනිඳුගෙ ගුණ දැන ඉන්නා
    ඉර හඳ මඩල මහ පොලවට ගැනෙමින්නා
    යන ලෙස සිටින මහ මුණි රජ සමගින්නා
    මහ මහ පිරිස දරු කැල ලෙස එහි ඉන්නා
  59. තැන තැන මහා ගුණ ඇති කඳ ලෙස වන්න
    සැනසුම සදා තුන් ලෝකෙට ගෙනදෙන්න
    බබලන මුනිඳුන්ගෙ ගුණ කඳ දැකගන්න
    ඒ තුම් රජාණන් මෙහි කැඳවනු ඔන්න
  60. මෙලෙසින් කිය යහපත් ගුණ සිතට ගෙන
    ලිච්ඡවි කියන රජ දරුවන් වෙතට ගෙන
    රජතුම කියයි යහපත් ගුණ විලසකින
    හමුවනු මැනවි එම මුණි රජ ගරු ලෙසින
  61. යහපත රැගෙන දෙන සමිඳුගෙ ගුණ දන්නා
    එම පිං ගුණැති බමුණා සහ එලෙසින්නා
    එම ලිච්ඡවි කියන රජ කුමරුන් දෙන්නා
    බමුණන් සමඟ යන්නට විය මෙලෙසින්නා
  62. බිම්සර කියන මහ රජ වෙත ගොස් ඉන්නේ
    හමුවී සියලු මෙපවත් පවසවමින්නේ
    මහ බුදු රජාණන් හමුවන්නට යන්නේ
    එම රජු සමග අවසරයෙනි පිටවන්නේ
  63. ගරු ගුණ මුනිඳුනේ යහපත සළසනවා
    මහ මෙර පැරදුනත් ඔබෙ ගුණ එහි වෙනවා
    තුන් ලෝ තිලක් මාහිමි මුණි රජ වෙනවා
    අපි වඳිනවා යැයි එම අය පවසනවා
  64. බලමින් මුනිඳුන්ගෙ ගුණ ගඟ ගලා යන
    සංසුන් සියලු තැන නගරයෙ මෙසේ වන
    කහ වත් දැවටු මහා සඟ ගන සිතේ ගුණ
    වඩමින් සිටී සැමතැන නිහඬයේ වන
  65. බලමින් යන තැනේ යහපත මතු වෙන්න
    හදවත සිසිල් කර සිසිලස ගනු මින්න
    එම තැන් බලා යන විට එම රජ ගොන්න
    මුනිඳුන් දකී තුන් ලෝකෙට සෙත මෙන්න
  66. ගරු මුනි රජිඳුන්ගෙ ගුණ කඳ කියන්නේ
    තුන් ලෝ සත අතර පමණක් නොවන්නේ
    අනත වු සක්වලේ දෙවි බඹ එතැන්නේ
    හමුවන තැන් පවා එහි නිති පෙනෙන්නේ
  67. යන තැන් සියලු අය මුනි රජ දැකගන්න
    දහවල කාලයේ පසුවන විට ඔන්න
    රෑ මැදියමේ දෙවි බඹ එහි රැක ඉන්න
    මුනි රජ වෙතට එනු ඇත පැන විසඳන්න
  68. ගරු මුනි රජිඳුන්ගෙ බල මහිමය දෙනවා
    යහපත කියා තුන් ලොව සත සනසනවා
    සත සෙත දෙවා නැණ බල මිණි ලෙස දෙනවා
    මහ නැණ පහන තුන් ලෝකෙම දැල්වෙනවා
  69. සැම තැන සියලු තැන බල මහිමය දෙන්නේ
    මුනි රජ වෙතට ගොස් මෙවදන් පවසන්නේ
    ගරු මුනි රජානෙනි ඔබෙ ගුණ ගඟ දන්නේ
    මෙතුවක් ගුණය නැතුවද ලොව හඳුනන්නේ
  70. මෙලෙසින් කියා දැකගෙන එම තැන ඉන්නා
    සමිඳුන් ගුණය ගඟුලක් ලෙස වැඩිවෙන්නා
    මුනි රජිඳුනේ මෙහි පැනයකි පවසන්නා
    මෙම මුලු ලොවට මහ දුක් ගිණි අද එන්නා
  71. වටපිට නොමැත දිය පොද මිනිසෙකුට වන
    බීමට හෙවත් නෑමට සහ කිසිම තැන
    බුදු රජිඳුනේ අත්වුන මෙම දුකෙහි කොණ
    අප හට පෙන්වන්න පිහිටට මෙබඳු දින
  72. සම්බුදු රජාණන් තෙරුවන් ගුණ බලෙනා
    සත් ගුණ කියා සෙත් කරවන ලෙස සොඳිනා
    මෙත් ගුණ පතාගෙන මුනිඳුගෙ ගුණ බලෙනා
    සත් සිත ඉතාගෙන බලවයි සැම ලෙසිනා
  73. බලමින් ගැඹුරු ලොව ලොව තතු දැකගන්න
    මහ මහ සෙනග වෙත මහ සෙත සැළසෙන්න
    තිබෙනා සියලු යහපත මතු කරමින්න
    අදිටන් කළේ සදහම් තතු දැක ඉන්න
  74. කෙළ ලක්ෂයක් වටකර සැම තැන තිබෙනා
    සක්වල විහිදවන අණ සක පතුරුවනා
    මහ මුණි වදන් බල දැනගෙන අද සොඳිනා
    දරුවනි හික්මෙන්න යහපත වෙයි නිතිනා
  75. මෙලෙසින් ගියා මග පෙන්වාගෙන එනවා
    සමිඳුනි වඩිනු මැන අප නුවරට වෙනවා
    දුක් හැර සිසිල දෙනු සදහම ගෙනියනවා
    මෙත් ගුණ කියන විට මුණි රජ පවසනවා
  76. පන්සියක් මා වෙතිනි එනු මැන සඟුනි වටකර සැම ලෙසින්
    මෙත් ගුණෙන් සෙත වඩමු නුවරම පිරෙයි සිසිලස සැම ලෙසින්
    මහ ගුණත් ලොව සියලු පැතිරෙයි සුදුසු කල වෙයි දැන නිතින්
    තත් ගුණෙන් එම තැනට වඩිනෙමු මුනිඳු අදහස දුනි සොඳින්
  77. ගෙන තුම් මුනිඳුන්ගෙ ගුණ සැම විහිදෙන්නේ
    යහ ගුණ බලා සහ පිරිවර විලසින්නේ
    ඉර හඳ මඩල මෙන් වටකරගෙන යන්නේ
    මහ සරු පිරිස් මෙනි ස්සඟ ගන වැඩමන්නේ
  78. තුම් බල නගාගෙන නුවරට එහි යන්න
    යන එම මොහොතෙ ගුණ කඳ හැම පැතිරෙන්න
    අදිටන් බල තැබී මුනි රජ මෙලෙසින්න
    සැම සක්වලේ මෙම අණසක පැතිරෙන්න
  79. යහපත් ගුණය ගෙන සැම විලසට නගනා
    තුම් බල මහිම එම විට යහ ගුණ සදනා
    තුම් මහ රුවන් පිරිසක් එහි දෙසවමිනා
    සත් ගුණ පැතුරුවේ යහපත වන ලෙසිනා
  80. ගරු සිත විහිදුවයි මුනි රජ සියලු තැනේ
    මහ බල මහිම මහ සවනක් ගුණයකිනේ
    විහිදා තිලොව ගුරු බුදු රජ එබඳු තැනේ
    මහ ගුණ පවසන්න විය ලොව මෙබඳු වුනේ
  81. බලගෙන සියලු තැන මා සතු ගුණ ගොන්නේ
    යහ මග ගන්න දරුවනි සෙත සැළසෙන්නේ
    මෙම ලොව රත්න කොහොමද ලොව තව වන්නේ
    දරුවනි තුන් රුවන් අද මෙහි දැනගන්නේ
  82. බැලුවොත් කිසිම තැන රුවනක් ලෙස ඉන්නා
    කවුරුද කියනු මැන මෙහි විස් එලෙසින්නා
    යම් දේ රුවනකින් ගැනුමට කොයි වන්නා
    ඇති එම රුවන් වල වටිනාකම දෙන්නා
  83. බැලුවොත් මිළ මුදල් වැනි සුලු දෙයට ගෙන
    මිල කළ හැකි ද දරුවනි එම රුවනෙ ගුන
    නුඹලට තිබෙන හැම රුවනම එබඳු තැන
    මිළකට යට කරන්නට හැක දනු නිතින
  84. දරුවනි සියලු තැන මහ බල මහිම ගෙන
    යම් තැන රුවනකින් තෙද වන දකින තැන
    මහ මිණි රුවන් පරදින තැන රුවනෙ තුන
    දනු මැන ගරුව යහපත දෙන මෙලෙසකින
  85. සැම තැන උතුම් රන් ගුණ හැම පරදවනා
    මහ මුණි රජාණන් ගරු ලෙස පවසවනා
    තුම් බුදු රුවන් වන හැටි බල ගෙන නිතිනා
    සෙත් ගුණ සදන්නට විය නුවරට සොඳිනා
  86. වැදගෙන එබඳු තැන මුණි රජ වැඩ ඉන්නේ
    එම තැන මහා සදහම් වැසි ගෙන දුන්නේ
    සඟ මහ ගුණය සැම තැන එය පතුරන්නේ
    මහ වැසි වලා පළමුව දහමෙනි දුන්නේ
  87. සැම තැන දුවන පනිනා ලෙස සිටපු තැනේ
    සංවර විලස ගත් අත පය සියලු වුනේ
    වට පිට බලන ඇස් නැත මුනි සඟැසි ගුණේ
    සංවර බවින් පෙන්වයි එම ලොවට පිනේ
  88. විදිදෙයි සෙත් කිරණ සම්බුදු ගුණ ගොන්නේ
    විහිදෙයි මෙත් බලය සැම ලොව සැනසෙන්නේ
    විහිදයි සඟ ගුණය සඟ රත්නයකින්නේ
    විහිදයි මෙවන් තෙරුවන් සෙත එළෙසින්නේ
  89. සැම තැන වසින වැසි දැන් කොහොමද එන්නේ
    මහ මිණි රුවන් පරදින රුවනකි වන්නේ
    මේ මහ පොළව කොහොමද වියළිව ඉන්නේ
    සම්බුදු ගුණය දරනට බැහැ එළෙසින්නේ
  90. යහ ගුණ බලාගෙන මුණි රජිඳුනගෙ ගුණේ
    උහුලන පොළව තෙත් වී මිස එබඳු තැනේ
    කරුණා හදින් තෙත් කළ එම පොළවේ පිනේ
    බැහැ වේලන්ට කිසි තැන එය දනු නිතිනේ
  91. යහ ගුණ පතා ගෙන එම තුම් ගුණය ගෙන
    සැම තැන බලා යන විට එම ගුණ වතින
    සඟ රත්නයේ මහ ගුණ පෙරහැර ලෙසින
    එම තැන සළිත කරනට විය හැම ලෙසින
  92. බල ගෙන සියලු තැන මුනිඳුගෙ ගුණය යන
    විහිදෙයි අහස පරදන ලෙස ඉහල කොණ
    මහ රජ ගුණය දැක සවනත සියලු තැන
    මහ දේවතාවෝ රැස්විය මොහොතකින
  93. වට කර සියලු තැන දැන් කොහි කුම වන්නේ
    යක් භූ පිසස් විස හෙම නැත එහි වන්නේ
    පෙර දා කරපු ලෙඩ සහ ඇති කුණු ගොන්නේ
    දුගඳට පහර වෙයි සදහම් බලයෙන්නේ
  94. වැදගෙන සියලු තැන වටකර මහඟු වන
    සදහම් ජලාසය ගලනා විලසකින
    මුනි රජ දෙසු දහමෙ අනසක පැතිරගෙන
    යන විට මහ පොලව ගුගුරයි මෙළෙසකින
  95. මිහි මත මුනිඳුන්ගෙ බල අද පවතිනවා
    මිහි කත කෙසේ නම් මේ තතු අරවනවා
    ඉන්නට බැහැනෙ එම තැන එහි නලියනවා
    මහ උල්පතක් මෙන් දිය කඳ එහි එනවා
  96. වටකර සියලු තැන හැම වට සියලු ලෙසින්
    සැම මහ වලාකුල් වටකර නැගෙන ලෙසින්
    එම මහ සෙත් බලේ අදිටන කුසල වතින්
    නැගුනේ එදා මහ පොළවෙන් උතුරු දෙසින්
  97. ඇදගෙන හැලෙන මහ වැහි එක ලෙස එනවා
    එකකින් අඩක් යන විට අනිකද එනවා
    මෙලෙසින් එකින් එක හැම වැහි පවතිනවා
    පොළවට උරාගෙන යහපත සළසනවා
  98. සැම තැන මිනී කුණු නැත එහි පවතින්නේ
    සතෙකුට පවා නැත දුක් කරදර එන්නේ
    මිහි මත සිටින හැම සත එහි මය උන්නේ
    විහිදෙන ජලය පිරිසිදුමය දැනගන්නේ
  99. යහපත පතාගෙන හැම තැන විහිද යන
    තුන් ගුණ බලේ මුනි රජිඳුගෙ සියලු තැන
    විහිදී මහඟු නැණ බල දෙන දහම ගෙන
    සෙත් වැසි වස්සවයි මුණි රජ ඇතුලෙ කොණ
  100. සත් ගුණ දකින මහ මෙර පරදා ඉන්නා
    සක්වල පවා එම බලයට හිස දුන්නා
    සත් ගුණ නගාගෙන සක්වල එළෙසින්නා
    සිත් ගෙන සදන ලෙස මහ වැහි බල දුන්නා
  101. සත සෙතට මහ මුනිඳු අරගෙන දෙසුව නැණ මග සැම ලෙසින්
    මෙත සිතට වන් ලෙසිනි සැම බල නැගී විත් එම අනුහසින්
    යහපතට මහ කුලුණු මෙත් සිත නගා සදහම් වැසි පිටින්
    සුවපතට මඟ දෙසා වදහලෙ සියලු රජ ගුණ ගෙන සොඳින්
  102. යහපත් ගුණෙන් ගෙන මෙම ගුණ යහපතිනේ
    දෙන විට සියලු තැන දෙවි බඹ එක ලෙසිනේ
    යහ ගුණ බලා යහපත් ගුණ වැසි ලැබුණේ
    දුගුනැති සියලු නොමිනිස් කැළ පිටම වුනේ
  103. කිසි විටක අහලකත් නැත යක් භූ කියනා
    දුගඳක් දුසිරිතක් ගෙන දෙන අය එදිනා
    සුසිරිත් ගරු කරන යහපත් දෙවු බඳිනා
    සැම අය එතැන එක්විය යහගුණ ලෙසිනා
  104. සත් ගුණ නැගෙන විට මුනිඳුගෙ වෙලෙසකිනේ
    සෙත් ගුණ සදාගෙන අදිටන් ලෙස සොඳිනේ
    මෙත් ගුණ බලා මුනිඳුගෙ එම දම් බලෙනේ
    සත් ගුණ සදා ගෙන සැම දෙවියන් එතැනේ
  105. ගනිමින් සියලු යහමඟ මිනිසුන් වෙතිනා
    මුනිඳුන් දෙසූ දහමේ ගුණයෙන් එතැනා
    දෙවු බඹ පිරිස් සහ ගුණදම් වැක්කෙරුනා
    මහ ජල ගලාවිත් සැම දොස් දුරු කෙරුනා
  106. එම තැන් නැගෙන මහ බල මහිමය එනවා
    මුනි රජ එදා යහපත එහි සලසනවා
    එම පුර දොරටු වෙත මුනි රජ පිටවෙනවා
    එම තැන් පටන් මෙලෙසින් එහි ඇමතෙනවා
  107. තුන් බල ආනන්ද අද මෙම තැනට දෙන
    මෙම සත් ගුණය දැන යහපත සලසමින
    ගෙන මා පතෙන් දිය ගෙන වට සරසමින
    ඉසිනුව මෙදරුවන් වෙත සෙත වෙයි නිතින
  108. ගරු සිත් රැගත් මහ බල ඇති අනඳ යන
    තුම් මහ මුණිඳුන්ගෙ යහපත් ගුණය ගෙන
    එමදා අනඳ හිමියන් ගරු ………. තැන
    එමදා ඉසින විට වටකර සියලු තැන
  109. මහ සිත් අසිරි වට ගෙව එන මොහොතකින
    සැම දේවතාවෝ වට විය සියලු තැන
    සැම තැන් අසිරි පෙර විලසට මතුවෙන්න
    මුනිඳුගෙ මහා ගුණ කඳ එහි නැග ඉන්න
  110. දිය දහරක් …. වටකර මො……
    එම සිසිලසට සිසිලස හිමි විය ඔන්න
  111. මහ බුදු සිසිල එම තැන තව බබලනවා
    ගරු ලෙස මුනිඳුන්ගෙ බණ පද කියවෙනවා
    එම දා සිසිල තුන් ලෝ තිලකය වෙනවා
    අද වන තුරා එම රට එහි බබලනවා
  112. ගරු බුදු රජාණන් ගරු සෙත් ගුණෙනි දෙන
    එම දා උතුම් මහ මිණි වන් රුවන වන
    එම තුන් මහා ගුණ ඇති මහ මැණිකකින
    පැරදිය නොහැකි රන් මිණි මුතු ගුණය දෙන
  113. මහ මුණි රජාණන් සදහම් සඟ කියනා
    මෙම තෙරුවනේ ගුණ බල එහි පවසමිනා
    සෙත් කර අසිරි අද මෙලෙසින් සවි බසිනා
    සමවත් සුවය ගෙන පවසමි මෙම ලෙසිනා
  114. යහපත් ගුණය ගෙන මුනි රජිඳුන එදිනේ
    පෙන්වූ උතුම් මඟ යහ ගුණ පවසමිනේ
    තුන් එම රත්න බල පෙන්වන විට නිතිනේ
    සැමදා සියලු ලෙස මෙලෙසින් සෙත සැදුනේ
  115. දිනකට සුවාසූ දහසක් වට ඉන්නා
    සෙනඟත් දෙවියනුත් මඟ ඵල ලබමින්නා
    හත් දින සිටින තැන එලෙසින් හත් ගොන්නා
    මඟ ඵල ලබන්නට විය සෙත සකසන්නා
  116. එම තුම් ගුණය ගෙන යහපත එබඳු තැනේ
    නැණ බල නඟාගෙන එන විට මෙබඳු දිනේ
    එම ආසිරි ගුණය අද යහපතට ගෙනේ
    තුන් බල සදා සැමටම සෙත් ගුණයකිනේ
  117. අද මෙම තැනද යහපත් ලෙස රැස්වෙන්න
    දෙවි බඹ සමඟ සැම යහපත් ගුණ දන්න
    සැමටද කළේ ඇරයුම් මෙම බණ ගන්න
    මෙම තුන් රත්න ගුණ සැම සිත වෙත ගන්න
  118. යම් දා සියලු ලොව තුළ තතු බලන තැනේ
    ඇති රත්නයන් අතරෙහි කුම පිදුම වුනේ
    බුදු රත්නයයි මහ රන් පැවතකිනේ
    එන එම ගුණයෙ තතු දනු මැන මෙළෙසකිනේ
  119. මුනිඳුන් මහා රත්නය ලෙස පවසන්නේ
    මොන හේතුවද සැම අය මෙහි දැනගන්නේ
    එම මහ රත්න භාවය ලොව හිමි වන්නේ
    කොහොමද කියා මෙය තේරුම් අරගන්නේ
  120. මිහි පිට තිබෙන තැන යට යට හාරන්න
    යට කර තිබෙන තැන ඇති ඉල්ලම ගන්න
    එතනින් ගරාගෙන මැනිකක් අරගන්න
    මෙම තැන රුවන් එයි මෙය දනු මෙලෙසින්න
  121. එළෙසින් රැගත් රුවනක් මුනිඳුට වන්නේ
    එම මුනි රජාණන් එළෙසයි එය ගන්නේ
    මෙම සාසනේ සීලය පොළවකි වන්නේ
    හාරන සමාධිය ඉල්ලම නොවැ වන්නේ
  122. සිල් ගුණ පුරාගෙන යහපත් විළසකිනේ
    කය සහ වදන හික්මවමින එම ලෙසිනේ
    සිත සමවතට ගෙන හොයමින් සැම ලෙසිනේ
    සමවත් ඉල්ලමේ පිහිටයි එම සැනිනේ
  123. සමවත් ගුණය තුළ හරියට බැලුව තැන
    එක එක විලස මිණි මුතු මෙන් එබඳු තැන
    පෙනුමට තිබුණ මුත් ගරමින් හොයන තැන
    ඇත්තේ මැණික් එක දෙකමය දනු නිතින
  124. එලෙසින් සමවතක සිට ගෙන බැලුව තැනේ
    එක එක තැනේ රැවටී ලොව කිසිම දිනේ
    නිවනක් නොලද අය සැරිසරමින් නිතිනේ
    බඹ ලොව ගතකරයි ගොස් රැවටුම් ලෙසිනේ
  125. එනමුත් එබඳු තැන යහ තතු දකිමින්න
    ඉල්ලම ගරන ලෙස සමවත් ගුණයෙන්න
    මුණි රජ සොයා දහමට අනු විලසින්න
    අනියත දුකද අනතය අත් හැර දුන්න
  126. යහපත් නැණ නුවණ නැමැති වු සියලු තැනේ
    සැම මිණි පරදවන මැණිකක් විලසකිනේ
    තුම් මහ සමාධිය නිවනින් සැකසවුනේ
    එම මඟ ලබාගති යහපත් බලයකිනේ
  127. ගත් මෙම උතුම් මඟ ඵල අත් කරමින්න
    ලොවුතුරු මහා නැණ බල නුවණැසකින්න
    ලැබු එම සමාධිය තුළ ඇති ගුණයෙන්න
    මහ පැණ නුවණ ඇති මැණිකක් ලෙසකින්න
  128. ලත් එම රුවන් බල මහිමය දැනගන්න
    තුන් ලෝ තිලක ලෙස වන් මැණිකක් දුන්න
    එම තුන් ගුණය ලෝකෙට ආසිරි දෙන්න
    මහ මැණිකක් වුනා තුන් ලොව බබලන්න
  129. යහපත රැගෙන එම තුම් බල මහිමයෙනා
    ලොව සත වෙතට සැම දුක් ගිණි හැරම දෙනා
    යහපත් නිවන් මඟ සොයමින් සුදුසු කෙනා
    එම මග රැගනු ඇත යහ ගුණ වඩන දැනා
  130. මුනිඳුගෙ එවන් ගුණ ඇති හැම ගුණ දෙන්නේ
    සැම මිණි රුවන් පරදන මැණිකක් වැන්නේ
    එම මහ සෙත් බලය සම ලෙස ගනිමින්නේ
    සිටිනට කෙනෙක් නැත මුනි වරු මිස වන්නේ
  131. මහ මුණි වරුන් වෙත පවතින ගුණය වන
    සවු මේ දත් ගුණය සම කළ කිසිම තැන
    නැත සම වන මුවක් යම් තැන දෙසුම ගෙන
    එම වන් මහා මිණි ගුණ ඇත මුනිඳු තැන
  132. මහ බල මුනිඳුන් ගෙ ගුණ මෙලෙසට එනවා
    එම රත්නයේ බල මහිමය පවසනවා
    තුන් ලෝ සියලු තැන එකලුද කරවනවා
    සවු මේ දත් බුදුන් ලොව තතු පවසනවා
  133. ලෝකය දකින තැන කෙනෙකුට දැකගන්න
    බැරිවන හිඩස සැඟවුනු තැන් ගෙනෙමින්න
    පෙන්වා දිගහරී දරුවනි දැකගන්න
    මේ තැන් බලා නුඹලා යහමඟ එන්න
  134. මෙලෙසින් කියා කරුණා ගුණ සිසිල ගෙන
    සැම මිණි පරදවන මහ මිණි විලසකින
    මහ බල රත්න භාවය ගෙන මුනිඳු ගුණ
    තුන් ලෝ සෙත දෙවී යහපත සළසමින
  135. එම බල මහිමයේ බල ලොව පවතිනවා
    එම මිණි රුවන තුන්ලෝ තිලකම වෙනවා
    සවු ලෝ පරදවන මහ මිණි ගුණ දෙනවා
    එම මහ රත්න භාවය සෙත සළසනවා
  136. තුන් ලෝ සතට ඇති සැම දුක් දුරුවන්න
    සැම රෝ දෝස දුක් කරදර හරිමින්න
    එම මුණි රජාණන් අනුහස් ගුණ ගොන්න
    මැණිකක් විලස වේවා සැමටම මෙන්න!
  137. සැම විස හැරදමා යහපත සැළසෙමින
    යහපත් ගුණෙන් මෙලොවද පරලොව කියන
    සැම දුක් දුරැර ගොස් යහමඟ ගෙන ලබන
    හැම සෙත ලැබෙනු ඇත මුනිඳුගෙ අසිරි ගුණ
  138. එම ගුණ සිරස ගෙන පළඳන ලෙස ගන්න
    එමඟින් ලැබෙයි යහපත සෙත එළෙසින්න
    මේ මහ රත්න හාවයෙ මහ කුසලින්න
    සැමටම සෙතම වේවා අද මෙලෙසින්න
  139. යහපත බලාගෙන මුනි රජ ගුණ දෙනවා
    එමඟින් සියලු සෙත හැමතැන පවතිනවා
    තුම් බල මුනිඳුන්ගෙ ගුණ මෙලෙසින වෙනවා
    මුනිඳුන් දෙසයි සදහම ලොව බබලනවා
  140. යම්කිසි තැනක ලෝකය ලෙස පැවත එන
    ඇසුරක් ඇතොත් බැඳෙමින් හිත එබඳු තැන
    වන්නේ දුකක් මයි ඇසුරෙන් දුටුව තැන
    අත්හැර දමන තැන දුක නැත දනු නුතින
  141. එම ලෙස සදාගෙන සකසන ගුණ ගොන්නේ
    රාගය ඇසුරු කළ සත හට කුම වන්නේ
    රාගය නැමති මහ ගිණි කඳ නැග එන්නේ
    ද්වේෂය දෙවා සැම තැන දවමිනි යන්නේ
  142. රාගය හරින මඟ මුනි රජ පවසනවා
    එම දම් ගුණේ තුන් ලෝකෙට සෙත දෙනවා
    රාගය අතැරගත් විට කුම සිදුවෙනවා
    ඒ තුම් විරාගික ගුණ කඳ මතුවෙනවා
  143. තුම් බල ගුණෙන් යහපත් මඟ ගෙන එන්නේ
    ඇල්මෙන් තමයි ලෝකයෙ පැවතුම වන්නේ
    පැවතුම ඇතොත් මරණය හිම මය වන්නේ
    පැවතුම නැති කරන මඟ මුනි රජ දෙන්නේ
  144. මුනි රජ දෙවන එම තුම් යහ ගුණ මගිනි
    පැවතුම් නැති කළොත් මරණය කොහි එතැනි
    අමරණීය යන නම් ගුණයට එවැනි
    එම තැන උතුම් නිවනම වෙයි දනු සොඳිනි
  145. එම තුම් ගුණය ගෙන යහ මඟ සළසන්න
    එම තුම් ගුණය දුන් සෙත් මඟ එළෙසින්න
    මහ බල දෙවයි තුන් ලෝ සත වෙත මෙන්න
    හැම මඟ පෙන්වාවි දම් ගුණ බලයෙන්න
  146. සදහම රැගෙන යන විට මුනිඳුන් දෙසනා
    නැණ බල නුවණ මතු කර සමවත් තුළිනා
    පෙන්වා උතුම් මඟ යහපත් ගුණ කඳිනා
    මෙත් බල දෙවයි සම ගුණයෙන් සැම ලෙසිනා
  147. එම ගුණ නැගෙන විට කුම එහි සිදුවන්නේ
    මුනි රජ එබඳු තැන සදහම් ගෙන දුන්නේ
    කවුරුත් නොමැත එතුමන් වෙත පවසන්නේ
    මහ නැණ නුවණ බල මහිමෙනි ලැබ ගන්නේ
  148. යහපත් දහම දින දින මතු කරගන්නා
    තම අත්දැකීමෙන් සැම දෙය දකිමින්නා
    මහ නැණ කුළු නඟා යහපත් විලසින්නා
    ලොවුතුරු බුදු වුනේ එයටයි දැනගන්නා
  149. යහපත රැගෙන දෙන එම සදහම් බලෙනි
    දෙසු එම ගුණය තුන්ලෝකෙට ගුණ නිතිනි
    සැම ගුණ පරදවන බල ඇත දනු සොඳිනි
    එම දම මඟ ගියොත් යහපත වෙයි මෙවැනි
  150. සැම දුක් දුරැර දෙන එක යහ ගුණය දෙන
    එක මඟ මුනිඳු දෙසු මඟ මයි දනු නිතින
    ඒ සත් බලෙන් මඟ ගතහොත් සංතොසින
    සැම දුක් හරිනු හැකි වෙයි දුක් හැර ලබන
  151. සෙත් මඟ නඟන එම මහ ගුණ පවතිනවා
    සැම මහ රත්න පරදා ගුණ ගෙනදෙනවා
    දෙසු දම් රත්නයේ බල අසිරිය වෙනවා
    එම අනුහසින් අද සැමටම සෙත දෙනවා
  152. යහපත් මුනිඳුන්ගෙ දෙසු දම් ගුණය ගෙන
    පවසා දෙවන විට හරි මඟ රැගෙන එන
    එම තුම් සදහමේ අසිරින් ලොවට දෙන
    මහ සෙත නැඟේවා සැම තැන කුළුණු ගුණ
  153. යහපත් ගුණෙන් දෙන මෙම සෙත් ගුණ දානෙන්
    සැම බල රත්න පරදන මහ ගුණ සාමෙන්
    දෙසු එම දහම සතුවෙයි ලොව සැනසීමෙන්
    අද එහි සෙත් පතමි දන් බුදු රජ නාමෙන්
  154. බලමින් සියලු තැන යහපත සිදුවෙන්න
    මුනි රජ දෙසූ සදහම් මහ ගුණ ගොන්න
    ඇසුරෙන් ලබන සෙත් ගුණ වත් සමගින්න
    සමවත් නැඟෙන විට එම මොහොතෙම ඔන්න
  155. කෙනෙකුට එවන් යහපත් මඟ දකින තැනින්
    සම සුව සැදෙයි සමවත් ගුණ සිසිල දෙමින්
    එම තුම් මඟේ අතරක් නැත එබඳු තැනින්
    එම තුම් ගුණය ඇති සදහම ගනුව නිතින්
  156. සදහම් ගුණය යම් තැන පිවිතුරු වෙනවා
    පිවිතුරු බවට පත්කර සමවත දෙනවා
    එම දෙන සමානවු දහමක් කොහි වෙනවා
    වෙන දම් නොමැත මුනි රජ දෙසු ලෙස වෙනවා
  157. දෙසු ඒ දහම සත හට යහපත වෙන්න
    එමඟින් තමයි යහපත් මඟ ගෙන දුන්න
    මුනිඳුන් දෙසු දහමෙ මහ බල ගුණ ගොන්න
    සැම තැන පරාදයි සැම රත්නය මෙන්න
  158. මහ බල ඇතිවු එම තුන් බල දහම දෙන
    සමිඳුන් දෙසුව මහ බල ඇති දහමෙ ගුණ
    සැම රන් පරාදයි යහපත නුවණ දෙන
    එම මහ බලය මැණිකකි තුන් ලොව තිබෙන
  159. එම මහ බලෙන් සැමටම සෙත අත්වේවා
    තුන්ලොව බබලනා දහමක් නෙත් දේවා
    එමගින් සැම සතට මිණි මුතු ගෙන දේවා
    මහ මිණි රටාවක් දහමින් පැළඳේවා
  160. යහ ගුණ දෙවන විට තුම් බල මහිම ගෙන
    යහපත් ගුණය ගෙන එම දම් සිසිල දෙන
    සමවත් සුවය ගත් කල දන සියලු තැන
    සමවත් සුව ලබයි සැනසුම සිතට ගෙන
  161. යන එන ගමන සැමතැන කොහොමද වන්නේ
    සංවර බවේ සංකේතය ලෙස වන්නේ
    සිත කය වදන පිරිසිදු ගුණ බලයෙන්නේ
    සැම මිණි පරාදයි එතුමන් ගුණ දන්නේ
  162. යහ ගුණ බලෙන් සඟ ගුණ එම ලෙස වෙනවා
    විරි දුය කියන විස ගති නැති කරවනවා
    සැම තැන සමානය යහපත පවසනවා
    ලෝකය විටක සම සිසිලස සෙත දෙනවා
  163. යහපත පතා එන විට සඟ ගුණ ගොන්නේ
    බල මහිමයෙන් යහපත මය සිදුවන්නේ
    එම තුම් රහත් ගුණ ඇති මහ සඟ ගන්නේ
    එම තැන මැණික් මය සැම එය පරදන්නේ
  164. මහ බල මිණි රුවන් පරදන ගුණය දෙන
    මිහි පිට වඩින මහ මැණිකක් විලස වන
    එම සඟ රත්නයේ ගුණ බල පැතිරගෙන
    සැම ලොව හික්ම ඒවා සෙත සියලු තැන
  165. යහපත් මඟින් සෙත් ගුණ බල මතුවෙන්න
    එම මහ සුමඟ පිළිපන් සඟ ගුණ දන්න
    එම අය වෙතට තතු දනු නැණ විලසින්න
    නැත කම්පාව කිසි තැන ගුණ ඇත මෙන්න
  166. අටලෝ දහම වටකරගෙන නොවැ එන්නේ
    එනමුත් කොමද එම තැන තතු දැනගන්නේ
    තුන් ගුණ තිබෙන ඵල සමවත් බලයෙන්නේ
    යහපත් ගුණය විඳ එයි යහපතකින්නේ
  167. තම ඵල තිබෙන බල ගෙන එන ගුණ දන්නා
    සඟ රත්නයේ මහ අනුහස දැක ඉන්නා
    යහපත් ගුණෙන් සැම සෙත මතුකරවන්නා
    තුන් ලෝකයට මිණි පහනක් ලෙස වන්නා
  168. එම තුම් ගුණය යහපත මය සළසන්නේ
    යම් දා යහපතක් මතු කරගෙන දුන්නේ
    එම මඟ කිසිම දින දුක් ගෙන නොම දෙන්නේ
    සැනසුම මුලු සමාජයෙ සැම වෙත වන්නේ
  169. ලෝකය වෙතට දෙන එම මහ කුළුණු ගුණේ
    සමවත් සුවය ලත් සඟ ගණ කිසිම තැනේ
    නැත ලොප් කරන්නේ ලොවකට සිසිල ගෙනේ
    එම මහ මැණික් සෙත දේවා මුනිඳු ගුණේ
  170. යහපත් ගුණය ගෙන බැලු විට කිසිම තැන
    මහ බල කොවුල් ගැන හිතුවා පොළවේ කැන
    යටැතින් සතරකින් එක් පංගුවක ගෙන
    උඩ වෙත සිටින ලෙස තැබුවොත් වසද එන
  171. සුළඟින් කිසිම විට කම්පා කරවන්න
    බැරිවෙයි එබඳු ඇති අනු සොබාවයකින්න
    එම තතු දකින සඟ රත්නයෙ ගුණ ගොන්න
    කැළඹිය නොහැක කිසි අටලෝ දහ මෙන්න
  172. යහපත් සඟුන් සතු වන එම මහඟු බලෙන්
    කම්පා විරහිතවු සිත් ගුණ ගුණය තුළින්
    සැමටම සිසිල දේවා සැම කලෙහි එතැන්
    කැළඹුම් නතර වේවා විස ගිලපු ලෙසින්
  173. කෙනෙකුට කයට ඇති විස ගති ලෙස වන්න
    ඊරිසියාව සහ වෛරය එළෙසින්න
    සැම පලිගැනුම් දුරුකර මෙත් ගුණයෙන්න
    සඟ සෙත් බලය ඒවා සැම සෙත දෙන්න
  174. දුක් නැති විලස සැම යහපත ඇතිවෙනවා
    තුම් බල මහිමයෙන් ලොව සැනසුම දෙනවා
    මහ සඟ රත්නයේ එම ගුණ මතුවෙනවා
    කම්පා නොමැති හිත් ලොවටම සෙත දෙනවා
  175. යහපත පතාගෙන බල මහිමය රැගෙනා
    තුන් බල යහපතින් සිවු සත් දම් ගුණෙනා
    යහපත් විලස දැනගත් විසඳුම කරනා
    සෝතාපන්න ගුණ ඇති වෙයි දනු සොඳිනා
  176. යහපත යහ ගුණෙන් මහ පැණ විසඳමින
    නැණ බල දල්වමින් ලොව තතු දැන නිතින
    වටහා සියලු සදහම් සතු යහපතින
    ගත් විට සියලු විස බල වෙයි මෙම ලෙසින
  177. යම්දා කෙනෙක් සක්විති ලෙස රජ වෙන්නේ
    එනමුත් අත්බැවයි ඒ සුව පවතින්නේ
    මතු අත්බැවේ සිට සසරෙහි ඔහේ යන්නේ
    ඔහු තුළ ලැබූවක් නැතිවෙයි දැනගන්නේ
  178. එනමුත් උතුම් සඟ රත්නයෙ ගුණය දැන
    යම්දා උතුම් සදහම් වල සියලු ගුණ
    අග මුල සියලු දැන යහපත් නුවණකින
    සෝතාපන්නයෙක් වුව හොත් එබඳු තැන
  179. ගරු සිත රැගෙන යන විට එම බව ගන්නේ
    නැහැ කිසි දිනෙක සිවු තැන දුකකට යන්නේ
    යහපත් සුගතිගාමී ගති පවතින්නේ
    වැඩි වුවහොතින් හත් භවයයි තව යන්නේ
  180. එමඟින් ගියොත් කුම එම තැන සිදුවෙන්න
    මෙම දුක් අතැර ගිය කෙනෙකුන් විලසින්න
    තුන් ලෝකයේ සත වැඳුමන් හිමිවන්න
    ගරු ඇති කෙනෙක් වෙයි සඟ ලෙස එළෙසින්න
  181. එම තුම් මහා සඟ ගුණ ගෙන දරණ තැනේ
    එම මහ ගුණය නිති සළසා මෙබඳු දිනේ
    එම සෝතාපන්න තැන් සිට එබඳු තැනේ
    නැග එන උතුම් මඟ ඵල ඇති එසඟ ගුණේ
  182. ගරු කර වඳිමි යහපත් ලෙස සෙත වන්න
    එම මහ රත්න බල මහිමය ලොව දුන්න
    මිනිසුන් සමඟ සැමටම විත් පැතිරෙන්න
    මහ සඟ රත්න වේවා ලොව සත මෙන්න
  183. එමඟින් සියලු සෙත් ගුණ මතුකර ඒවා
    තුම් බල රත්න මඟ ඵල ලෙස බබලාවා
    එම තුම් සඟුන් තුන් ලොවටම සෙත දේවා
    මතු වී මිනිස් ලොව අද මෙහි බිහි වේවා
  184. යහ ගුණ බලාගෙන සත හට සෙත වන්න
    සම ඵල ලත් උතුම් ගුණ වත් විලසින්න
    බුදු සවු වෙලා නැණ බල මහිමය ගන්න
    සැම මිණි පරදවන මැණිකක් ලෙස වන්න
  185. යහ ගුණ ලැබෙන විට තුන් ලොව එකලු වන
    මහ සම්පතක් වන් සැම එම පරදවන
    මහ මැණිකක් විලස වන් ගුණ සිතට ගෙන
    සඟ ගුණ සපුරන්න සෙත් වෙයි සියලු තැන
  186. එම සෙත් වලින් ලොවටම සෙත අත් වේවා
    මග ඵල ලැබූ සඟ පිළිවෙත් සෙත් දේවා
    තුන් ලෝ සතට මහ මෙත් සිත් ගෙන දේවා
    සත වෙත සමාදානය ලොව පැතිරේවා
  187. යහපත් ගුණය ගෙන සත් බස මෙබඳු තැනෙන්
    සත් ගුණ නඟන විට තුම් බල මහිම තුළින්
    එම තුම් ගුණය ඇති සෝතාපන්න ලෙසින්
    සිටි අය වෙතට සිත් සැකසෙයි මෙබඳු ලෙසින්
  188. කිසිවිට තමන්ගේ යයි කුල අරගන්න
    දඩි ලෝභයක් නැති වෙයි එම විලසින්න
    මට ගන්නටයි යනුවෙන් කොහි පවතින්න
    දේ නැති බව දනී එම සඟ ගුණ ඔන්න
  189. එම තැන් දකින විට කුමදැයි සිදුවන්නේ
    අත්බැව වෙතට ඇති ඇලුමන් හැරලන්නේ
    යහපත් ගුණෙන් දුටු විට සදහමකින් නේ
    ලොව තතු දකිනු ඇත හරිහැටි දැනගන්නේ
  190. සමිඳුන් දෙසු විලස සදහම ගුණ දන්නා
    දැකගෙන එබඳු හරි මඟ වෙත පිවිසෙන්නා
    සිල් වෘත හොයාගෙන එම තැන් කොහි යන්නා
    යන මඟ දකිනු ඇත එම සඟ ගුණ දන්නා
  191. එමඟින් නුවණ ගෙන යන විට එබඳු තැන
    නැත මඟ පෙන්නුමක් ඉන්පසු කිසිම තැන
    යහ මඟ දැක යටම යන එම එබඳු තැන
    එම සෝතාපන්න නම් වෙයි සියලු තැන
  192. යහගුණ ලැබෙන විට සැම සෙත ගෙන එනවා
    මහ මිණි පරදවන මැණිකක් ලෙස වෙනවා
    එම රත්නයේ බල ලොවටම පැතිරෙනවා
    හරි මඟ පෙනේවා ලොව සෙතමය වෙනවා
  193. යහගුණ බලාගෙන එම තුම් ගුණ දන්න
    අයි වෙත යහපතින් ගුණ ඇත මෙළෙසින්න
    පාපය වෙතට හිත ගිය මුත් දැනගන්න
    පවුකම් කළත් නොසඟමවයි මෙළසින්න
  194. තම හිත, කයද, වදනද යන කිසිම තැනේ
    වැරදිවු දැකුමකට නැත ඉඩ දනු නිතිනේ
    දැක්මෙන් එහරි මඟ එන විට එබඳු තැනේ
    කළ එම වරද දිස්වෙයි එම මොහොතෙ සැනේ
  195. තම හිත ගතින් කළ වරදක් නැති වෙන්න
    තම වචනයෙන් ආවත් වටකරමින්න
    මහ පවු සයක් නැත සිදුවන තතු ඔන්න
    සහමුළ නොවෙන ලකුණක් එයි දැනගන්න
  196. සඟ ගුණ සපුරමින් එම තැන් මෙබඳු වන
    සෝතාපන්න යන ගුණයට ගියැති තැන
    ආනන්තරික යන පස් පව එතැන ගෙන
    නැත සිදුවන්නෙ එම ගුණ ඇත බලය ගෙන
  197. එම පින් සියලු තැන් කිසිදා දැකගන්න
    මිසදිටු බවක් වෙත හිත් නොම ගොස් ඔන්න
    හරි මඟ දැක දැකම නිවනට පැමිණෙන්න
    මඟ සැළසිලා ඇත එම ගුණයට මෙන්න
  198. එම තැන් නැගෙන විට සඟ ගුණ බලය ගෙන
    යහපත් රුවන් පරදන එම මහඟු වන
    එම බල මහිම ඇති විට කුම සියලු තැන
    සත් මිණි පරදවන මහ මැණිකක් වෙයි නිතින
  199. යහපත පතාගෙන සත් ගුණ බල වතිනේ
    මෙම තුම් ගුණය දුටු විට යහපත් ලෙසිනේ
    තුන් ලෝ සතට මිණි පහනක් ලෙස සොඳිනේ
    දැල්වෙන එළිය එනු ඇත එමඟින් නිතිනේ
  200. එම මඟ සියලු සත හට මහ සෙත දේවා
    තුම් ගුණ් බලේ ආසිරි ලොව පැතිරේවා
    එමඟින් සියලු තැන යහපත් වැසි දේවා
    තුන් ලොව දිනන ලෙස යහපත රජ වේවා
  201. ගිම්හානයේ පළවැනි මස එබඳු තැනේ
    පිපෙනා සියලු මල් ගොමු ලෙස මුනිඳු ගුණේ
    බබලයි ලෝකයේ රොන්සුනු විළසකිනේ
    සදහම් දෙවාලන ලෙස අද වන ලෙසිනේ
  202. යහ ගුණ බලය දැන එම දා පැවත එන
    මල් පිරි කැලෑවක සලකුණු විලසකින
    පෙන්වූ එවන් උපමා ඇති මුනිඳු ගුණ
    සිහි කරගන්න මෙම ලෙස තතු දැකම ගෙන
  203. යහපත් විළස පිපුනොත් මල් සුවඳ දෙන
    රස පැණි සියලු දෙය ඇත එහි එබඳු තැන
    බඹරුන් වටා කැරකී ගොස් එබඳු දෙන
    රොන්සුනු රැගෙන ගොස් මී වද බඳිති දැන
  204. එමඟින් හදවතේ නැඟ එන ගුණ දන්නා
    එම ගුණවතුන් මුණි රජ වෙත පැමිණෙන්නා
    රොන්සුනු විලස දෙසු සදහම් ගුණ ගන්නා
    සකසා හදවතේ මී ලෙස බැඳගන්නා
  205. යහ ගුණ බඳින විට මී ලෙස යහපතිනේ
    සත් ගුණ නැඟී සෙත් ගුණ නැග විත් සොඳිනේ
    මුලු ලෝකයට සන්තොස ගුණයෙන් සොඳිනේ
    දෙන සෙත නැඟෙනු ඇත දනු මැන මෙම ලෙසිනේ
  206. එම තුම් ගුණය දින දින මතු කරවන්නේ
    තුන් ලෝකයට මිණි පහනක් විලසින්නේ
    ආලෝකයෙන් දැල්වූ ලෙස මෙලෙසින්නේ
    ආලෝකයක් ලෙස එම අය බබලන්නේ
  207. එම තුම් බල මහිම යහපත ගෙන දෙනවා
    මුනිඳුන් ගුණය හැමදා මෙම ලෙස වෙනවා
    රන් පරදවන බල මහිමය මතු වෙනවා
    මහ මැණිකක් විලස එම බල නැග දෙනවා
  208. සැම පරදවන මැණිකක ඇති ගුණය දෙන
    තුම් බල රත්න භාවය ඇති මුනිඳු ගුණ
    එලෙසට දකින විට මුණි රජ දෙසුම තැන
    මුණි රජ අග තැනයි දනු මැන මෙබඳු දින
  209. යහ ගුණ බලය ගෙන සත හට සෙත දෙන්න
    එම මහ මුනිඳුන්ගෙ ගුණ කඳ පැතිරෙන්න
    අදිටන් කරමි මුනිඳුනි මෙහි වැඩමන්න
    තුන් ලෝ තිලක ලෙස යහපත සළසන්න
  210. ගරු කර මුනිඳුන්ගෙ බල මහිමය දෙනවා
    යහපත අසිරි බලයෙන් සළසවවනවා
    ණැන බල නඟා සත් බස මතු කර දෙනවා
    තුන් ලෝ තිලක මුණි රජ සෙත ගෙන දෙනවා
  211. එම ගුණ කඳේ බල මහිමෙන් සියලු තැන
    සත් ගුණ නැඟේවා හදවත සියලු දින
    සැම මිණි පරාදයි මුණිඳුගෙ රුවනෙ ගුණ
    අද හැම තැනම පැතිරේවා සෙතම ගෙන
  212. තුම් බල මහිම ගෙන යහපත සිදු වෙන්න
    මහා බල මහිම ඇති නුවණින් දකිමින්න
    මහා බල උසස් ගුණයෙන් වට සුමතින්න
    අරගෙන යයි එවන් යහපත් මඟ මෙන්න
  213. මුණි රජ උසස් බලයෙන් යහපත් ලෙසිනේ
    දෙසුවේ උසස් දහමකි සවු සෙත සොඳිනේ
    එමඟින් මුනිඳුන්ගෙ යහපත් ගුණ ලෙසිනේ
    මහා බල උසස් ගුණවත් බව වෙයි නිතිනේ
  214. කිසිදා කිසිවෙකුට මුණි රජ දෙසුව තැනින්
    වැඩි යම් යමක් දෙසනට ඇති නුවණ තුලින්
    පුලුවන් කමක් නැත මුනිඳුන් උතුරු ලෙසින්
    බල ගෙන් සිටිනු ඇත සැම අභිබවන ලෙසින්
  215. එම මුණි රජිඳුන්ගෙ දෙසුමන් සෙත දෙන්නේ
    තුන් ලෝකයට මිණි පහනක් ලෙස වන්නේ
    එම මුණි රජාණන් බල ආසිරි දෙන්නේ
    තුන් ලෝකයට මිණි ලෙස සෙත පතුරන්නේ
  216. මහ සෙත නැඟෙන විට තුන් ලොව සියලු තැන
    මුනි රජිඳුන්ගෙ අනුහස් බල සෙතම දෙන
    සදහම් නුවණ අරගෙන ගියහොතිනි තැන
    මතු කරගනී සම්බුදු රජ නුවණතින
  217. එමඟින් සියලු මහ බල සෙත අත්වේවා
    මුනිඳුගෙ සියලු ගුණ කඳ ලොව සෙත් දේවා
    යහපත් මහිමයෙන් සැමටම සෙත් වේවා
    අනතවු සිසිල මුනි රජිඳුන් ගෙන දේවා
  218. බල මහිමයෙන් එම සෙත් ගුණ බලය ගෙන
    මහ බල රත්න ගුණ පෙන්වා මුනිඳු තැන
    යහපත් ගුණය මතුකළ විට සියලු තැන
    යහ ගුණ වතින් එයි සඟ ගුණ රැගෙන දෙන
  219. තුම් බල මහිම ඇති මුනිඳුන් ගෙන දුන්න
    සදහම් ජලාසයෙ හදවත තබමින්න
    මඟ ගෙන ලබාගෙන වඩමින එලෙසින්න
    සඟ බව ලබයි සත යහපත් ගුණ දන්න
  220. එමඟින් සියලු යහපත මතු කර එනවා
    එම අය සියලු යහපත් ගුණ ගෙන දෙනවා
    සසරේ කරපු හැම පින් පවු හැර යනවා
    අත්බැව කෙළවරයි, එළෙසම සෙත දෙනවා
  221. යහගුණ ලබන විට එම තුම් ගුණය ගෙන
    මතු භවයකට නැත හිත තුළ ඇළුම තැන
    යහපත ගුණය ගෙන මඟ පෙන්වන ලෙසින
    තුම් බල රහත් පදවිය සෙත දෙයි මෙවන
  222. කුමනම හේතුවක් ආවත් කිසිම තැන
    මතු භවයකට නොනැමෙන හිත එබඳු දෙන
    තුම් බල රහත් උතුමන් වෙත සිතිනි දැන
    සුපහන් ලෙසම පවතී සෙත සළසමින
  223. එමඟින් සියලු යහපත් ගුණ ගෙන දෙන්නේ
    දැල්වුණු පහන විලසයි මෙය පවතින්නේ
    යම්දා නිවෙන විට පහනෙහි කුම වන්නේ
    තුම් ආලෝකයයි යළි එහි නොම වන්නේ
  224. ගිය තැන් නොමැත ආ තැන් තව කොහිද වන
    කිසිවක් සියලුම එම සසරෙ එන
    කුණු දුක් වියලු දහවල ඇති විසර දැන (කවිය 100% නිවැරැදිව පැහැදිලි නැත )
    හැර එම තැනින් ලබවයි සෙත සිසිල දෙන
  225. හැම තැන සියලු විස ගති දුරු කරමින්න
    පාපය සියලු පහ කර සෙත ගනිමින්න
    තුම් බල මහිම ලත් එම මහ සඟ ගොන්න
    තුම් බල රහත් ඵලයෙන් සෙත සැළසෙන්න
  226. ලබමින් සියලු තැන මග ඵල ඉහළ ලෙසින්
    සියලුම දුක් ද දුරු කර ඇත මුනිදු බසින්
    එමගින් රැගත් බල ගෙන එම මගම ගොසින්
    ලැබ එයි රහත් ඵල පිරි නිවනටම යමින්
  227. එමඟින් ලබන මහ සැනසුම අත් වෙන්න
    තුන් ලෝ සතට මෙම මහ සෙත් ගුණ දුන්න
    මුනිදුන් ගරු කරමි වඳිමින් කියමින්න
    සක් රජ වඳී එමදා එහි මෙළෙසින්න
  228. යහපත් මුනිඳු ගුණ තුන් ලෝකෙට දෙන්නේ
    එමඟින් දෙසු දහම සෙත මය සිදුවන්නේ
    දරු අප සියලු දෙන එම මහ මුනිදුනේ
    ගුණ ගරු කරමු සෙත දෙමු සැම මිනිසුන්නේ
  229. මෙළෙසින් එදා සක් දෙවු රජ පවසනවා
    මුනිදුගෙ මහා ගුණ කඳ දෙස නෙත දෙනවා
    බලමින් බබලමින් මහ සෙත ගෙන දෙනවා
    සැම සත එක්ව මුනි රජිඳුට නමදිනවා
  230. ගරු කර කියයි මෙළෙසින් සැම සියලු තැන
    දෙදෙවු ලොවට සක්වළ අප සියලු වන
    නායක කියන නම් ඇති එම සමිඳු ගුණ
    දත් එම දෙවු රජුන් පවසයි මෙබඳු වන
  231. සැම දරු සියලු අය අද මෙහි රැස්ව එන
    නුඹලා දුටු තැනකි මුනි රජ ගුණය ගෙන
    සැම යහපතම සළසන එම මිනිසු ගුණ
    ගරු කර සිටිනු මැන වඳිමින් සියති දැන
  232. යහ ගුණ රකින අය අද සිට දැකගන්න
    ගරු කර නැමැද එම කුසල ද අරගන්න
    යහපත් අය විළස කළ ගුණ ගැන දන්න
    රැකගමු සියලු මිනිසුන් යැයි දෙසු ඔන්න
  233. එම මග කියා යළි මෙළෙසට පවසනවා
    සදහම් ගුණයෙ ගුණ කඳ අද බබලනවා
    එම දම් මග රකින අය වෙත සෙත දෙනවා
    ගරු කර වඳිමු, සෙත දෙමු යැයි පවසනවා
  234. යහ ගුණ පතා එළෙසම තව කියවන්නේ
    මේ ලොව මහා මිණි පහනක් ලෙස වන්නේ
    මුණි රජ දෙසු දහම එළෙසම ගෙන යන්නේ
    මහ සඟ රත්නයක් ලොව සැම බබලන්නේ
  235. තුන් ලෝ සතට මහ පින මතු කර දෙන්නේ
    එම මහ සංඝ රත්නය ගරු කරමින්නේ
    අද මහා මැණික් ලෙස ගරු කර මෙළෙසින්නේ
    වඳිනෙමු, පුදමු අපි සැම අද සෙත දෙන්නේ
  236. මෙළෙසින් කියා සැම යහපත සළසවන
    දෙවි සැම එක්ව මුනිඳුගෙ ගුණ කියවමින
    එම දා සැදූ ලෙස මෙම මහ සිත් කුළුණ
    යහපත සදනු ඇත ලොව තතු ගෙන නිතින
  237. යහගුණ බලය ගෙන මුනිඳුගෙ අසම වන
    එම මහ ගුණය දැකගෙන එම රුවන වන
    බුදු, දම්,සඟ ය යන තෙරුවන් ගරු ව ගෙන
    නමදිමු පතමු යැයි පැවසිය එදින තින
  238. එම සක් රජිඳු ගරු කර සෙත් ගුණ දුන්නේ
    යහපත කියා සැමටම අණ පවසන්නේ
    අද සිට සමිඳුන්ට ගරු කර මෙළෙසින්නේ
    සිටිනා සැමට අපි සෙත දෙමු කියමින්නේ
  239. දුන් එම යහ මගද අද මෙහි පවතිනවා
    යහපත් සත් වදන් ලෝකෙට සෙත දෙනවා
    තුම් බල මහා දෙවි බල මතු කරවනවා
    ලෝ සත උතුම් යහපත සැළසුම වෙනවා
  240. යහපත මෙළෙස මුනිඳුගෙ එම ගුණය තුළින්
    වටකර සියලු යහ නැණ බල නැඟුම තුළින්
    අද සෙත නැගේවා මුනිඳුගෙ දහමෙ බලෙන්
    ලොවටම සිසිල වේවා එම ගුණය තුළින්
  241. මහ තුම් ගුණැති තෙරුවන් බල සසර එන
    යහපත් ගුණෙනි මතු කර මුණි රජිඳු දැන
    යහපත පතමි තුන් ලොව සත සිසිල දෙන
    මෙත් ගුණ පතමි සැමටම සෙත සළසවන
  242. ගුණ බල නැගෙන මුනිදුගෙ ගුණය තුළින්
    එම දින එබඳු තැන පෙන්නුව දහමෙ ගුණෙන්
    මහ බල ලබන ලෙස දුන් එම ගුණයෙ බලෙන්
    එම තැන රත්න බල විය එම එබඳු ලෙසින්
  243. මහ බල නැගෙන ලෙස මුනිඳුගෙ ගුණ වතිනි
    යහපත සදන ලෙස එම යහපත් ලෙසිනි
    සැම යහපතම දෙන රන් මිණි පරදමිනි
    තුම් බල රත්න තුන විය බුදු දම් සඟුනි
  244. එම බල රැගෙන අද දින මෙහි පවසන්නේ
    තුන් ලොව දිනුව මුනිඳු ගෙ ගුණ අසිරෙන්නේ
    සැමටම සියළු සෙත වන ලෙස පතමින්නේ
    අද මෙම රත්න සුතුරෙහි මග මය දුන්නේ
  245. යහපත් ගුණෙන් සමවත් ගුණ මතු වන්න
    සැමටම සියලු නැණ බල මතු කරගන්න
    මුනිඳුගෙ දහම මුවගිනි සෙතටම දෙන්න
    සකසන විලස දෙමි මග අද මෙලෙසින්න
  246. යහපත සියලු තැන සුමගම ගෙන දේවා
    මුනිඳුගෙ වදන තුන් ලොව සත සෙත වේවා
    අද මෙම දහම ඇසු සැමටම සෙත දේවා
    තුම් බුදු රජිඳු අණ බලයෙන් සෙත වේවා
  247. යහපත පතා තුම් මුනිඳුගෙ ගුණය ගෙන
    දෙවි බඹ මිනිස් නොමිනිස් සහ සියලු තැන
    තුම් මහ සඟ රත්න සදහම් කියන ගුණ
    එම රත්නයෙහි බල වැදගෙන සෙතෙහි වන
  248. එම තුම් සිසිල වැද සැමටම සෙත වේවා
    එම සදහමෙහි ගුණ ගඟුලට එක් වේවා
    එම පින් බලෙන් සැමටම අසිරිම වේවා
    තුම් බල නිවන් බලයෙන් මෙත අත්වේවා
  249. සැම අය මෙවන් මැණිකක් වන් ගුණ වතිනි
    ලත් එම මහා සඟ ඵල ලත් මග ලෙසිනි
    මිණි පරදවන මැණිකක් ලෙස අද බැතිනි
    පතනෙමි වන්ට මෙම මහ කුසලෙන් නිතිනි
  250. සැමටම සියලු යහපත මතු කර ඒවා
    තුම් බල මහිම තුන් ලොව වෙත සෙත දේවා
    අද සඣායනා දහමින් සුව ඒවා
    සැමටම උතුම් නිවනම අද අත් වේවා

෴ සාදු! සාදු! සාදු! ෴

 

~ අතිපූජ්‍ය වහරක අභයරතනාලංකාර මාහිමිපාණන් වහන්සේ ~

 

දේශනාව උපුටා ගන්නා ලද්දේ : https://waharaka.com/listen/CD014-04

 

උතුම් වහරක සමිඳුන් විසින් රතන සූත්‍රයේ බල මහිමය සමාධිමය පටිභාන කවියෙන් දේශනා කරනා අවස්ථාවේදී පටිගත කර ඇති ආකාරයට එම හඬ 100%ක් පැහැදිලිව නොඇසෙන තැන් මෙම කවි දේශනාව තුළ ඇත. එම ස්ථාන වැරදි ලෙස සටහන් වී තිබෙන්නට පිළිවන. එසේ වුවහොත් එම සියලු වැරදි වල වගකීම රචිත මා වෙත පැවරෙන අතර, කිසි විටෙකත් එම වැරදි වල වගකීම වහරක සමිඳුන් වෙත නොවේවා!

 

සසර දාහය දකිමින් එය නිවාගැනීමෙහි වෙහෙසෙන, උතුම් අමා දහම් සොයන ලෝක සත්වයා වෙත අමා දම් දිය සමීප කිරීමට ගන්නා මෙම උත්සාහය කරුණාවෙන් ඉවසා, එවන් වැරදි ඔබ හට හසු වුනහොත් කාරුණිකව පෙන්වා දී හැම ගේ යහපත පිණිස නිවැරදි කරගැනීමට උපකාර වන්නැයි ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ( admin [at] sadaham-deshana.com )

 

මේ උතුම් දහම් ඇසුරෙන් ඔබ ලබනා සිතිවිලි මාත්‍රයක තරම් හෝ චිත්තප්‍රසාදයක් වේ නම්, ඒ වෙනුවෙන් නැඟෙන සියලු ගරු සරු, උපහාර සිතිවිලි ත්‍රිවිධ රත්නය උදෙසාම වේවා!!!

 

back to top